බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

145 රාජකීය – ශාන්ත තෝමස් මහා තරගය…. රාජකීයෝ මුල් දිනයේ අවසන් කාර්තුවේ තරගයට ප්‍රබල ලෙස පැමිණෙති… ශාන්ත තෝමස් ගමන නවත්වති…

by editor
මාර්තු 7, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දි පැවැත්වෙන145 වැනි  රාජකීය ශාන්ත තෝමස්  නිල් මහා ගැටුමේ  මුල් දිනය අවසන්ය. තේ පානයෙන් පසු  තරගයේ තුන්වැනි කාර්තුවේ දී ප්‍රබල ආගමනයක් සහිතව පැමිණි රාජකීයන්  ශාන්ත තෝමස් කණ්ඩායම ලකුණු 297කට දවාගෙන ඇත.

පිතිකරණයට උචිත තණතිරුව යැයි හඳුන්වා දුන්නත්  කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දු රැකීම රාජකීය නායක  සිනෙත් ජයවර්ධන තේරුවේය.  තරග ආරම්භයේ දී ශාන්ත තෝමස් කණ්ඩායම පෙන්නුවේ අඩුම තරමින් ලකුණු 350ක් වෙත පියාඹන ඉලක්කයකි.

දිවා ආහාරය සඳහා තරගය නරතර කරන විට ශාන්ත තෝමස් කණ්ඩායම ලකුනු 97කට 1 කඩුල්ලකි. දැවී ගොස් සිටියේ ආරම්භක පිතිකරු සදෙව් සොයිසා සමග ශාන්ත තෝමස් ඉනිම ආරමභ කළ   සේනාධි බුලන්කුලමය. ඔහු  ලකුනු 13කට සිනෙත් ජයවර්ධනගේ පන්දුවක් හමුවේ රෙහාන් පීරිස් අතට පහසු උඩපන්දුවක් ලබා දී දැවී යන්නේය.

දිවා ආහාරයෙන් පසු තේ පානය දක්වා කාර්තුවත් තිබුණේ  ශාන්ත තෝමස් කණ්ඩායම අතේය. තේ පානයට තරගය නතර කරන විට ශාන්ත තෝමස් පිළ ලකුණු  174ට කඩුළු 02කි. එම කාර්තුවෙත් දැවී ගියේ එක් කඩුල්ලකි.  ඒ සදෙව් සොයිසාය.  මනරම් පිතිකරණයක නිරත වූ ශාන්ත තෝමස් ආරම්භක පිිතිකරු සදෙව් සොයිසා පන්දු 134කට මුහුණ දෙමින් ලකුණු 83ක් රැස් කරගෙනය. ඊට හතරේ පහර 11කි.  රාජකීය ශාන්ත තෝමස් මහා තරගයක දී ශතකයක් වාර්තා කිරීමේ විරල භාග්‍යය සදෙව්ට ලකුණු 17කින් මගහැරී ගියේය.

තේ පානයෙන් පසු වැඩි ජවයකින් රාජකිය ක්‍රීඩකයෝ තරගයට අවතීර්ණ වූහ.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ශාන්ත තෝමස්  කණ්ඩායමේ අංක 3 පිතිකරු දිනිත් ගුණවර්ධනත් ඒ වනවිට මැනවින් පහන්දුවට පහර දෙමින් සිටියේය. ඔහු    දීර්ඝ ගමනක් යා යුතුව තිබූ පරිචයක් ප්‍රකට කළ පිතිකරුවෙකි. දිනිත් පන්දු 114ක් තුළ සංයමකියන් යුතු පිකරණයක නිරත වුනේය. දුර්වල පන්දු තෝරා ගත්තේ. හතරේ පහර 08ක් එල්ල කළේය.  ඔහු දැවී යන්නේ ලකුණු 50ක් ලබා සිටියදී ය. රමිරු පෙරේරා පන්දු යවමින් ලබා ගත් උඩපන්දුවකින්  දිනිත් ගුණවර්ධන දැවී ගියේය.

දිනෙත් ගුණවර්ධනට පසු පිටියට පැමිණි නායක මහිත පෙරේරා හතරේ පහර හතරක් සහිතව පන්දු 66ක් තුළ ලකුණු 36ක් ලැබුවේය.  ඔහුව කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරගන්නට සිනෙත් ජයවර්ධන සමත් වූයේය.

මැද පෙළ ක්‍රීඩකයෙක් ලෙස වටිනා ඉනිමක් ක්‍රීඩා කළ නේතන් කල්දේරා ශාන්ත තෝමස් කණ්ඩායමට විශාල බලාපොරොත්තුවක් ගෙන එනු පෙනුණි. විශාල පහරවලට නොගොස් කිසිවෙකුට නොදැනෙන ලෙස ලකුණු රැස් කිරීමේ සැබෑ  මැදපෙළ පිතිකරුවෙකුගේ  ගුණය නේතන් පෙන්නුවේය . ඔහුත් අවසානාවන්ත ලෙස සිය අර්ධ ශතකය මගහැර ගත්තේය.  නේතන් කල්දේරා දැවී යන්නේ ලකුණු 44කටය.   රමිරු පෙරේරා ගේ පන්දුවකට බුලන් වීරතුංග  අතට උඩ පන්දුවක් දීමෙන් නේතන් කල්දේරා දැවී යන අවස්ථාව වනවිට රැස් කරගෙන සිටි  ලකුණු 44ට  ඔහු   හතරේ  05ක් එල්ල කර තිබිණි.

අංක 7 පිිතිකරු ආකාශ් ප්‍රනාන්දු ද ලකුණු 29ක් රැස් කළේය. ඊට හතරෙ පහර 02ක ඇතුළත් විය. ආකාශ් රාජකීය පන්දු යවන රනුක මලවිආරච්චිගේ පන්දුවක් කෙලිින්ම කඩුල්ලේ දැවටීමෙන් දැවී යන්නේය.

, තිෂේන් ඇහැලියගොඩ ලකුණු 16ක්   රැස් කළේය.  කවිඳු ඩයස්  ලකුණු 05කි. ඩෙරින්  දියාගෝ ලකුණු 05කි.   අභීත් පෙරේරා  නොදැවී ලකුණු නොලබාය. තේ පානයෙන් අනතුරුව තරගය අවසන්වන තුන්වන කාර්තුවේ දී රාජකීය පිල ලකුනු 123කට ඉතිරි කඩුළු 08ම දවා ගත්තේය.

පන්දු යැවීමේ දී රමිඳු පෙරෙරා ලකුණු 55කට කඩුළු 4ක්, නායක සිනෙත් ජයවර්ධන ලකුණු 68කට කඩුලු 04ක්. ලබමින් කණ්ඩායම වර්ණවත් කළේය.  නෙත්වින් ධර්මරත්න  ලකුණු 15කට කඩුල්ලක් ලැබුවේය.

තරගය දෙවන දිනය ලෙස හෙට ආරම්භ වීමට නියමිතය.

ලකුණු සාරාංශය

ලකුණු සාරාංශය

ශාන්ත තෝමස් කණ්ඩායම 297/10(88.2)

මහිත් පෙරේරා 36, සදෙව් සොයිසා 88, සේනාධි බුලංකුලම13, තිසෙන් ඇහැලියගොඩ 16,  දිනෙත් ගුණවර්ධන 50, නේතන් කල්දේරා 44, ඩේරියන් ඩියේගෝ 05, ආකාශ් ප්‍රනාන්දු 29, කවිදු ඩයස් 05, අශේන් පෙරේරා  05,අභීත් පරණවිතාන නොදැවී 00

පන්දු යැවීම

රනුක මලවිආරච්චි 16-55-1, දිනුර සේනාරත්න 11-33-0,

බුලන් වීරතුංග  13-50-0,  රමිඳු පෙරේරා 13.2-55-4, සිනෙත් ජයවර්ධන 25-68-4, යසිදු  දිසානායක 4-12-0,නෙත්වින් ධර්මරත්න 6-15-1

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉදිරියේ දි යුද හමුදාවෙන් කාන්තා මේජර් ජෙනරාල්වරියන් බලාපොරොත්තු වෙන්න… හෙට එළඹෙන ලෝක කාන්තා දිනය සිහි කරමින්  ආරක්ෂක රාජ්‍ය ඇමති පාර්ලිමේන්තුවේ දි කියයි!

Next Post

පොළොව යට ස්කෑන් කරන යන්ත්‍රයක් නිර්මාණය කර ජනාධිපති සම්මාන ලැබු නිර්මාණ කරුවෙක් එම යන්ත්‍රය වැඩිදියුණු කර පුරාවස්තු හාරන්න යොදාගෙන සිටිය දී අත් අඩංගුවට…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.