මේජර් ජෙනරාල් සංජය වනසිංහ මේ මස 15 දා සිට යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ලෙස පත් කර ඇත.
යුද හමුදාවේ දෙවෙනි ප්‍රධාන තනතුර ලෙස මාණ්ඩලික ප්‍රධානි තනතුර සළකනු ලබයි.
1988 සිට 1991 දක්වා හමුදාපති ලෙස කටයුතු කළ හැමිල්ටන් වනසිංහගේ පුතණුවන් වන සංජය මීට පෙර ශ්‍රී ලංකා හමුදා ස්වෙච්චා බලකායේ 50 වැනි අණ දෙන නිලධාරී ලෙසද කටයුතු කර ඇත.
ඊට පෙර මුලතිව් ආරක්ෂක අංශ ප්‍රධානියා ලෙසද කටයුතු කළ ඔහු දක්ෂ ස්නයිපර් වෙඩික්කරුවකු හා උපදේශකයකුද විය.







