දිනසේන රතුගමගේ
නඩුවකට ඉදිරිපත් කීරීම සඳහා පැමිණි අවස්ථාවේ දී මන්නාරම් අධිකරණ පරිශ්‍රයේ සිට පලාගිය සිරකරුවකු ඉන්දියාවේ තමිල්නාඩුවේ මණ්ඩපම් සරණාගත කචවුරේ සිටින බවට ආරක්ෂක අංශ වලට 21 දා තොරතුරු ලැබී තිබේ.
මෙම සිරකරුවා වවුනියාව බන්ධනාගාරයේ සිට නඩුවක් සදහා මන්නාරම අධිකරණය වෙත රැගෙන ගොස් සිටියදී බන්ධනාගාර නිලධාරීන්ගේ ග්රහණයෙන් මිදී පලාගොස් ඇත.
ඔහුව සෙවීම සඳහා මෙහෙයුමක් දියත් කළ නමුත් ඔහුව සොයා ගැනීමට නොහැකි වූ අතර දින කීපයකට පසුව ඔහු ඉන්දියාවේ සරණාගත කදවුරක සිටින ඡායාරූප කීපයක් ආරක්ෂක නිලධාරීන්ට දැක ගැනීමට හැකි වී තිබේ.
මේ තැනැත්තාව ආපසු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා මන්නාරමේ ආරක්ෂක අංශ යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් උපකාර ලබා ගැනීමට පියවර ගෙන ඇත.







