ෆයිසර් එන්නත ලබාගෙන මාස 6ක පමණ කාලයක් තුල ඉන් ලැබෙන ප්‍රතිශක්තිය හීන වෙන බැවින් වසර කීපයකට පසුව විදේශගතවිමට බලාපොරොත්තුවෙන් සිටින අය මෙම එන්නත ලබා ගැනීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බව ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වයිරස රෝග පිලිබද මහාචාර්ය නීිලිකා මලවිගේ සදහන් කරයි.
මේ අනුව ඔබ මේ මොහොතේ තමන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා ලැබෙන මුල්ම එන්නත ලබා ගැනීමට කටයුතු කරන්නැයිද ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ෆයිසර් එන්නත ලබාදුන් රටවල් මේ වන විට බූස්ටර් එන්නතක් ලබා දීමට තීරණය කර ඇත්තේ ඔවුන්ගේ ශරීරයේ ප්‍රතිශක්තිය හීන වීම හේතුවෙන් යැයිද ඇය පෙන්වාදේ.
කෙසේ නමුත් කොවිඩ් මර්දනය සදහා ඉදිරියේදී ලෝකයේ නව තාක්ෂණයෙන් යුතු එන්නත් නිෂ්පාදනය වනු ඇතිබවත් මේවන විටත් පර්යේෂණ අඛණ්ඩව සිදුකරමින් පවතින බවත් මහාචාර්ය වරිය සදහන් කරයි







