අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ළමා ජාවාරමේ ඇත්ත රටේ ඇත්ත කතාව හෙළි කරයි… අපේ පාස්පෝට් එක බලු වටින්නෙ නෑ… දරුවන් මැලේසියාවට ගෙනිහින් තියෙන්නේ මැලේසියානු පාස්පෝට් එකකින් යුරෝපයේ අධ්‍යාපනයට යවන්න…

by editor
අප්‍රේල් 27, 2024
in පුවත්
Rear view of a college graduate girl

Rear view of a college graduate girl

Share on FacebookShare on Twitter

බොහෝ දෙනාගේ අවධානයට සහ කම්පනයට හේතුවූ  ශ්‍රී ලංකාවෙන් මැලේසියාවට යවන ලද ළමුන් පිළිබඳ  විමර්ශනය කරන විමර්ශන අංශ එම දරුවන් මැලේසියාව වෙත රැගෙන ගොස් ඇත්තේ වෙනත් ජාවාරමක් සඳහා නොව, බොහෝ බටහිර රටවල කිසිම පිළිගැනීමක් නැති ශ්‍රී ලංකාවේ ගමන් බලපත්‍රය වෙනුවට ව්‍යාජ මැලේසියානු ගමන් බලපත්‍රයක් හරහා එක්සත් රාජධානිය, කැනඩාව, ස්වීඩනය වැනි රටවල උසස් අධ්‍යාපන කටයුතුවලට   යොමු කිරීමට බව ආනාවරණය කරගෙන තිබේ.

මේ ජාවාරම හරහා මැලේසියාවට යවන ලද දරුවන් 17ක් පිළිබඳ විමර්ශන කටයුතු කරමින් සිටි විමර්ශන අංශ මේ තොරතුරු තහවුරු කරගන්නේ පුළුල් මෙහෙයුමකින් අනතුරුවය.

මෙම ළමා ජාවාරම ගැන කියැවෙන සියලුම දරුවන් ගැන වාර්තා වූයේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවලිනි.  ඒ සම්බන්ධව වැඩි අවධානයක් සහිතව විමර්ශනය කරන කණ්ඩායම්වලට ජාවාරමට සම්බන්ධව මෙරට පහසුකම් සපයන දේශීය තැරැව්කරුවෙකුව නෙත ගැටී තිබිණි.  මේ පුද්ගලයා පසුපස මාස ගණනක් තිස්සේ හඹා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස්   ජාවාරම් විමර්ශන සහ සමුද්‍ර ආරක්ෂක විමර්ශන අංශයේ   විමර්ශකයින් අදාල තැරැවුකරුවා   යාපනයේ පදිංචි 14 හැවිරිදි දරුවෙක් මැලේසියාවට යැවීමට සූදානම් කරන ආකාරය හෙළි කරගත්තේය.

එතැන් සිට දැඩි අවධානයකින් ඔහු පසුපස හඹා ගිය විමර්ශකයින් පසුගිය සඳුදා (22) මෙම ජාවාරම් කරුත්, 14 හැවිරිදි දරුවාත්, එම දරුවාගේ පියාත් ක්වාලාලම්පූර් වෙත පිටත්වන ගුවන් යානයට ගොඩවන ආකාරය නිරීක්ෂණය කළේය. ඔවුන්ට ක්වාලාලාම්පූර් වෙත පිටත්වන්නට ඉඩහැර මෙම සිද්ධිය පිළිබඳ මැලේසියානු ආගමන විගමන බලධාරීන් දැනුම්වත් කිරීමට විමර්ශකයෝ කටයුතු කළහ.

එම තොරතුරු මත ක්‍රියාත්මක වුන මැලේසියානු ආගමන විගමන අංශ ක්වාලාලාම්පූර් ගුවන්තොටුපලින් බැස එත්ම මෙම තැරැව්කරුවාත්, 14 හැවිරිදි දරුවාත්, පියාත් අත් අඩංගුවට ගෙන රටට ඇතුළු වීමට ඉඩ නොදී යළි ශ්‍රී ලංකාවට පිටුවහල් කළහ.  මේ තිදෙනා යළි කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපල වෙත පැමිණෙන්නේ පසුගිය බදාදා (24) ය.  මුලින්ම ආගමන විගමන නිලධාරින් විසින් ඔවුන් භාරයට ගත් තිදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අනතුරුව ඔවුන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සිද්ධිය පිළිබඳ පුළුල් විමර්ශන ඇරඹෙන්නේ ඉන් පසුය. මේ  පිළිබඳ මූලික විමර්ශනවලින් පසු   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  හෙළි ගන්නේ   මෙම දරුවා මැලේසියාවට ගෙන ගොස් ඇත්තේ  මැලේසියානු ගමන් බලපත්‍රයකින් උසස් අධ්‍යාපන කටයුතු සඳහා යුරෝපීය රටකට යැවීමට බවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් ජාවාරම්, ජාවාරම් විමර්ශන සහ සමුද්‍ර ආරක්ෂක විමර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට අනුව ඩේලි මිරර් වාර්තා කර ඇත්තේ  2023 මුල් මාස කිහිපය තුළ ජාවාරම් කාරයින් නීති විරෝධී ලෙස ලංකාවෙන් මැලේසියාව වෙත රැගෙන ගිය  ළමුන් 17 දෙනාම රැගෙන ගොස් ඇත්තේ  විදේශ රටවල අධ්‍යාපනයට යොමු කිරීම මුල් කරගෙනම  බවට   විශ්වාස කළ හැකි තොරතුරු ලැබී ඇති  බවය.

දරුකමට හදා ගැනීමක් සඳහා හෝ කිසියම් ශාරීරික අවයවයක් ලබා ගැනීම සඳහා ළමයින් ජාවාරම් කිරීමේ අදහස සම්පූර්ණයෙන්ම බැහැරකළ නිලධාරියා   ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයට ඇතැම් බටහිර රටවල ඇති පහළ පිළිගැනීම හේතුවෙන් බටහිර රටවල අධ්‍යාපනයට දරුවන් යොමු කිරීමේ අභිලාෂයෙන් පසුවන දෙමව්පියන් ඉලක්ක කරගෙන මිනිස් ජාවාරම්කරුවන්  මෙම ජාවාරම දියත් කර    ඇතැයි පෙන්වා දී ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රජයේ විදේශ ණය ප්‍රමාණය  2023 තුළ කැපී පෙනන වැඩිවීමක්… දැන් ණය ඩොලර් බිලියන 38.4ක්…  මහ බැංකුව හෙළි කරයි…

Next Post

කඩිනම් සංවර්ධනයක් සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට මිලියන 100යි… නැවත ජනපති වෙන්න රනිල් ගම් අල්ලන්න හදන හැටි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.