විහාර භූමියක් සහ දායක සභාවේ අයිතිය කූට ලේඛන යොදාගනිමින් අයිති කරගත් බව කියන හතලිස් පස් වියැති හිමිනමක් තෙල්දෙණිය මහේස්ත්‍රාත් දිසා විනිසුරු දේවිකා චතුරංගනී ජයවර්ධන විසින් ඔක්තෝබර් නව වෙනි දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.
මේ වන තෙක් කළ පරීක්ෂණ මඟින් තෙල්දෙණිය පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට අනාවරණය වී ඇති කරුණු අනුව හිමිනම විසින් ප්‍රාදේශීය ලේකම්වරියගේ සහ බෞද්ධ කටයුතු පිළිබඳ සමායෝජක ගේ අත්සන් කූට ලෙස යොදාගනිමින් කූට ලේඛණ සකසා ඇති බවත් සිය ජාතික හැඳුනුම්පත සහ උප්පැන්න සහතිකය කූට ලෙස සකසා ඇති බවත්ය.
මේ දේපල වංචාව සිදුකර ඇත්තේ කන්දෙ විහාරයේ වාසය කළ ඉසුරුපුර සිද්ධාර්ථ නැමැති හිම නමකි. .
හිමිනමක් විසින් තෙල්දෙණිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත සැකකාර හිමි නම තෙල්දෙණියෙ පොලිසියේ නිලධාරීන් විසින් ඉකුත් 25 වැනි දින දිගන නගරයේදී අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කොට පරීක්ෂණ පවත්වා තිබේ.
අනතුරුව බී වාර්තාවක් මගින් සැකකාර හිමිනම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර කිරීමට මහේස්ත්‍රාත්වරිය කටයුතු කර ඇත.
මෙම හිමිනම ම ප්‍රදේශයේ විහාරස්ථාන රැසක හිමිවරු සමග වරින් වර ගැටුම් ඇතිකරගෙන ඇති බවත් ඒ ඒ ගැටුම්වලදී මෙයට පෙර අවස්ථාවකදී අධිකරණය හමුවට ද ඉදිරිපත් කර ඇති බවත් දැනගන්නට තිබේ.
තවද මෙයට පෙර හිමිනමගේ ක්‍රියා කලාපයේ ඇති ගැටළුකාරී තත්ත්වයන් මත තෙල්දෙණිය අධිකරණයේ විසින් වසර දෙකක් යහපත් කල්ක්‍රියාවෙන් ගත කරන ලෙස හිමිනමට දැඩි අවවාද කොට රුපියල් ලක්ෂ දෙක ශරීරය ඇප මත මුදා හැරීමට තෙල්දෙණිය අධිකරණය කටයුතු කර ඇති බව ද අනාවරණය වෙයි
සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි







