බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හොර පාරෙන් රට ගිය ලාංකිකයන් එක්ලක්ෂ දසදහසක් අවදානමක

විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ හෙළිකරයි

by editor
ජූලි 4, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

දේශීය හා විදේශීය ශ්‍රමික ලේඛනවලට අයත් නොවන අක්‍රමවත් ලෙස විදේශ රැකියාවලට පිවිස සිටින 110,000කට ආසන්න පිරිසක් ලෝකයේ විවිධ රටවල සිටින බවට ගණන් බලා ඇති බවත් ඔවුන්ට ‍වෛද්‍ය පහසුකම් ඇතුළු සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලබාගැනීමට ඒ ඒ රටවලදී සුදුසුකම් නොලබන අතර හඳුනාගත හොත් පිටුවහල් කිරීමේ අවදානමක්  පවතින බවත් විදේශ අමාත්‍යංශ ලේකම් රවිනාථ ආර්යසිංහ  පෙන්වා දෙයි. කුවේටයේ පමණක් මෙවැනි අවිධිමත් ශ්‍රි ලාංකික සංක්‍රමණිකයින් 18,000ක් සිටින බවට එරට බලධාරීන්  ශ්‍රි ලංකා බලධාරීන් දැනුවත් කොට ඇතැයි ද ඔහු පවසයි.

විදේශ ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා ශ්‍රි ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ 33 වැනි වාර්ෂික සමුළුව වෙනුවෙන් පැවති  අන්තර්ජාල සමුළුවකදී අදහස් දක්වමිනි. ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදය උදෙසා විදේශ රැකියා නියුක්තියේ කාර්යභාරය; අභියෝග සහ ඉඩප්‍රස්ථා මැයෙන් තම දේශනය කළ ආචාර්ය රවිනාථ ආර්යසිංහ පවසන්නේ ඉදිරියේදී විදේශ රැකියා නියුක්තිය සඳහා අපට ඇති වෙළෙඳපොල කුඩා විය හැකි බවය. මෙම තත්ත්වයට වඩාත් සුහුරු ලෙස මුහුණ දීම අත්‍යවශ්‍ය කරුණක් බව ඔහු මෙහිදී අවධාරණය කළේය.

දීර්ඝ දේශනයක් කළ විදේශ ලේකම්වරයාට අනුව  නීත්‍යානුකූලව රැකියා සඳහා විදේශගත වූවන් සඳහා වුවද, කොවිඩ් -19 වසංගතයේ  ප්‍රතිඵලයක් ලෙස රැකියා වෙළඳපොල හැකිලීම – විරැකියාව වැඩිවීම, කොන්ත්‍රාත්තු අහිමිවීම, රැකියා බලපත්‍ර දීර්ඝ නොකිරීම සහ තාවකාලිකව ස්වයං සේවයේ නියැලීම නතර කිරීමට සිදු වී ඇත. ඒ හේතුවෙන්  ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් විශාල වශයෙන්  අසරණභාවයට පත්වී ඇත. උදාහරණයක් ලෙස සෞදි අරාබියේ ශ්‍රී ලාංකිකයන් 130,000 ක් සිටින බවට ගණන් බලා ඇති අතර ලැබී අති තොරතුරු අනුව , ගෘහ සේවිකාවන්, ගෘහ රියදුරන්, ගෙවතු වවන්නන්, ගෘහ පාලිකාවන් (ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන්ගෙන් දළ වශයෙන් 35% ක්) ඇතුළු ගෘහස්ථ අංශයේ සේවය කරන අයගේ රැකියා  සාපේක්ෂ වශයෙන් වඩා ආරක්ෂිත බවට සාක්ෂි තිබේ.

කොවිඩ් -19 වසංගතය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති ප්‍රධාන අංශය වන්නේ,  වේටර්වරුන්, සුලු සූපවේදීන්, කැබ් රියදුරන් යනාදීන් ඇතුළත් වන සේවා අංශයේ කාර්යමණ්ඩලවල බොහෝමයක් ඇතුළත් වන අර්ධ නිපුණතා අංශයයි. ගෘහස්ථ අංශයේ රැකියාවලින් අහිමි වී ඇත්තේ 9% ක් පමණක් වන අතර රැකියා අහිමිවීම් වලින් 72% ක් ‘අර්ධ නිපුණතා’ අංශයෙන් වාර්තා වී තිබේ.

 “මැදපෙරදිග ඇතුළුව ශ්‍රමය ලබාගන්නා ප්‍රධාන රටවල ආර්ථිකයන්ගේ හැකිලීම හේතුවෙන් මේ වසරේ සංක්‍රමණික සේවක සංඛ්‍යාවේ බරපතල අඩුවීමකට තුඩුදිය හැකියි. ශ්‍රී ලංකාවෙන් විදේශ රැකියා සඳහා සාමාන්‍යෙයන් මාසයකට 17000ක් පමණ පිටත් වුණා. මේ වනවිට එය සම්පූර්ණයෙන්ම නතර වෙලා. මාර්තු මැද සිට මැයි අවසානය දක්වා ශ්‍රී ලාංකිකයින් සඳහා අහිමි වූ විදේශ රැකියා අවස්ථා ප්‍රමාණය 37,500 ක් පමණ වන බව අධ්‍යයනවලින් හෙළි වී තිබෙනවා.“

“මෙරටින් ගියවිදේශ ගත සේවයට ගිය අය අතරින් නීති විරෝධීව ගිය අය කොවිඩ් 19 වසංගතය හමුවේ විශාල අභියෝයකට මුහුණ දුන්නා. එයට හේතුව සියලුම සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලබා ගැනීමට ඔවුන් නිසිලෙස ලියාපදිංචි වී විදෙස්ගත වීම අත්‍යවශ්‍ය වීම නිසයි. මේ වනවිට ලක්ෂ 15ක් පමණ ශ්‍රි ලාංකිකයන් විදෙස් ගත සේවයේ කටයුතු කරන බවට ගණන් බලා ඇතත් ඔවුන් දිගින් දිගටම විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිය යාවත්කාලීන කරගෙන නොමැති බව පෙනෙනවා. මෙවැනි තත්ත්ව හේතුවෙන් යම් සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලබා ලැනීමේ දුෂ්කරතාවලට අප මුහුණ දුන්නා. “

සාමාන්‍යෙයන් එවැනි ලියාපදිංචි නොවන අය මෙම සමාජ ආරක්ෂණවලට අයත් නොවූවද කොවිඩ් 19 වසංගතය හමුවේ ඒ පිළිබඳව නොසලකා කටයුතු කිරීමට විදේශ අමාත්‍යංශය සහ දූත මණ්ඩල ක්‍රියා කළ බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

Tags: නවතම
Share77Tweet43
Previous Post

කොළඹ වරාය ගැන සොයන කමිටුවේ අමාත්‍යංශ ලේකම්වරු සිව් දෙනෙක්

Next Post

කොටින්ට පණ දෙන්න ගිය තරුණයා කොටි බඩු මුට්ටු ගැන හෙළි කරයි.

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.