සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හොරණ ද්විත්ව ඝාතනයේ ඝාතකයා ලෙස හැඳින්වීමෙන් පසු ඝාතනය වූ ගුවන් හමුදා රග්බි ක්‍රීඩකයා සැබෑ අපරාධකරු ද?… 

by editor
අප්‍රේල් 12, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

හොරණ මාලොස්ඇල ප්‍රදේශයේ ද්විත්ව ඝාතනයට සම්බන්ධ යැයි සැක කර පොලිස් වෙඩි පහරින් ඝාතනය වූ ගුවන් හමුදා රග්බි ක්‍රිඩක රාජපක්ෂ පතිරගේ දිමන්ත ලක්මාල් මරණයට පත් වී ඇත්තේ උදරයට සහ  පපුවට වැදුන වෙඩි ප්‍රහාර දෙකකින් අභ්‍යන්තර අවයවවලට හානි වීම නිසා බව මරණ පරීක්ෂණය සිදුකළ අවිස්සාවේල්ල අධිකරණ වෛද්‍යවරුන් විසින් නිගමනය කර තිබේ.

ඔහුගේ උකුල් ඇටයට පහළින්  කලව ප්‍රදේශයට ද වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබී ඇත.

අධිකරණ වෛද්‍ය අංශ පවසන්නේ මිය ගිය තැනැත්තා මත්ද්‍රව්‍ය භාවිත කර සිටියා ද නැද්ද යන්න සම්බන්ධව නිගමනය කළ හැක්කේ මිය ගිය පුද්ගලයාගේ මුත්‍රා සාම්පලයක් පරීක්ෂා කිරීමෙන් හෝ රුධිර සාම්පලයක් රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් ලබා ගැනීමෙන් පමණක් බවය.

රස පරීක්ෂකවරයාට යවන රුධිර සාම්පලයක වාර්තාව පැමිණීමට සති කීපයක් ගතවිය හැකි බව ද එම අධිකරණ වෛද්‍ය ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත් දැනගන්නට ඇති පරිදි එවැනි පරීක්ෂණයක් සිදුකර නැත.

ඝාතනයට ලක් වූ රගර් ක්‍රීඩකයා සම්බන්ධව කළ විමසීමක දී ගුවන් හමුදා ආරංචි මාර්ග ප්‍රකාශ කළේ වසර 15ක ගුවන් හමුදා සේවා ඉතිහාසය තුළ මෙම හමුදා සෙබලාගේ එකම විනය විරෝධී කටයුත්තක්වත් වාර්තා වී නැති බවය.

RelatedPosts

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

එමෙන්ම ඔහු රන් පදක්කම් ලාභී ජාතික මට්ටමේ රගර් ක්‍රීඩකයෙක් බැවින් ඔහු ඉදිරිපත්වන සෑම තරගාවලියකදීම ජාතික මට්ටමින් සිදුකරන තහනම් ඖෂධ භාවිතය පිළිබඳ තහවුරු කරන පරීක්ෂණවලට යටත්වන බවත්. ඒ කිසිම අවස්ථාවක ඔහුට මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ  චෝදනාවක් ගොනු වී නැති බවත් ගුවන් හමුදා ආරංචි මාර්ග කියන්නේය.

තවද මෙම මෙම කෝප්‍රල්වරයා රගර් ක්‍රීඩාවම පුරුදු කරන, එහි නියැලෙන ක්‍රීඩකයෙක් බැවින් ඔහුගෙන් ගිනි අවි භාවිතයේ ශඛ්‍යතාවය සම්බන්ධව අපේක්ෂා නොකරන බව ද සිදුවී ඇති ඝාතනය පළපුරුදු ගිනි අවි භාවිතා කරන්නෙක් විසින් සිදුකළ   ප්‍රහාරයක් බව මූලික අධ්‍යයන්හිදී ම පෙනී යෑම සැලකිය යුතු යැයි ද එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේය.

කෙසේ වෙතත් ගුවන් හමුදාව නිල වශයෙන් ප්‍රකාශ කළේ  සාපරාධී ක්‍රියාකාරකමකට සම්බන්ධ  නිලධාරීන්ගේ ඕනෑම සම්බන්ධයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව බැරෑරුම් ලෙස සලකන අතර, සිද්ධිය විමර්ශනය කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ සමීපව කටයුතු කරන බවය.

මීට අමතරව  සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් හමුදාපතිවරයා ගේ නියෝගය මත ආරක්ෂක අමාත්‍යාංශය සමග සම්බන්ධව  විශේෂ අභ්‍යන්තර  පරීක්ෂණයක් ද ආරම්භ කර තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රිය අනතුරු නිසා අවුරුද්දකට සිදුවන ආර්ථික හායනය ඩොලර් බිලියන 2.3ක්…  ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ග අනතුරු වැලැක්වීමේ විද්වත්  කමිටුව හෙළි කරයි!

Next Post

කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ අංශයට අති නවීන සි.ටී. ස්කෑන් යන්ත්‍රයක්… විටිනාකම මිලියන 220ක්…

Related Posts

පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
පුවත්

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  
  • මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….
  • පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.