බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හේළි මිය ගියේ නිර්වින්ද එන්නත්කින්….

by editor
දෙසැම්බර් 8, 2023 - Updated on දෙසැම්බර් 9, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ – දිලංගා ගෝමස් –

හේළි මිය ගියාය. ඇයගේ මරණය සිදුවූයේ ඊයේ (07) ය. මරණය කාටත් පොදුය. එහෙත්  හේළි මෙසේ  මිය යන්නට නොසිටි බවට වූ කතා ඇයගේ මරණයත් සමග ඇසෙන්නට වූයේය.

හේලි ගැන ලියන්නට අප පොළඹවන්නේ ඒ කාරණාවය.

හේලි දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටින ‍ අප්‍රිකානු වර්ගයේ (ගැහැණු) ජිරාෆ්  සත්වයින් දෙදෙනාගෙන් අයෙකි. ඇයට රෝගී වූයේ ඉදිරි පාදයේ කුරයක ඇති වූ ආසාදනයක් නිසාය . ඇය හිටියේ  පාදයේ ආබාධයට ප්‍රතිකාර ලබමිනි.

මෙම ආබාධ තත්ත්වයට ප්‍රතිකාර කිරීම සඳහා පසුගිය 6 වන දින එම සත්ත්වයා නිර්වින්දනයට ලක් කළේය.  එහෙත්   ඒ නිර්වින්දනයෙන් ඇය යළි නැගිට්ටේ නැත.  ඇය අවසන් ගමන් ගියාය.

අප්‍රිකානු ජිරාෆ් යුවලකට දාව 1993 වර්ෂයේදී ශ්‍රී ලංකවේ උපත ලැබූ “හේලි”  මිය යන විට 30 වන වියේ පසුවූවාය. දෙහිවල සත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරුන් විසින් සිදු කරන ලද වැරදි එන්නත්කරණයකින් ඇය මිය ගිය බව  ශ්‍රී ලංකා පොදු ජන සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු දෙහිවල සේවක සංගමය චෝදනා  කළේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

දැන් සත්ත්වෝද්‍යානයට ඉන්නේ එක් ජිරාෆ් සතෙක් පමණි. හුදකලා වූ එ් සතාගේ ඉදිරි පැවැත්ම සම්බන්ධව කුමක් වේදැයි අවිනිශ්චිතය.

පසුගිය වකවානුව පුරාම අපට අසන්නට ලැබුනේ දෙහිවල සත්ත්වෝද්‍යානය තුළ මිය ගිය සතුන් ගැනය. ජීවිතයට වඩා මරණයට ලං වී සිටින සතුන් සත්ත්වොද්‍යානයකින් වාර්තා වීම මහා ඛේදවාචකයක් වැනිය.

සත්වෝද්‍යානය තුළ මිය යන ඕනෑම සතෙකු පිළිබඳ  විධිමත් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරනු ලැබේ. මිය ගිය “හේලි” සම්බන්ධයෙන් ද නිර්පාක්ෂික විධිමත් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවට ජාතික සත්වෝද්‍යාන නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනුෂිකා මානවඩු පවසන්නීය.

සතෙක් මිය ගිය පසු පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා තේරුමක් ඇත්දැයි අපට වැටහෙන්නේ නැත. ජීවත්ව  සිටින කාලය තුළ අවශ්‍ය රැකවරණය සහ ආරක්ෂාව නොලැබෙන්නේ නම් එවැනි සත්ත්වොද්‍යාන පවත්වා ගැනීමේ තේරුමක් නැති බව පමණක් ලියා තැබිය යුතුය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොලේ වසා ගහන්නට ගිය විදුලි පනතේ ඇත්ත පාර්ලිමේන්තුවේ දි හෙළි වුන හැටි…

Next Post

ත්‍රිපෝෂවල තිබිය හැකි ඇෆ්ලටොක්සින් අන්තර්ගය 10 ගුණයකින් වැඩි කර කැබිනට් අනුමැතිය ලැබුණත් යළි ඒ ගැන විශේෂඥ මතය විමසනවා – සෞඛ්‍ය ලේකම් කියයි!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.