සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෙල්මුට් කෝල්… පඩංගු ජාතියක් විසින් අමතක කල මහා පුරුෂයා පිළිබඳ කතාව!

by editor
මාර්තු 29, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් පසුගිය  27 දා  “ජර්මන් – ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල”  විවෘත වුනේය.  රොහල මහල් හයකින් යුක්ත වූයේය.    ඇඳන් 640කින්, ශල්‍යාගාර 6කින්, හදිසි ප්‍රතිකාර ඒකක, දැඩි සත්කාර ඒකක, රසායනාගාර, ළදරු දැඩි සත්කාර ඒකක, විශේෂ ළමා ඒකක, ඇතුළු සියලු නවීන වෛද්‍ය පහසුකම්වලින් සමන්විත විය අප ජලය පිරිසිදු කර මුදා හැරිමේ ඒකකයකින් ද යුක්ත ය.

මේ සියල්ල ආරම්භ වූයේ 2004 සුනාමියෙන් පසුවය.

හිටපු ජර්මන් චාන්සල්ර් හෙල්මුට් කෝල්    ශ්‍රී ලංකා රජයේ දිගුකාලීන මිතුරෙකු විය. ඔහු නිල වශයෙන් සහ නොනිල වශයෙන් ශ්‍රී ලංකාවට බොහෝ වාරයක් පැමිණියේය. උදව් කළේය. නිවාඩුව ගතකිරිම සඳහා බොහෝ වාරයක් ඔහු ලංකාවට පැමිණියේ.

2004 වසරේ දෙසැම්බර් මාසයේ දී   කෝල් පුද්ගලික නිවාඩුවක් සඳහා මෙරටට පැමිණ හබරාදූව, තල්පේ ප්‍රදේශයේ සංචාරක හෝටලයක නැවති සිටියේය. මෑත කාලයේ  මේ රටේ සිදුවූ බිිහසුණුම ස්වභාවික ව්‍යසනය වූ සුනාමි අනතුර සිදුවන්නේ චාන්සලර්වරයාගේ මේ සංචාරය අතරතුරය.  හෙල්මුට් කෝල්  ලංකාවට පැමිණ සිටින බව ශ්‍රි ලංකා රජය දැනගන්නේ  ජර්මානු තානාපති කාර්යාලය විසින් ඔහු ලංකාවට පැමිණ සිටින බව ප්‍රකාශ කළ විටය.    දැඩි පරිශ්‍රමයකින් අනතුරුව චාන්සලර්වරයා මරණයෙන් බේරා ගැනුනි.  එහෙත් ඔහු දකුණු පළාතේ සිදුවු දැවැන්ත අනතුර සජිවීව දුටුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඔහුව කම්පාකළ අතිශය බිහිසුණු ව්‍යසනය සිදුවූයේ මහමෝදර මාතෘ රෝහලේය. රෝහල සිය ගණනක් සිඟිත‍්තන් සහ ගැබිණි මව්වරුන් සමග දියබත්ව බිඳවැටුණේය. බිඳවැටුණ මහ මෝදර රෝහල වෙනුවට නව මාතෘ රෝහලක්  ඉදිකිරිමට  හෙල්මුට් කෝල් හිටපු චාන්සලර්වරයා යෝජනා කරන්නේය.

ජනාධිපති විවෘත කළ මාතෘ රෝහල ඉදිවීමට පදනම වැටෙන්නේ එසේය.

ජනපති ජර්මානු තානාපති සමග එක්ව රෝහල විවෘත කරමින්…

රෝහල  ඉදිකිරිම ආරම්භ වන්නේ වර්ෂ 2006 දීය. ඒ වාර්මාර්ග දෙපාර්තමේන්තුවෙන් පවරා ගත් අක්කර හතරක ඉඩමකය.  කෙසේ වෙතත් රෝහල ආරම්භ වි මාස නවයක් ගතවනවිට සෞඛ්‍ය බලධාරීන්ගේ අක්‍රමිකතා  සහ දූෂණ, අකාර්යක්ෂමතාවය මෙන්ම උදාසීනත්වය පිළිබඳවත් චෝදනා එල්ල විය. වර්ෂයක් ගතවත්ම රෝහල ඉදිකිරීම සම්බන්ධ බරපතල විසංවාදයක් ඇති විය.  මෙම ඉදිකිරිම් පරිශ්‍රය පරික්ෂා කිරීමට පැමිණි ජර්මානු නියෝජිතයෝ අතිශය කලකිරීමට පත් වූහ. ඔවුන් කීවේ රජය මේ සම්බන්ධ මීට වඩා වැඩි වගකීමක් භාරගත යුතු බවය.

ව්‍යාපෘතියේ වැඩ නැවතී තිබිණි. එවකට මෙම ඉදිකිරිම් සම්බන්ධීකරණය කළ SENOC Trade ආයතනය වර්ෂ 2011 දී  සන්ඩේ ටයිම්ස් පුවත්පතට පැවසුවේ,   Helmut Kohl පදනමේ අරමුදල් සිඳී යාම නිසා වැඩ නතර කිරීමට සිදු වූ බවයි.

මේ අතර 2017 ජූනි මස 16 වැනිදා සිය විශිෂ්ට ව්‍යාපෘතියේ ප්‍රගතිය දෑසට නොබලා හෙල්මුට් කෝල් චාන්සලර්වරයා අවසන් ගමන් ගියේය.

මරණයෙන් පසු හිටපු සෞඛ්‍ය ඇමතිවරයා කීවේ තම අභිලාෂය වූයේ රෝහලේ වැඩ නිමා කර ඔහු ලංකාවට ගෙන්වා ඔහු අතින් රෝහල විවෘත කිරිම බවය.  ඔහු ශ්‍රී ලංකාවට කළ සේවයට ගෞරව කිරීමක් වශයෙන්   ජර්මානු හිටපු චාන්සලර් හෙල්මුට් කෝල් සිහිකර කරාපිටියේ ඉදිවෙමින් පවතින මාතෘ රෝහල හෙල්මුට් කෝල් මාතෘ රෝහල ලෙස නම් කරන බව ඔහු  රටට සපථ වුනේය.

කෙසේ වෙතත් කෝල් මැරි අවුරුදු 07කට පසු එනම්  2024 මාර්තු මස 27 කරාපිටිය මාතෘ රෝහල විවෘත කළේය.    ඉදි කිරිම සඳහා ජර්මන් රජය විසින්   ආධාර ණය මුදලක් ලෙස    යුරෝ මිලියන විසි පහක් (රුපියල් කෝටි 357ක්) ප්‍රදානය කර තිබිණි.

ජර්මන් චාන්සලර් හෙල්මුට් කොල් සිය පුද්ගලික අරමුදලෙන් ප්‍රදානයක් ලෙස ලබා දුන් මුදලින් ආරම්භ වූ  රෝහල විවෘතකරන විට ඒ විවෘත කිරීමේ විභූතිමත් ප්‍රභූවරයා වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහය. සෞඛ්‍ය ඇමති රමේෂ් පතිරණම පවසන පරිදි ඔහු 2010 දී දේශපාලනයට පැමිණීමේ ප්‍රධාන අභිලාෂ දෙකෙන් එකක් මෙම රෝහල ඉදිකිරිම් නිමා කර ජාතියට ලබා දීමය. ඒ සඳහා ඔහුට තවත් 14 වසරක් ගත විය. ඔහුත් ජනාධිපතිවරයාත් නාම මාත්‍රිකව හෙල්මුට් කෝල් ගැන පැවසුවේය.

එහෙත් ඒ විභූතිමත් මිනිසා ඒ උත්සවයෙන් ගැලවී ගොස් තිබිණි. ඔහුගේ ප්‍රාර්ථනා සහිත මානව ගුණයට අගයක් තිබුණේ නැත.  අප පඩංගු ජාතියක් සේ හැමදාම හිඟාකන අශිෂ්ටභාවයේ තරම මෙනෙහි කරගැනීමට දැන් සිහිවටනයක් තිබේ.

යන එන ගමන් දකුණු ආසියාවේ විශාලම මාතෘ රෝහල දෙස බලා ජාතික කුපාඩිකම මෙනෙහි කරගන්න…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මැතිවරණ දෙකම කල් දැමීමේ සූදානමක්… රට නොහිතන කතාවක් රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිදරව් කරයි!

Next Post

මහාචාර්ය රන්ජිත් බණ්ඩාර දිළුම් ගේ ලේකම්වරියකට තර්ජනය කරලා… ලේකම්වරිය පොලිසි යයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.