අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෙරොයින් ග්‍රෑම් 3යි මිලි ග්‍රෑම් 303කට අවුරුදු 21 නඩු අසා සැකකාරියක් ජීවිතාන්තය දක්වා හිරේට යවයි

by editor
ජනවාරි 14, 2021
in පුවත්
Prisoner in prison with handcuff

Prisoner in prison with handcuff

Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය –

  • අත්අඩංගුවට ගත්තේ 2000 අවුරුද්දේ… 
  • එතකොට වයස 20යි. 
  • ජීවිතාන්තය දක්වා හිරේට යනකොට වයස අවුරුදු 41යි…

වයස අවුරුදු 20 දී හෙරොයින් ග්‍රෑම් 8යි මිලි ග්‍රෑම් 404ක් සන්තකයේ තබාගෙන සිටිය දී අත්අඩංගුවට ගෙන හෙරොයින් ජාවාරම සම්බන්ධව නඩු පැවරූ තරුණියකට අවුරුදු 21කට පසු ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වීමේ පුවතක් බලපිටිය මහාධිකරණයෙන් වාර්තා විය. 

සිද්ධිය වාර්තා වන්නේ මෙසේය.

විසි හැවිරිදි තරුණියක් හෙරොයින් ග්‍රෑම් 8යි මිලි ග්‍රෑම් 404ක්  සන්තකයේ තබාගෙන සිටියදී අහුන්ගල්ල, වැලිකන්ද ප්‍රදේශයේ දී 2000 අගොස්තු 23 දින  ඇල්පිටිය කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය මගින් අත් අඩංගුවට ගත්තේය. අනතුරුව විමර්ශන කටයුතු සඳහා ඇයව කොස්ගොඩ පොලිසියට භාර දී තිබිණි.

අත්අඩංගුවට ගත් සැකකාරියට එරෙහිව කොස්ගොඩ පොලීසිය මගින් හෙරොයින් සන්තකයේ තබා ගැනීම හා හෙරොයින් ජාවාරම් කිරීම යනුවෙන් චෝදනා දෙකක් ගොනු කර අංක 24963 යටතේ බළපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට පියවර ගත්තේය. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කොස්ගොඩ පොලීසිය, අත් අඩංගුවට ගන්නා ලද හෙරොයින්  ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යැව්වේය. අත්අඩංගුවට ගත් බව කී හොරොයින් ග්‍රෑම් 8යි මිලිග්‍රෑම් 404ක් වුවද රස පරීක්ෂක වාර්තාව අනුව ඇය සන්තකයේ තිබූ බව කියැවුනේ හෙරොයින්   ග්‍රෑම් 03 යි මිලිග්‍රෑම් 210 කි. 

මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුකටයුතු අවසන් වීමෙන් අනතුරුව නඩුව අංක 1873 යටතේ බළපිටිය මහාධිකරණයට යොමුකර විය. පුරා අවුරුදු 21 නඩුව ඇසුනේය.  දැන් ඇයගේ වසය අවුරුදු 41කි. අහුන්ගල්ල, වැලිකන්දේ පදිංචි ඉන්දුවාදුර අනුෂා ද සිල්වා නැමැති මේ කාන්තාවට අදාල නඩුවේ තීන්දුව ඊයේ (13) ප්‍රකාශයට පත් වුණේය.

හෙරොයින් ළග තබාගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වරදකරු බවට තීන්දු කළ ඇයට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කිරීමට බළපිටිය මහාධිකරණ විනිසුරු කුමාරි එම් අබේරත්න නියම කළාය.  

වසර 21 ක කාලයක් පුරා පැවති මෙම නඩු විභාගයේදී සැකකාරියට එරෙහි  පැමිණිල්ලේ චෝදනා සැකයකින් තොරව ඔප්පු කර තිබෙන බව  වැඩි දුරටත් පෙන්වා දුන් මහාධිකරණ විනිසුරුවරිය සැකකාරිය හෙරොයින් ලඟතබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා දෙකටම වරදකරු වී තිබෙන හෙයින් අනාගත පරපුර රැක ගැනීමේ අරමුණින් මෙම දඩුවම් නියම කරන බව ප්‍රකාශ කළාය. 

ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ එවකට පොලිස් සැරයන්වරුන් වන පෙරේරා (5736), අසේල (1984), පොලිස් කොස්තාපල්වරුන් වන විමලරත්න (5871), සංජීව (32821), කාන්තා පොලිස් සැරයන් සන්ධ්‍යා (2886) සැකකාරිය අත් අඩංගුවට ගෙන තිබෙන අතර කොස්ගොඩ පොලීසියේ පොලිස් සැරයන් ප්‍රියන්ත (59725) සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් නඩුකටයුතු මෙහෙයවීය.

 

  

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙවෙනි දෝෂාභියෝගයෙනුත් පැරදුණු ට්‍රම්ප්  පරාජිත ජනාධිපතිවරුන් අතර වාර්තාගත වෙයි 

Next Post

දළදා වහන්සේට පොත් පූජා කර ලෝක වාර්තාවක් තියන්න යන මහාමායා සිසුවියෝ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.