මහනුවර සියලුම ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරන වෙළෙඳ සංගම් ඒකාබද්ධව සියලු වෙළෙඳසල් වසා දමා හෙට උදෑසන 11 සිට දහවල් 1 දක්වා සේවයකින් සමග මහමගට බැස උද්ඝෝෂණයක් කිරීමට සැලසුම් කර තිබේ.
රටේ ආර්ථික අස්ථාවරභාවය ඇතිකරනු ලැබූ සැලසුම් සහගත නොවන ප්‍රතිපත්ති සහ හැසිරීම්වලට විරෝධය පලකරමින් මෙම උද්ඝෝෂණය සංවිධානය වී ඇත.
මේ සම්බන්ධව අවසන් තීන්දුව ඊයේ රැස් වූ මහනුවර සියලුම වෙළෙඳ සංගම් විසින් රැගෙන තිබිණි.
විරෝධතාවය සඳහා මහනුවර මුස්ලිම් වෙලෙඳ සංගමය, මහනුවර හින්දු හින්දු වෙළෙඳ සංගමය, මහනුවර ටොරින්ටන් වෙළෙඳ සංගමය, මධ්‍යම වෙළෙඳ සංගමය, සිංහළ වෙළෙඳ පෙරමුණ, කටුගස්තොට වෙළෙඳ සංගමය, මැණික්කුඹුර ආර්ථික වෙළෙඳ සංගමය, පේරාදෙණිය වෙළෙඳ සංගමය යන සංවිධාන අට අත්වැල් බැඳගෙන ඇත.
විරෝධතා ව්‍යාපාරයෙන් අනතුරුව රටේ ආර්ථිකය සමාලෝචනය කරමින් රජයට ආර්ථික ස්ථාවරභාවය ඇති කරගත හැකි ප්‍රායෝගික වැඩපිළවෙළක් සහිත යෝජනාවලියක් ද ඉදිරිපත් කරන බව මහනුවර සිංහල වෙළෙඳ පෙරමුණේ ජ්‍යෙෂ්ඨ උප සභාපති යසස් චන්ද්‍රසේකර ලංකාසරට පැවසීය.
Discussion about this post