fbpx
ඉරිදා, මාර්තු 26, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෙට දැවැන්ත වැඩ වර්ජනයට සියල්ල සූදානම් ! 80 ජූලි වර්ජකයින්ට වූ දේ යළි සිදුවිය හැකි අයුරු රජය ඉඟි කරයි…

දේපල රාජසන්තක කිරීමේ වජිරගේ කතාවට දිගුවක් දෙමින් වර්ජකයින් දේශද්‍රෝහීන් ලෙස සලකා දඬුවම් කරන බව කැබිනට් ප්‍රකාශක දන්වයි!

by editor
මාර්තු 14, 2023
in පුවත්
636 6
Share on FacebookShare on Twitter

මේ වනවිට රජය බහු විධ සේවා අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කර ඇති බවත්  රටේ අත්‍යාවශ්‍ය සේවාවන් කඩාකප්පල් කිරීමේ ඕනෑම ක්‍රියාවක් දේශද්‍රෝහී ක්‍රියාවක් ලෙස නම් කර දැඩි ක්‍රියාමාර්ග ගන්නා බත්ව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

හෙට ආරම්භ වීමට නියමිත දීප ව්‍යාප්ත දැවැන්ත වැඩ වර්ජනයට රජය පාර්ශවයෙන් අනතුරු අඟවමින් කැබිනට් ප්‍රකාශකවරයා කීවේ රටට අත්‍යාවශ්‍ය විස්තීරණ අරමුදල් පහසුකම පිළිබඳව තීරණය ගැනීමට IMF අධ්‍යක්ෂවරුන් 20 වැනිදා රැස්වන පසුබිමක එම ක්‍රියාවලිය ය කඩාකප්පල් කිරීමට කිසිසේත් ඉඩ දිය නොහැකි බවය.

මේ වනවිට රජය බහුවිධ සේවා    අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවත් එය කඩකළොත් පවතින නිතිය මත නීත්‍යානුකූලව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.

මින් පෙර රජය වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන අනතුරු ඇඟවූයේ අත්‍යාවශ්‍ය සේවා පනතට අනුව එම සේවා කඩ කරන අයගේ දේපල අත්පත් කරගෙන රාජ සන්තක කළ හැකි තරම් නීති ශක්තිමත් බවය.

කෙසේ වෙත්ත   රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සඳුදා (13) ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද  (14) පළාත් පහක් පුරා ක්‍රියාත්මක වෙමින් ඇති අතර අතර හෙට (15) රට පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.

RelatedPosts

රාජ්‍ය ආයතන 120ක් ඈවරයි…

මෙහෙම ගියොත් සංචාරකයෝ එයි ! දවස් 14ට කරදර හිරිහැර සිද්ධි 13ක්!

පක්ෂ දේශපාලනයෙන් බැහැරව සංගමයේ කටයුතු ඉදිරියට ගෙන යනවා… නීතිඥ සංගමයේ නව සභාපති කියයි!

සමස්ත ලංකා හෙද සංගමය හෙට  (15) වෛද්‍ය  වැඩ වර්ජන ක්‍රියාමාර්ගයට සහාය දෙන බව පැවසීය.

සැලසුම් කර ඇති පරිදි හෙට (15) වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ඒකාබද්ධ තැපැල් සේවා වෘත්තීය සමිති පෙරමුණ  කීවේය.

මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් අද (14) පස්වරු 4 සිට රාජකාරීවලින් ඉවත් වන්නේ තැපෑල අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස අලුතින්ම ප්‍රකාශයට පත් කර තිබියදී ය,

තවත් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ගැසට් කර තිබෙන ප්‍රවාහන සේවය නියෝජනය කරන  ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පැය 24ක වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කළේය. වර්ජනය අද (14) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් කුමාර බන්නැහැක  පැවසුවේ, FUTA සාමාජිකයන්ගේ වර්ජනය සියලුම රජයේ විශ්වවිද්‍යාල හරහා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය ද ඇතුළත් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවද  හෙට 15   වැඩවර්ජනයට එක්වන බව නිවේදනය කළේය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෘත්තීය සමිති ද හෙට  (15) පැවැත්වෙන වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය පළ කරන බව නිවේදනය කර ඇත.

ලංකා විදුලිබල මණ්ඩල සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් පැවසුවේ, රටපුරා පැවැත්වෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහය දැක්වීම සඳහා සියලුම ලංවිම සේවකයින් හෙට (15) අසනීප වාර්තා කරන බවයි.

බදු ප්‍රතිපත්තියට එරෙහි විරෝධතාවලට සහය දැක්වීමට ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය තීරණය කර තිබේ.

ලංවිම ඉංජිනේරුවන් අද (14) සිට සතියක කාලයක් අකුරට වැඩ ව්‍යාපාරයක නිරත වන අතර ඔවුන් අසනීප නිවාඩු වාර්තා කරන බව ලංවිම ඉංජිනේරු සංගමයේ සම ලේකම් බුද්ධික විජයවර්ධන මාධ්‍යයට කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram


අනම්‍යව සිටිමින් රජය මේ වෘත්තීය සමිති විරෝධය මර්ධනය කිරීමේ සැලසුමක නරත වී ඇත.

Tags: නවතමවිශේෂ
Share102Tweet64
Previous Post

ජනාධිපති සිරිසේනගේ පාස්කු නඩුව විභාගයට අභියාචනාධිකරණ පංච පුද්ගල පූර්ණ විනිසුරු මඩුල්ලක්!.

Next Post

දිල්ලි ගුවන් තොටුපළ ආසියා පැසිෆික් කලාපයේ පිරිසිදුම ගුවන් තොටුපළ වෙයි

Related Posts

Litro
පුවත්

රාජ්‍ය ආයතන 120ක් ඈවරයි…

මාර්තු 26, 2023
පුවත්

මෙහෙම ගියොත් සංචාරකයෝ එයි ! දවස් 14ට කරදර හිරිහැර සිද්ධි 13ක්!

මාර්තු 25, 2023 - Updated On මාර්තු 26, 2023
Kaushalya-Nawaratne
පුවත්

පක්ෂ දේශපාලනයෙන් බැහැරව සංගමයේ කටයුතු ඉදිරියට ගෙන යනවා… නීතිඥ සංගමයේ නව සභාපති කියයි!

මාර්තු 25, 2023
Next Post
Delhi Airport

දිල්ලි ගුවන් තොටුපළ ආසියා පැසිෆික් කලාපයේ පිරිසිදුම ගුවන් තොටුපළ වෙයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

Litro

රාජ්‍ය ආයතන 120ක් ඈවරයි…

by editor
මාර්තු 26, 2023
0

මෙහෙම ගියොත් සංචාරකයෝ එයි ! දවස් 14ට කරදර හිරිහැර සිද්ධි 13ක්!

by Lanka Sara Editor
මාර්තු 25, 2023 - Updated On මාර්තු 26, 2023
0

Kaushalya-Nawaratne

පක්ෂ දේශපාලනයෙන් බැහැරව සංගමයේ කටයුතු ඉදිරියට ගෙන යනවා… නීතිඥ සංගමයේ නව සභාපති කියයි!

by editor
මාර්තු 25, 2023
0

සෑම ඉසව්වකින්ම දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100ක ජාතික සංචිතයක් නඩත්තු කිරීමට ජනපතිගෙන් උපදෙස්!

by editor
මාර්තු 25, 2023
0

IMF ණයෙන් ඉන්දීය ණය වාරිකයක් ගෙවා ඉන්දියාවෙන් තවත් ණයක් ගන්න සාකච්ඡා අරඹයි!

by editor
මාර්තු 25, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • රාජ්‍ය ආයතන 120ක් ඈවරයි…
  • මෙහෙම ගියොත් සංචාරකයෝ එයි ! දවස් 14ට කරදර හිරිහැර සිද්ධි 13ක්!
  • පක්ෂ දේශපාලනයෙන් බැහැරව සංගමයේ කටයුතු ඉදිරියට ගෙන යනවා… නීතිඥ සංගමයේ නව සභාපති කියයි!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist