හෙට දිනයේදීත් පැය 05 ක විදුලිය කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අනුමැතිය දී තිබේ.
ඒ අනුව A සිට L දක්වා කලාප 12 කට පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 03 යි විනාඩි 20 ක් බැගින්ද පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැයයි විනාඩි 40 ක් බැගින්ද පැය පහක් විදුලිය කපා හැරීමට නියමිතය.
P සිට W දක්වා කලාප 08 ට පෙරවරු 08 යි 30 සිට පස්වරු 05 යි 30 දක්වා පැය 02 යි විනාඩි 15 ක් බැගින්ද පස්වරු 05 යි 30 සිට රාත්‍රී 11 දක්වා පැයයි විනාඩි 50 ක් බැගින්ද පැය හතරයි විනාඩි පහක කාලයක් විදුලිය කප්පාදු කරනු ඇත.
Discussion about this post