මේ වනවිට රට පුරා හීලෑ අලි ඇතුන් අතර බරවා රෝගය පැතිර යෑමේ අවදානමක් මතුවී ඇති බැවින් පෙරහරට සහභාගී කරවන ඇත් පන්තිය විශේෂ පරීක්ෂණයට ලක්කරනබව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල පවසයි.
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට සහභාගී කරවන අලි ඇතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා අද (27) පැවති විශේෂ පශු වෛද්‍ය සායනයෙන් පසු මාධ්‍ය අමතමින් මහාචාර්යවරයා පැවසුවේ ව ක්ෂය රෝග පරීක්ෂාවකට ද ඇලි ඇතුන් ලක් කරන බවත් දැනට සිටින හීලෑ අලි ඇතුන් අතරින් 50 % කට පමණ ඇස් රෝග තිබෙන බැවින් ඒ සම්බන්ධව ද විශේෂ අවධානයක් යොමු කර ඇති බවය.
දැනට සිටින සිටින හීලෑ අලි ඇතුන් බහුතරයක් වයස් ගත නිසා ඔවුන් ඉතා ඉක්මනින් රෝග වලට ගොදුරු වීමේ අවදානමක් ඇතැයි ද මහාචාර්යවරයා කීවේය.
පෙරහරේ ගමන් කරවන්නේ සෑම දිනකම කරන සෞඛ්‍ය පරීක්ෂාවකින් අනතුරව යහපත් සෞඛ්‍ය තත්ත්වයේ සිටින බවට තහවුරු කළ අලි ඇතුන් පමණක් බව කී මහාචාර්ය දංගොල්ල යන්තම් හෝ රෝගී තත්ත්වයක් පෙන්නුම කරන අලි පෙරහරින් ඉවත් කර දේවාල පරිශ්‍රයේ රඳවා තබා ඇති බව පැවසුවේය.