කීර්ති ප්‍රනාන්දු –
ඩුබායි හි සිටින බව කියන හීනටියන මහේෂ් නැමැති සංවිධානාත්ම අපරාධකරුගේ ප්‍රධානතම වෙඩික්කරු විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත .
කටාන සහ දිවුලපිටිය ප්‍රදේශවල සිදු කළ වැටලීමකදී මෙම සැකකරුව අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි .
අත්අඩංගුවට ගත් සැකකරු හීනටියන මහේෂ් නැමැති අපරාධ කල්ලි නායකයා ගේ ප්‍රධාන වෙඩිකරු බවට තොරතුරු ලැබී ඇති බව පවසන පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීමේදී ඔහු සතුව තිබූ අයිස් මත් කුඩු ප්‍රමාණයක්ද සොයා ගත් බව කියයි.
අත්අඩංගුවට පත් සැකකරු වයස අවුරුදු හතළිස් එකක් වියැති කටුවැල්ලේගම පදිංචිකරුවෙකි.
එසේම බූරු මුණා නමැති සැඟවුන වෙඩික්කරුට හට රටින් පැන යාමට උදව් කිරීම සම්බන්ධයෙන් ද මෙම සැකකරුට විරුද්ධව මීගමුව අධිකරණයේ පවතින නඩුවක් ද තවත් අධිකරණ කීපයකම නඩු ද පවතින බවද උසස් පොලිස් නිලධාරියෙකු ලංකා සරට පැවසීය .