හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කළේය.
2022 වසරේ දී කුරුඳුවත්ත පොලිස් වසම තුළ මං මාවත් අවහිර කරමින් විරෝධතාවක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් අද (10) කැඳවූ අවස්ථාවේදී අධිකරණය ඉදිරියේ පෙනී නොසිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් කිහිපදෙනෙකු වෙත කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී විසින් මෙම වරෙන්තු නිකුත් කරනු ලැබුවාය.
පැමිණිල්ල ඉදිරිපත් කළ කුරුඳුවත්ත පොලීසිය සඳහන් කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීමට කටයුතු කර ඇති බවය.
ඒ අනුව නීතිපති උපදෙස්වල ප්‍රගතිය ජුනි මස 30 වන දා අධිකරණයට දැනුම් දෙන ලෙසත් මහෙස්ත්‍රාත්වරිය පොලීසියට නියම කළාය.







