බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිරුණිකාගේ සිපිරිගෙට යැවූ නඩුව… අද අධිකරණයේ සිදුවූයේ කුමක් ද?.

by editor
ජූනි 28, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී –

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණ විසින් අද (ජුනි 28 වැනිදා) බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කරනු ලැබීය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණ විසින් අද (ජුනි 28 වැනිදා) බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කරනු ලැබීය.

චෝදනා 18 කට වරදකාරිය

ඒ අනුව විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර චෝදනා 18 කට වරදකාරිය කෙරුණු අතර එම එක් එක් චෝදනාවට රුපියල් 20000 බැගින් දඩ ද නියම කෙරුණි.

දඩ මුදල් ගෙවීම පැහැර හරිනු ලැබුවොත් එක් චෝදනාවට මාස 6 බැගින් සිර දඬුවම් නියම කරන බවත් නියෝගයේ සඳහන් විය.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

නඩුව කැඳවු අවස්ථාව

නඩුව කැඳවූ අවස්ථාවේදී විනිසුරු අමල් රණරජා විවෘත අධිකරණය ප්‍රකාශ කළේ විත්තිකාරිය තරුණයෙකු පැහැරගෙන යාමේ චෝදනාවට කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබල දීමේ චෝදනාවලට වරදකරු කරන බව ය.

දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මෙම පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අධිකරණය හමුවේ වරද පිළිගත් මෙම විත්තිකාරියගේ ආධාරකරුවන් අට දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් අත් හිටවූ සිර දඬුවම් හා දඩ මුදල් නියම කළ බව සිහිපත් කළේය.

විත්තිකාරිය කර ඇති වරදවල ස්වභාවය අනුව ඇයට බරපතළ වැඩ සහිත වසර 69 ක සිර දඬුවමක් නියම කිරීමට අධිකරණයට හැකියාවක් තිබෙන බව ඔහු පැවසීය.

අවශ්‍ය නම් බරපතල වැඩ ඇතිව අවුරුදු 69ක් සිරගත කළ හැකියි 

‘ස්වාමීනි… මෙම විත්තිකාරිය සිදුකර ඇති වරදවල් වල ස්වභාවය අනුව ඇයට බරපතළ වැඩ සහිත වසර 69 ක සිර දඬුවමක් නියම කිරීමට අධිකරණයට හැකියාවක් තිබෙනවා. විත්තිකාරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයක වශයෙන් කටයුතු කරමින් ඇයගේ බලතල අයුතු ලෙස පාවිච්චි කොට සාමාන්‍ය වෙළෙඳ සැලක සේවය කළ පුරවැසියෙකු පැහැරගෙන ගොස් පවුල ආරවුල් විසඳීමට කටයුතු කර තිබෙනවා. එය සුළුවෙන් තකන්න බෑ. විත්තිකාරිය මහජනයා විශ්වාසය තබා තෝරා පත් කරන ලද තැනැත්තියක්. ඇයට මේ ආකාරයෙන් කටයුතු කිරීමට හැකියාවක් නැහැ. ඇය විසින් සිදු කර තිබෙන්නේ බරපතල වරදක්’ යනුවෙන් ඔහු සඳහන් කර සිටියේය.

වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ‘ස්වාමීනී… අධිකරණය මගින් වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට හෝ විත්තිකාරියකට දඬුවම් නියම කිරීමේ මූලධර්ම තිබෙනවා. මුලින්ම මේ විත්තිකාරිය කර තිබෙන වරදවල් වල ස්වභාවය කෙසේ දැයි සලකා බැලිය යුතුයි. ඒ අනුව ඇයට සිර දඬුවම් නියම කරනවාද? එසේ නැතහොත් නියම කළ සිර දඬුවම අත්හිටුවනවාද? යන්න තීරණය කළ යුත්තේ අධිකරණයයි. විත්තිකාරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වශයෙන් කටයුතු කරමින් මෙම වරද සිදු කර තිබෙනවා.

ඇය විසින් සිදු කර තිබෙන්නේ බරපතල වරදක්. ඒ නිසා ඇය අනිවාර්යෙන්ම බන්ධනාගාර ගත විය යුතු ආකාරයේ දඬුවමක් නියම කළ යුතු යැයි මා ඉල්ලා සිටිනවා. එසේම එම දඬුවම අත් හිටුවීම නොකළ යුතු බවත් මා ඉල්ලා සිටිනවා. මොකද විත්තිකාරියට තමන් වරදක් සිදුකළ බව දැනෙන ආකාරයේ දඬුවමක් නියම විය යුතුයි. එසේම එය සමාජයට පණිවිඩයක් ලබා දිය හැකි ආකාරයේ දඬුවමක්ද විය යුතුයි. ඊට අමතරව විත්තිකාරිය ගමන් කළ මාර්ගයේ ඉදිරියේදී ගමන් කිරීමට සූදානම් වන පුද්ගලයින්ට පණිවිඩයක් ලබාදිය හැකි ආකාරයේ දඬුවමක් ලබාදිය යුතුයි. එසේම නීත්‍යානුකූලව ජීවත්වන පුද්ගලයින්ට නීතියේ රැකවරණ ලැබෙන බව හැඟවෙන ආකාරයේ දඬුවමක් ඇයට ලබාදිය යුතුයි’ යනුවෙන් සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විත්තිකාරිය බන්ධනාගාරගත වන ආකාරයේ දඬුවමක් ලබාදිය යුතු බවත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

හිරුණිකාගේ නීතිඥයා කළ ඉල්ලීම 

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතීඥ අනුර මැද්දේගොඩ අධිකරණය හමුවේ කරුණු දක්වමින් ‘ස්වාමීනී… මෙම විත්තිකාරිය ප්‍රබල සමාජ ක්‍රියාකාරිනියක්. සමාජ අකටයුතුකම් සිදුවන අවස්ථාවලදී ඇය පෙරට විත් ඊට එරෙහිව පෙනී සිට තිබෙනවා. මෙම විත්තිකාරියට අවුරුදු තුන, හතර සහ පහ යන වයස් වලට අයත් කුඩා දරුවන් තුන් දෙනෙකු සිටිනවා. ඇය බන්ධනාගාර ගත කරනු ලැබුවහොත් එම දරුවන්ට දැඩි අගතියක් සිදුවනවා’ යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා බන්ධනාගාර ගත කිරීමකින් තොරව ඇයට ලිහිල් දඬුවමක් නියම කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ විනිසුරු වරයා අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

සිරදඬුවම නියම වූ පසු

සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර බන්ධනාගාර නිලධාරින් විසින් කොළඹ මහාධිකරණයේ සිට බන්ධනාගාරයට රැගෙන යනු ලැබීය.

සිර දඬුවම් නියම කිරීමෙන් පසුව හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ඇඟිලි සලකුණු සටහන් කර ගැණුනි.

ඉන් අනතුරුව බන්ධනාගාර නිලධාරීහූ විසින් ඇය කොළඹ මහාධිකරණයේ සිට බන්ධනාගාරය වෙත රැගෙන ගියහ.

මෙම දඬුවමට එරෙහිව ලබන සඳුදා අභියාචනයක් ඉදිරිපත් කරන බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ නීතිඥවරු සඳහන් කළහ.

2015 වසරේ දෙසැම්බර් මස 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳ සැලක සේවය කළ අමිල ප්‍රියංක නමැති තරුණයකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදී තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකරනු ලැබ තිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අය වැය යෝජනාවක් වූ ගුරු වැටුප් වැඩිකිරීම සිදු නොකර අය – වැයෙන් වෙන් නොවූ බිලියන ගණන් පරිපූරක ඇස්තමේන්තු දමා තමන්ට වෙන් කරගන්නා ජනාධිපති එක්ක මොන වෙනසක් ද?. අනුර අසයි…  

Next Post

ජූලි 01 දා සිට බස් ගාස්තුව සියයට 5කින් අඩුවේ.. අවම ගාස්තුව රුපියල් 28යි…

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.