සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමේ යෝජනාව රජය අධිකරණ අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මෙන් මකා දමයි!

පොරොන්දු ක්‍රියාත්මක කිරීමට ව්‍යස්ථාව හරහට...

by editor
ජූනි 15, 2025
in පුවත්
pension-pracidents-sri-lanka
Share on FacebookShare on Twitter

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ වැන්දඹු බිරියන්ට ලබා දෙන විශ්‍රාම වැටුප් සහ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ලෙස ඉදිරිපත් වූ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අන්තර්ගත පොරොන්දුව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මෙන් ඉවත් කර ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) පනත හරහා ලබාගත් ලේඛනයක් උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.

මාර්තු මාසයේදී ලබා ගත් කැබිනට් තීන්දුවක් මත පදනම්ව ජනාධිපති ලේකම්වරයා සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට චක්‍රලේඛයක් නිකුත් කරමින් දන්වා තිබුණේ ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රකාශනය වූ ” පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” – රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුව ලෙස පිළිගන්නා ලෙසය.

සියලුම අමාත්‍යාංශ ඔවුන් සඳහා හඳුනාගත් කොටස් සමාලෝචනය කර ඇති අතර යෝජිත සංශෝධන ජනාධිපති ලේකම් කාර්යාලයට ඉදිරිපත් කර ඇති බවත්, අවසන් කරන ලද වාර්තාව චක්‍රලේඛයත් සමග ප්‍රසිද්ධ නොකළ ඇමුණුමකින් ප්‍රකාශ කර ඇති බවත් එම නිවේදනයේ සඳහන් වූයේය.

සන්ඩේ ටයිම්ස් පුවත්පත ජනාධිපති ලේකම් කාර්යාලයට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ ඉල්ලීමක් ගොනු කර ලබාගෙන තිබුණේ එම ප්‍රසිද්ධ නොකළ ඇමුණුමය.

මෙම වසර මුලදී ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුවක් විසින් රජය අදහස් කරන ආකාරයට මෙම වරප්‍රසාද කපා හැරීමට ව්‍යවස්ථාමය බාධාවක් ඇති බවත්,  ව්‍යවස්ථාමය සංශෝධන නොමැතිව විශ්‍රාමික ජනාධිපතිවරුන් වෙත ලබා දෙන සමහර ප්‍රතිලාභ අහෝසි කළ නොහැකි බවත් දන්වා තිබිණි.

RelatedPosts

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36(2) වගන්තියේ මෙසේ දැක්වේ. “ යම් තැනැත්තෙකු විසින් ජනාධිපති ධූර භාර ගනු ලැබූ විට පාර්ලිමේන්තුව විසින් නිශ්චයක කරනු ලබන පරිදි වූ වැටුප් සහ දීමනා ලැබීමට ද ඉන් පසුව එසේ නිශ්චය කරනු ලබන විශ්‍රාම වැටුප් ලැබීමට ද ඒ තැනැත්තා හිමිකම් ලබන්නේය. පසුව මෙම ව්‍යවස්ථාවට කරනු ලැබූ සංශෝධනයක්, මෙම ව්‍යවස්ථාව පරිච්ඡින්න කිරීමක්,  නැතහොත් ප්‍රතියෝජනය කිරීමක්, සහ මෙම ව්‍යවස්ථාවට අනනුකූලවන පසුව පනවනු ලැබු යම් නීතියක් හෝ ඒ නීතියක යම් විධි විධානයක් අතීතයට බලනොපන්නේය.” එනම් හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අඩු කරන හෝ අහෝසි කරන අනපනතත් අතීතයට බලපාන පරිදි ගෙන ආ නොහැකිය.

තවද 36(4) වගන්තියේ මෙසේ සඳහන් වේ. “ජනාධිපති ධූරය දරන තැනැත්තාගේ වැටුප් දීමනා හෝ විශ්‍රාම වැටුප් හිමිකම පාර්ලිමේන්තුව විසින් යෝජනා සම්මතයෙන් වැඩි කළ හැක්කේය. එහෙත් එම වැටුප්, දීමනා හෝ විශ්‍රාම වැටුප් හිමිකම් අඩු නො කළ යුත්තේ ය. ”

මීට අමතරව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්ම යටතේ  ඇති යෝජනා විශාල සංඛ්‍යාවක් අතර – “2022 විරෝධතාවයට අදාළව නොවිසඳුණු සහ නඩු පවරා නොමැති නඩු විසඳීම සහ නිසි අනුපිළිවෙලක් සමඟ නීතිමය කටයුතු කඩිනම් කිරීම” සහ “රට තුළ සහ ඉන් පිටත රැකියා සඳහා සංක්‍රමණය වන පුද්ගලයින්ගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම” සඳහා වන කැපවීම ද ක්‍රියාකාරී සැලැස්මෙන් ඉවත් කර ඇතැයි සන්ඩේ ටයිම්ස් කියයි.

“විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සහ පාර්ලිමේන්තුව විසින් විධායක බලතල නොමැති ජනාධිපතිවරයෙකු පත් කිරීම” සඳහා වන කැපවීම අදාළ අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මේ රඳවාගෙන තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මූල්‍ය සමාගමකට කෝටි 10ක පොලු තැබූ දයා ගමගේ ගේ ආයතන 3ක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණෙයි!

Next Post

ජනාධිපති සමාව ලැබූ සිරකරුවන් 34ක් තවමත් ඇතුළේ… අවුරුදු 05ක කාලය තුළ නිදහස් කළ සිරකරුවන් ගැන CID ය ගැඹුරු විමර්ශනයක් අරඹයි!

Related Posts

HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.