පොලිස් සහ බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව යටතේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය දැඩි සත්කාර ඒකකයේ තවදුරටත් ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
විජලන තත්ත්යව හේතුවෙන් ඇති වූ සංකූලතාවයන් මත බන්ධනාගාර රොහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත ඊයේ (23) දිනයේ දී රැගෙන ආ හිටපු ජනාධිපතිවරයා රෝහලේ වෛද්‍ය දැඩි සත්කාර ඒකකයේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමකගේ අධීක්ෂණය යටතේ තව දුරටත් ප්‍රතිකාර ලබන බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසා සිටියි.
දියවැඩියා තත්ත්වය සහ අධි රුධිර පීඩන තත්ත්ව තවදුරටත් පවතින බැවින් එම රෝගයන් කළමනාකරණය කරගැනීමට වෛද්‍යවරුන් ප්‍රතිකාර ලබා දී ඇති අතර මේ වනවිට කිසිම අවදනාමක් නොමැති බව ද සඳහන් වේ.
බන්ධනාගාර රෝහලේ සිට රැගෙන ආ රනිල් වික්‍රමසිංහ බාහිර රෝගී අංශයේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත යොමු කර ඔහුගෙ රෝගී තත්ත්වය යම් තාක් දුරකට කළමනාකරණය කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා වෛද්‍ය දැඩි සත්කාර ඒකකයට මාරු කළේය.







