බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිටපු ජනපතිට මුස්ලිම් සංවිධානයක් දුන් ඩොලර් මිලියන 5 ගැන තොරතුරු නෑ…

පාස්කු කොමිසමේ දි ලෝරන්ස් රාමනායක පියතුමන් හෙළි කරයි...

by editor
ජූනි 26, 2020
in පුවත්
2019. 07.31 දින නෙළුම් පොකුණ රඟහලේ දී  මුස්ලිම් ලෝක ලීගයේ මහලේකම් ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල් කරීම් අල් ඊසා  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ඩොලර් මිලිය 5 චෙක් පත සහ සමරු තිළිණය ප්‍රදානය කළ අවස්ථාව

2019. 07.31 දින නෙළුම් පොකුණ රඟහලේ දී  මුස්ලිම් ලෝක ලීගයේ මහලේකම් ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල් කරීම් අල් ඊසා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ඩොලර් මිලිය 5 චෙක් පත සහ සමරු තිළිණය ප්‍රදානය කළ අවස්ථාව

Share on FacebookShare on Twitter

2019 අප්‍රියෙල් 21 වැනිදා සිදුවූ පාස්කු ඉරිදා  ප්‍රහාරයන්ගෙන් හානියට පත් පාර්ශ්වයන්ට සහන සැළසීමට ජාත්‍යන්තර මුස්ලිම් සංවිධානයක්  විසින් එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලබාදුන් ඇමරිකානු ඩොලර් මිලියන 05ක චෙක්පතේ මුදලින් බෝම්බ පිපිරුමෙන් හානි වූ කිසිවෙකුටත්  මෙතෙක් දායකත්වයක් ලැබී නැති බව අගරදගුරු පදවියේ සමාජ සුභසාධන ආයතනයක් වන සෙත්සරණ නම් වූ ආයතනයේ අධ්‍යක්ෂ දොන් නිශාන්ත ලෝරන්ස් රාමනායක පියතුමා ඊයේ පාස්තු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි  දෙමින් අනාවරණය කළේය.

පාස්කු ප්‍රහාරයෙන් හානියට පත්වූ ජනතාවගේ සුභ සාධන කටයුතු සියල්ල සොයා බලා කටයුතු කරනුයේ සෙත් සරණ ආයතනය විසිනි. ඒ බව කොමිසමේ දී සඳහන් විය. කොමිසම හමුවේ ලෝරන්ස් රාමනායක පියතුමන් සඳහන් කරනු ලැබුවේ ඩුබායි හි මුස්ලිම් සංවිධානයක් කොළඹ නෙළුම් පොකුණේ උත්සවයක් පවත්වමින් ඩොලර් මිලියන පහක ප්‍රදානය සංකේතවත් කරමින් ඩමි චෙක්පතක් මෙම උත්සවයේ දී හිටපු ජනාධිපතිවරයා වෙත ප්‍රදානය කළ බවය.   එහෙත් එම මුදලට කුමක් සිදුවීදැයි මෙතෙක් සොයා ගැනීමට නොමැති බවත්   අගරදගුරු හිමිපාණන් හමුවීමට එකල රජයේ සිටි කතෝලික ඇමතිවරුන්ට පවා උන් වහන්සේ ඒ ගැන දැනුම් දුන් බවක් පියතුමා සඳහන් කළේය.

මුස්ලිම් ලෝක ලීගයේ මහලේකම් ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල් කරීම් අල් ඊසා

කොමිසම හමුවේ තවදුරටත් කරුණු දැක්වූ ලෝරන්ස් පියතුමා  මෙසේ කීහ..

“ ඩුබායි රාජ්‍ය යේ මුස්ලිම් සංවිධානය නෙළුම් පොකුණ රඟහලේදී  ලබා දුන් ඩොලර් මිලියන 05 ක මුදලින්  කිසිදු දායකත්වයක් බෝම් ප්‍රහාරයෙන් හානියට පත් ජනතාවට ලැබුණේ නැහැ. මේ ගැන අගරදගුරු හිමිපාණන් උන්වහන්සේ බැහැ දැකීමට පැමිණි කතෝලික ඇමතිවරුන්ට සඳහන් කරල තිබුණා. එම ප්‍රදානය ලබාදුන් සංවිධානයේ පිරිස්ද එම උත්සවයට පෙර පැමිණ අගරදගුරුතුමාව හමුවෙලා මුදල් පරිත්‍යාගයක් කරන බව පවා දැනුම්දී තිබුණා. මේ ගැන රවී කරුණානායක ඇමතිවරයාටත් පවසල ඒ ගැන සොයා බලන්න යැයි සඳහන් කළා. එම අවස්ථාවේදී රවී කරුණානායක ඇමතිවරයා කිසියම් අයෙක්ට දුරකතන ඇමතුමක් ගත්තා. එම ඇමතුම කාට දුන්නද කියල දන්නේ නැහැ. අවසානයේදී රවී කරුණානායක ඇමතිවරයා සඳහන් කළේ එහෙම දෙයක් දැනගන්න නැහැ. හොයල කියන්නම් කියල. “

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ඒ ගැන සොයා බලන ලෙස අගරදගුරුතුමන් ද ඉල්ලීමක් කර ඇතත් තවමත් ඒ පිළිබද විභාගයක් සිදු නොවූ තැන   අවසානයේ දී කොමිසමටත් සඳහන් කළ බව ද ලෝරන්ස් රාමනායක පියතුමා තවදුරටත් සඳහන් කළේය.

එම උත්සව අවස්ථාවට සහභාගී වූ ප්‍රභූ පිරිස…

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරීශ්‍රයේ බිම් මහලේ රූබි ශාලාවේ ස්ථාපිත කර ඇති පංච පුද්ගල ජනාධිපති කොමිසන්  සභාව රැස්වූයේ එහි සභාපති අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා ගේ ප්‍රධානත්වයෙනි. අභියාචනාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සුනිල් රාජපක්ෂ, බන්දුල අතපත්තු යන මහත්වරු සහ විශ්‍රාමික අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් මංගලිකා අධිකාරී මහත්මිය කොමිසමේ සෙසු සාමාජිකයන්ය. කොමිසමේ ලේකම් ලෙස කටයුතු කරන්නේ බුවනෙක හේරත් මහතාය.

පාස්කු ප්‍රහාරයෙන් විනාශයට පත් දේපල හා බිඳවටුණු ජන ජිවිතය  යථාවත් කිරීම සඳහා මුස්ලිම් ලෝක ලීගය විසින්මූ කළ මෙම මුදල් ප්‍රදානය වර්ෂ 2019 ජූලි මස 31 දා සවස නෙළුම්පොකුණ රඟහලේ දී සිදු විය. එම උත්සවය සඳහා එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හැරුණු විට හිටපු ජනාධිපතිවරයෙක් මෙන්ම වත්මන් අගමැති, මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු ප්‍රභූ පිරිසක් එක් වී සිටියහ. මුස්ලිම් ලෝක  ලීගයේ මහලේකම් ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල් කරීම් අල් ඊසා විසින් එම මුදල් ප්‍රදානය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාර දුන්නේය.

Tags: නවතම
Share95Tweet43
Previous Post

සියෝන් පල්ලියේ දේවගැතිත් නෑ ලක්ෂ 50ත් නෑ

Next Post

‘කරුණාගෙන් ළමා සොල්දාදුවන් ගැනත් ප්‍රශ්න කරන්න’- UNHRC කියයි

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.