2021 ජනවාරි 01 වැනිදා සිට සතියකට දිනක් සියලු රාජ්‍ය සේවකයින් බතික් ඇඳුමින් සැරසී සේවා ස්ථාන වෙත වාර්තා කරන ලෙස ඉල්ලමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත ලිපියක් නිකුත් කර ඇත.
බතික් අත්යන්ත්‍ර රෙදිපිළි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ සංකල්පයකට අනුව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනු ලබයි.
මෙම වැඩසටහන ජනවාරි පළමු වැනි සිකුරාදා සිට සතියේ සෑම සිකුරාදා දිනකම ක්‍රියාත්මක වන බවත් එදිනට සැහැල්ලු ඇඳුමින් සැරසී කාර්යාල වෙත පැමිණීමට අවස්ථාව සලසා දෙන බවත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ලංකාසරට පැවසීය.
දේශීය අත්යන්ත්‍ර රෙදිපිළි කර්මාන්තය දියුණු කිරීමේ අරමුණ ඇතිව ගෙන යන වැඩපිළිවෙළේ තවත් එක් පියවරක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව පවසන ජයසේකර මහතා බතික් ඇඳුම් සඳහා වැයවන වියදම වැටුපෙන් අඩුකර ගැනීමේ සහන ක්‍රමවේදයක් ද ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව අනාවරණය කළේය.