බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හැමදේටම ඇඟිලි නොගසා ඉන්න මානව හිමිකම් කොමිසම දැනගත යුතුයි!. -ජනපති

හියුමන් රයිට්ස් ඩිෆෙන්ඩර්ලා දුවන්නෙ පිටරටින් එන සල්ලිවලින් කී ජනපති සිරසටත් අනතුරු අඟවයි!

by editor
නොවැම්බර් 24, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

හැමදේටම ඇඟිලි නොගසා ඉන්නට මානව හිමිකම් කොමිසම දැනගත යුතු බව ජනාධිපතිවරයා පැවසුවේය. 

මානව හිමිකම් යොදා ගනිමින් පොලිසියට සහ හමුදාවට ඔවුන්ගේ රාජකාරියට අවහිර කිරීම වහාම වැලැක්වීම සඳහා නීති ගෙනෙන බවත්, “හියුමන්  රයිට් ඩිෆෙන්ඩර්ස් “ ලෙස නම් කරගෙන මානව හිමිකම් වෙනුවෙන් පෙනී ඉන්නේ පිටරටින් ඩොලර් ලබාගෙන ජීවත් වන්නන් බවත් ජනාධිපතිවරයා අද (24) පාර්ලිමේන්තුවේ දී  ප්‍රකාශ කළේය.

ඔවුන්ට මින් පසු රට තුළ ඉඩක් නැති බව ද ජනාධිපතිවරයා කීවේය.

සිරස නාලිකාව සිදුකළේ මේ ප්‍රචණ්ඩත්වය අවුලුවා තමන්ගේ නිවස ගිනි තබා පිලිස්සීමෙන් පසු මානව හිමිකම් කොමිසම හරහා තමන්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා කොටු කරගන්නට බව කී ජනාධිපතිවරයා මානව හිමකම් කොමිසම හැම දේටම ඇඟිලි නොගසා ඉන්නට දැනගත යුතු බව පැවසුවේය.

ඊයේ තමන්ගේ කතාවෙන් පසු සිරස නාලිකාව සංවිධානාත්මකව පුද්ගලයින් 07 යෙදාගෙන තමන් ට පහර දීම ආරම්භ කළ බවත්, දුමින්ද නාගමුව, විදර්ශන කන්නංගර හා ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි ඉන් තිදෙනෙක් බවත් කීවේය.

ජනාධිපතිවරයා කීවේ තමන් නිර්මාල් රන්ජිත් දේවසිරිව දන්නා බවය. කතා කරන්නට පෙර  සරසවිවල නවක වදය නැති කරන්නට උදව් කරන ලෙස ඔහු ආචාර්ය නිර්මාල්ට උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා කී කතාව මෙසේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

“කෙළින් කියන්නම්. අරාජිකත්වත්යත් ප්‍රචන්ඩත්වයත් මානව හිමිකම්වලට ඇතුළුවෙන්නෙ නෑ. එක් මානව හිමිකම්වලට සම්පූර්ණයෙන් විරුද්ධයි. මානව හිමිකම් යොදාගෙන ප්‍රචන්ඩත්වය වපුරන්න දෙන්න බෑ.“

“මානව හිමිකම් කියලා ප්‍රචන්ඩ ක්‍රියා කළ අය ආරක්ෂා කරන්න දෙන්න බෑ. ව්‍යවස්ථාවෙ 14 වැනි වගන්තියෙ තියනවා මූලික අයිතිවාසිකම්…. රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම…  නීතියෙන් නියම කරනු ලැබූ සීමාවලට  මහජන ආරක්ෂාව  සඳහාව්‍යවස්ථාව ආරක්ෂා කිරීම,  මේ ඔක්කොම තියනවා 15.1 15.2, 15.3 වගන්තිවල. “

“මේවයෙ සීමා තියනවා. මේ සීමාවෙන් පිට යන්න බෑ…  සමහරු අද කියනවා ඔවුන් මානව හිමිකම් ආරක්ෂකයො කියලා හියුමන් රයිට්ස් ඩිෆෙන්ඩර්ස්ලා කියලා. ඔවුන් මොනවද කරන්නේ. මොන ඩිෆෙන්ඩර් එකක්ද ?, ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් එකක් ද. මොනවද කරලා තියෙන්නෙ.

අපි ව්‍යස්ථා සංශෝධන ගෙනත් තියනවා…  ස්වාධීන කොමිෂන් ගෙනත් තියනවා. සෑම රජයක්ම  එක එක විදිහට මානව හිමිකම් ආරක්ෂා කරලා  තියනවා. උසාවියට ගිහින් දෙන තීරණවලට යටත් වෙලා තියනවා.“

“මේ කියන ඩිෆෙන්ඩර්ලා මොනව ද කරන්නෙ. අපිට තියන ඩිෆෙන්ඩර් වලට ඩීසල් දාලා දුවනවා. මේ ඩිෆෙන්ඩර් වලටත් ඩීසල් දානවා. මානව හිමිකම් ඩිෆෙන්ඩර් කියලා ඒ අය කරන්නෙ පිටරටින් සල්ලි අරන්  තමන් ජීවත් වෙන එක. මේකයි ඇත්ත.“

“මට එක්කෙනෙක් නැගිටලා කියන්න එහෙම කළේ නෑ කියලා. ( විපක්ෂය පෙන්වමින් ) මම මේ අය දන්නවා.  මේ අය එක්ක වැඩ කරලා තියනවා. මමයි ඒ අය ආරක්ෂා කළේ. මටයි දැන් කෑ ගහන්නේ. “

“තව කියන්න වැඩක් නෑ. අපට මේ රටේ මේ වගේ අවුලක් ඇතිවෙන්න දෙන්න බෑ. නීතිය යටතේ ඕනෑම දෙයක් කරන්න. විපක්ෂ නායකතුමා මට කියලා තිබුනා ඡන්ද කල් දානවා කියලා. මම කල් දාන්නෙ නෑ. මට ඡන්ද කල් දාන්න බෑ. උවමනාවකුත් නෑ. මම කියන්නෙ නිකම් පාර්ලිමේන්තුව විසුරුවා හරින්නෙ නෑ පාරෙ කෑ ගැහුවාට කියලා. කෑ ගහන අය නෙමෙයි බහුතරය. බහුතරය නිශ්ශබ්ද වෙලා ඉන්න අය.“

“ඒ නිශ්ශබ්ද වෙච්චි අයට ජීවත්වෙන්න හිමිකම් තියනවා. ඒ හිමිකම් අනුවයි ක්‍රියාකරන්නේ.“

“ අනික මේ අය මානව හිමිකම් අරන් පොලිසිය හිරකරන්න යනවා. පොලිසිය මානව හිමිකම් උල්ලංඝණය කරලා ඇති. ළමයි  පොලිසියට ගෙනිහින් ගහනවා. ඒවට නඩු දාලා ඒ අයට විරුද්ධව තීන්දු දෙනවානම් ඒකට කටයුතු කරන්නම්.“

“ ඒත් හදිසි අවස්ථා ඇති කරලා කලබල ඇති කරලා පොලිසිය ගියාම ඒක නවත්වන්න   දානවා මානව හිමිකම් නඩු. ඒක කරන්නෙ මානව හිමිකම් නිසා නෙමෙයි. පොලිසිය ක්‍රියාකරන එක නවත්වන්න“

“ ඒ නිසා මං නීතිපති තුමාට කියලා තියනවා මේක ගැන බලන්න කියලා. මෙහෙම කරනවා නම් අපි 15 යටතෙ නීති ගේන්න ඕන කියලා නීතිපති තුමාට කියලා තියනවා. මේ සෙල්ලම කරගෙන යන්න බෑ. හමුදාව පොලිසිය ආරක්ෂා කරන්න ඕන. මම දන්නවා ඒක වෙලා තියන විදිහ.කොහෙමද වෙලා තියෙන්නෙ කියලා“

“මගෙ ප්‍රධාන ආරක්ෂ නිලධාරියා අයින් කරන්න හැදුවා මානව හිමිකම් දාලා. මගෙ ගෙදර ගිනි තියලා පුච්චලා   මගෙ ආරක්ෂක නිලධාරියා මානව හිමිකම් දාලා අයින් කරන්න හැදුවා. මේක වුනේ සිරස මාධ්‍යයෙන්. ඊට පස්සේ මොකක් ද වුනේ. මම ගිහින් ඒ අයට විරුද්ධව ක්‍රියා කරන්න ඕන. මේ මොකක් ද?“

“ඒ කියන්නෙ සිරසට    මට මොනව උනත් කමක් නෑ. ඕන වුනේ  මගෙ ආරක්ෂක ප්‍රධානියා ඉවත් කරන්න.   මානව හිමිකමත්   දැනගන් ඕන ගිහින් ඇඟිලි ගහන්නෙ නැතිව ඉන්න මේ වැඩ කටයුතුවලට.“

“ඊයෙ මම මාධ්‍ය ආයතනය  නම් කළේ නැති නිසා වුනේ මොකක් ද?. සිරසෙන් මට ගහන්න හත් දෙනෙක් දාලා තියනවා. එක එක අයගෙන් ගන්නවා. දුමින්ද නාගමුවගෙන්, විදර්ශන කන්නංගරගෙන්, නිර්මාල් රන්ජිත් දේවසිරිගෙන්…, නිර්මාල්   මට කියන්න කලින්  ශිෂ්‍යයන්ව නවක වදයෙන් ආරක්ෂා කරලා දෙන්න. මමත් දන්නවා නිර්මාල් හොඳට…

මේ සෙල්ලම ගෙනියන්න එපා. මිනිස්සුන්ට ඇවිත් ආයෙ ආණ්ඩු පෙරලන්න කියන්න එපා. සේවය කරන හැම නිලධාරියෙක්ම එහෙම අවස්ථාවක් ආවොත් ආණ්ඩුව ආරක්ෂා කරන්න ඕන. යට ඉන්න කෝප්‍රල් ඉන්න ෆීල්ඩ් මාර්ෂල් දක්වා ඔක්කොටම ඒ වගකීම තියනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලංකාවට ඩොලර් නොගෙනන අපනයනකරුවන් ප්‍රසිද්ධ කිරීමට මහ බැංකු අධිපති සැරසෙයි !

Next Post

හෙට ඇරඹෙන ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන් එක්දින තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.