භික්ෂූන්වහන්සේ නමකට හා කාන්තාවන් දෙදෙනෙකුට නිරුවත් කර පහරදුන් පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් නියෝග කර ඇත.
කාමරයක් තුළ නිරුවතින් සහ අඩ නිරුවතින් සිටින කාන්තාවන් දෙදෙනෙක් සහ අඩ නිරවත් භික්ෂුවක් කාමරයක් තුළ සිටිය දී දායක සභාවේ සාමාජිකයන් විසින් එහි ඇතුළු වී සිදුකරන පහර දීමක් හා අඩ නිරුවතින් සිටින කාන්තාවකට නිරුවත්කර පහර දීමක් සම්බන්ධව වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වීම සම්බන්ධව මහජන ආරක්ෂක ඇමතිවරයා විසින් මෙම නියෝගය ලබා දී තිබේ.
දායක සභාවේ කියනා මේ පිරිස විසින් කාන්තාවන් දෙදෙනා සමග අඩනිරුවත් කාන්තාවන් දෙදෙනා සමග අඩනිරුවතින් සිටි චීවරධාරියාට නිරුවත් කර පහර දී පොලිසියට භාර දී තිබිණි. ඒ අතර එම සිදුවීම පටිගත කර සමාජ මාධ්‍යයට ද මුදාහැරීමට මේ පිරිස කටයුතු කර ඇත.
මෙසේ නීතිය අතටගෙන පොලු මුගුරුවලින් පහර දී කාන්තාවන් නිරුවත් කල පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගෙන වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඊයේ දින (2023.07.07 ) බස්නාහිර පළාත් ජේශ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ට හා නවගමුව පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කර ඇත.







