කීර්ති ප්‍රනාන්දු –
ජනාධිපති අගමැති ප්‍රමුඛ ආණ්ඩුවම ඉල්ලා අස්විය යුතු බව කියමින් අද (06) දිනය පුරාම මහ වැසි දරාගෙන මිනුවන්ගොඩ නගර මධ්‍යයේ දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූ පිරිස් මේ වනවිට ජනාධිපතිවරයාගේ විශ්වාසවන්තම දේශපාලන චරිතයක් වූ ප‍්‍රසන්න රණතුංග ගේ උඩුගම්පොල නිවස වටලා සිටිති.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගේ නව කැබිනට්ටුවේ මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති සහ සංචාරක ඇමති ඔහුය.
ප්‍රසන්න රණතුංග සිය බලය සහිතව මිනුවන්ගොඩ උඩුගම්පල කලාපයම තමන් නතු කරගෙන සිටි දේශපාලකයෙක් බව දේශපාලන ආරංචි මාර්ග සනාථ කළේය.
මේ වනවිට ඔහුගේ නිවසට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබේ. උඩුගම්පල පිරවුම්හල ඇත්තේ ඔහුගේ නිවස ඉදිරියේ බැවින් උද්ඝෝෂකයින් හරස්වන ලෙස ඉන්ධන පොලිමේ ඇති බස්රථ ස්ථානගත කීරීමට පොලිසිය මේ වනවිට කටයුතු යොදමින් ඇත. ඊට උද්ඝෝෂකයෝ දැඩි ලෙස විරෝධය පලකරමින් සිටිති.
Discussion about this post