බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 හරක්කටාගේ කටින් කියැවුනා තමයි… ඒත් ඒක සෙටප් කරලා ගහපු ගේමක්… ටිරාන්ගේ පාර්ශවය පවසයි…

by editor
මැයි 16, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

හරක්කටා විසින් හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සම්බන්ධව සිදුකළ ප්‍රකාශය හරක්කටා විසින් කළ හුදකලා ප්‍රකාශයක් නොව යම් කිසි පාර්ශවයක් සැලසුම් සහගතව ඔහු ලවා කියැවූවක් බව ටිරාන් අලස්ගේ අනුමැතිය මත ඔහු වෙනුවෙන් මාධ්‍යයට ප්‍රකාශයක් කරන ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් බීබීසී වාර්තා කරයි. 

හරක්කටා කී කතාව පහත දැක්වේ.

ඔහු අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු කිහිපයක් ඔස්සේ ප්‍රතිචාර දක්වා ඇත. මේ ප්‍රතිචාරයට පාදක වන්නේත් ටිරාන් අලස් විසින් සිදුකළ ප්‍රකාශයකි.

ටිරාන් අලස් මහජන ආරක්ෂක අමාත්‍ය ධූරය දැරූ සමයේ එනම්, 2023 නොවැම්බර් 04 වන දා හරක් කටා සම්බන්ධයෙන් මෙවන් ප්‍රකාශයක් කළේ ය.

ඔහු එහිදී පැවසුවේ, හරක් කටා ශ්‍රී ලංකාවට රැගෙන ඒම වැළැක්වීම සඳහා ඔහුට රුපියල් මිලියන 700ක් ලබා දීමට උත්සහ කළ බව ය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

“හරක් කටාව ගේනකොට මට මිලියන 700ක් ඔෆර් කෙරුව මෙහෙට ගේන්නෙ නැතුව ඩුබායිවලට අරින්න කියල. කොහොම හරි ඒක වැඩිදුර යන්න වුණේ නෑ. ඔෆර් එක දුන්න කෙනා වෙඩි කෑවා.”

“ඒගොල්ලො ලෑස්තියි ලොකු ලොක්කන්ට මිලියන ගණන් හරි දීල මාව ඇමතිකමෙන් අයින් කර ගන්න.” ටිරාන් අලස් පවසා තිබිණි.

මෙම ප්‍රකාශයත් උපුටා දක්වමින් ටිරාන් අලස් වෙනුවෙන් කරුණු පැහැදිලි කරන පාර්ශවය බීබීසිය වෙත පවසා තිබුණේ මෙවැන්නකි.

“මිලියන 700 කතාව හිටපු ඇමතිතුමා කිව්වෙ 2023 නොවැම්බර් 04 වෙනි දා. දැන් අවුරුදු එක හමාරක් ගිහිල්ල ඒගොල්ලො කවුරුත් ඒක ඩිනයි කරල නෑ.”

“අනිත් එක මෙයාව තංගල්ලට දාල තියෙන්නෙ අරක්ෂක ලේකම්ගෙ නියෝගයේ පේපර්ස් එක්ක හයි කෝට් එකට දාල, හයිකෝට් ඕඩර් එකක් උඩ තමයි තංගල්ලෙ ඉන්නෙ. නැතුව හිටපු ඇමතිතුමා දාපු එකක් නෙවෙයි. එතකොට හයි කෝට් ඕඩර් එකක් උඩ තංගල්ලෙ ඉන්නෙ.

“දැන් තංගල්ලෙ අවුරුද්දක් විතර වෙනවා. ඇමතිතුමා තනතුරුවලින් ගිහිල්ලත් මාස 7ක් වෙනවා. එතකොට එයා ඒ අවුරුද්ද ඇතුළත උසාවි ඇවිල්ල තියෙනව කීප වතාවක්. ඒ එක වතාවකවත් ඔය කතාව කියල නෑ, ඊයෙ වෙනකම්.”

“ඊයෙ ඒ වීඩියෝ එක බැලුවොත් හොඳට ම පේනවා, PTA එක යටතේ ඉන්න ත්‍රස්තවාදියෙක් තමයි උසාවි ගේන්නෙ. STF අරව මේව ඔක්කොම යොදවල තියෙනව. හැබැයි පඩිපෙළෙන් බහිනකොට හොඳට ම පේනව ඉස්සරහ කවුරුත් නෑ. මෙයාට ෆුල් ඕපන් කරල දෙනව මීඩියා එකට කතා කරන්න. ඉන් එහාට ගිහිල්ල මෙයාව වෑන් එකට දැම්මට පස්සෙ වෑන් එකේ ෂටර් එකත් ඇරල දෙනව මීඩියා එකට කතා කරන්න.”

“එතකොට ඕන ගොනෙකුට තේරෙනව මේක සෙටප් කරල කවුරුහරි මයා ලව්ව මේක කියෙව්ව කියල.”

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පන්නන්න හැදූ කෝටි 21ක රත්තරන් කටුනායකින් මාට්ටු!

Next Post

චාමර සම්පත්ගේ ඇප අවලංගු කර අත් අඩංගුවට ගන්න… අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලයි!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.