බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හම්බන්තොට වරාය ස්මාට් වීම අරඹයි… කඩදාසි ඉවතට… පළමු වරට නැව්වලට QR කේත ගේට් පාස් එකක්…

by editor
ජනවාරි 22, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

  • කඩදාසි රහිත ස්වයංක්‍රිය වරාය පිවිසුම් අවසරපතක් හදුන්වා දුන් ලකාවේ එකම ජාත්‍යන්තර වරාය බවට හම්බන්තොට වරාය පත්වෙයි.

ඩිජිටල් පරිවර්තන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP) පිවිසෙන සියළු දෙනා වෙනුවෙන්  QR කේත මත පදනම් වූ ස්වයංක්‍රීය කඩදාසි රහිත වරාය පිවිසුම් අවසරපත් පද්ධතියක් (AGPMS) හදුන්වා දීමට හැකි විම තුළින් වරාය මෙහෙයුම් කාර්යක්ෂමතාව, ආරක්ෂාව සහ ප්‍රවේශ වීමේ පහසුව ඉතා ශක්තිමත් වූ බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරී විල්සන් ක්ව් පැවසිය.

සම්පූර්ණයෙන් ස්වයංක්‍රීය කඩදාසි රහිත ගේට් පාස් විසඳුමක් ලබා දුන් ප්‍රථම ශ්‍රී ලාංකීය වරාය බවට මේ වන විට හම්බන්තොට ජාත්‍යන්තර වරාය පත්ව ඇති බවත්,මේ තුළින් වරායේ කාර්යක්ෂමතාව වැඩි කර ගැනීමට හා අපතේ යන කාලය ඉතිරි කර ගැනීමට හැකිව ඇති බවත් ප්‍රධාන විධායක නිලධාරී වරයා මෙහිදී පැවසිය.

සාම්ප්‍රදායික මුද්‍රිත අවසරපත ප්‍රතිස්ථාපනය කරන QR කේත මත පදනම්ව සාදා ඇති මෙම AGPMS පද්ධතිය මගින් වරායේ සෑම දොරටුවකින්ම ආරක්ෂිතව සහ පහසුවෙන් වරායට ප්‍රවේශ වීමට හැකියාව පවතින අතර සැකසුම් කාලය, මානව දෝෂ සහ පරිපාලන සංකීර්ණතා සැලකිය යුතු ලෙස අවම කර වරාය තුළ රථවාහන තදබදයද ලිහිල් කරමින් වඩාත් පාරිභෝගික හිතකාමී සහ විධිමත් ක්‍රියාවලියක් ලබාදිමට මෙම පද්ධතිය උපකාරී වී ඇති බවත් , මෙම ප්‍රයත්නය ස්මාර්ට් මෙහෙයුම් සඳහා වරායේ දිගුකාලීන දැක්ම පිළිබිඹු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

“ස්වයංක්‍රීය ගේට් පාස් කළමනාකරණ පද්ධතිය අපගේ සමස්ත ස්මාර්ට් වරායක් බිහිකිරීමට කළ මුලපිරීමේ ප්‍රධාන සන්ධිස්ථානයක්. වැඩි ආරක්ෂාව සහ ඉහළ කාර්යක්ෂමතාව තහවුරු කරමින් අපගේ මෙහෙයුම් ලොව විශිෂ්ඨ පිළිවෙත් සමඟ පෙළගැස්වීමට මෙම පද්ධතිය රුකුලක් වනවා.  පද්ධතිය මඟින් යථාකාලීන අධීක්ෂණය සහ ඉහළ අනුකූලතාවද සහතික කිරීමට හැකියාව පවතිනවා. මේ තුළින් වරාය වෙත ප්‍රවේශය හොඳින් පාලනය වී වරාය මෙහෙයුම් හරහා වැඩි වගකීමක්ද ඇති කිරීමට හැකිවනවා.” හම්බන්තොට ජාත්‍යන්තර වරාය සේවා (HIPS) සාමාන්‍යාධිකාරී කපිතාන් මියුරු ගුණසේකර සඳහන් කළේය.

RelatedPosts

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ගැටලුවක් මුල් කරන් අක්ෂි රෝහලේ වෛද්‍ය වර්ජනයක්… රෝගීන් සිය ගණනක් අසරණයි…

Next Post

මහනුවර ගලහා ප්‍රදේශයේ නායේ ගිය භූමියකින් මතුවූ නීල පාෂාණයේ ඇත්ත කතාව හෙළි වෙයි!

Related Posts

පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.