අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හදිසි අවස්ථාවක පද්ධතියට එක් කිරීමට ඇති කැලණිතිස්ස බලාගාරය එක් කළ වහාම බිඳ වැටීමට නියමිතයි!

by editor
සැප්තැම්බර් 24, 2022
in පුවත්
Kelanithissa

Kelanithissa

Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු – 

  • නඩත්තුවෙදි මතුවුන විරෝධතාවයෙන් බේරෙන්න යන්තම් අටවලා තියලා… පැය දෙකක් එක දිගට දුවන්න බෑ….

  • ඇත්ත තත්ත්වය ගැන කොලේ වහලා සියල්ල සූදානම් කියනවා.  පද්ධතියට එක් කළ වහාම බිඳවැටෙන්න නියමිතයි…

  • කැලණිතිස්ස නැප්තා බලාගාරයේ  ජනන හැකියාව ගැන වහාම විධිමත් පසුවිපරමක් කරන්න… ලංකා විදුලිබල මන්ඩලීය තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමය පවසයි…

නොරොච්චෝලය බලාගාරය සඳහා ගල් අඟුරු නොලැබීම, ඩීසල් බලාගාර සඳහා ඉන්ධන නොලැබීම, ජල විදුලිය නිශ්පාදනයට ජලය හිඟකම සම්බන්ධව ගැටලු මතුවෙමින් එද්දී හදිසි ජාතික අවශ්‍යතාවයක් වෙනුවෙන්  පද්ධතියට එක් කිරීම සඳහා සූදානම් යැයි කියන මෙගාවොට් 165ක ධාරිතාවක් සහිත දැවිතෙල් මගින් බලගන්වන කැලණිතිස්ස සංයුක්ත බලාගාරයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ බරපතල ගැටලු සහගත තත්ත්වයක් ඇති බවත් මේ පිලිබඳව මහජන උපයෝගීතා කොමිසම ඇතුළු  වගකිවයුත්තන්ගේ අවධානය වහාම යොමුවිය යුතු බවත්, ලංකා විදුලිබල මන්ඩලීය තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ සභාපති ඒ .ජී .යූ නිශාන්ත පවසයි.

ලංකා විදුලිබල මන්ඩලීය තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ සභාපති ඒ .ජී .යූ නිශාන්ත

ඔහු පවසන්නේ මේ වනවිට ධාවන තත්ත්වය සම්බන්ධව බරපතල අවිශ්වාසනීය තත්ත්වයක් සහිත කැලණිතිස්ස සංයුක්ත බලාගාරයේ යථාර්ථය   යම් පිරිසක් විසින්  සාහසික ලෙස වසන් කර ඇති බවය.

මේ පිලිබඳව කළ විමසුමක දී ලංකාසරට අදහස් දක්වමින් සභාපතිවරයා මෙසේද පැවසුවේය.

“කැලණිතිස්ස සංයුක්ත බලාගාරය  2019 වර්ෂයේ දී  බිඳ වැටුණා. මේ බිඳවැටීමත් සැබෑ ලෙසම ප්‍රශ්නයක් මතු කළා. මොකද බලාගාරයෙ ජනන යන්ත්‍රයෙ ඇක්සල් දෙකක් තියනවා. මේ ඇක්සල්  දෙකම එකපාර ඩැමේජ් වුනා.   එය ප්‍රශ්නයක් විදිහට තවමත් ඉතිරිවෙලා තියනවා.“

“කෙසේ වෙතත් මෙම කොටස්වල නඩත්තුව සඳහා පළමුව ඩුබායි රාජ්‍යයටත් දෙවනුව ඉන්දියාවටත් යැව්වා. එම යන්ත්‍ර කොටස්  ලංකාවට   ගෙන ඒමට මාස 18කට වැඩි කාලයක් ගියා.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ඒ ගෙනාපු කොටස් යළි ජනන යන්ත්‍රයට සවි කිරීම සිදු කිරීමේදී විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවන් ගේ අධීක්ෂණ වගකීම් නිසි පරිදි ඉටු වුණාද කියන සැකය මතු කරමින් අලුත් වැඩියා කර ධාවනයට එක් කළ පළමු අවස්ථාවේම යන්ත්‍රයෙහි bearing සහ rotor වලට හානි වුනා. මේ හානිය මුල් අවස්ථාවේ දී සිදුවූ හානියටත් වඩා බරපතල හානියක්.“

“මේ තත්ත්වය රට තුළ බරපතල සංවාදයකට හේතු වුනා.  ඒ තත්ත්වය යටපත් කරගන්න චීන කණ්ඩායමක් ගෙනාව. ගෙනැවිත් විනාශවුන යන්ත්‍රයේ කොටස් අලුත්වැඩියා කළා. ඒක ඒ වෙලාවෙ ආපු දැඩි විවේචනයට උත්තරයක් මිස නිශ්චිත විසඳුමක් නොවෙයි. ඔවුන් දැම්මේ පැලැස්තරයක්.“

හානිවූ ජනන යන්ත්‍රයේ නඩත්තු කළ කොටස්

බලාගාරයේ ඇත්ත ගැන කොලේ වහලා..

ඉංජිනේරුවරු විදිහට අප දන්නවා මෙතන සාධනීය තත්ත්වයක් නෑ.  අලුත්වැඩියාවෙන් පසු  මේ දක්වා එම ජනන යන්ත්‍ර ධාවනය කර ඇති පැය ගණන 800 කටත් අඩුයි. අප දන්න විදිහට තවමත් එක දිගට පැයක් දෙකක් දුවන්න බෑ මේ ජනන යන්ත්‍රයට. අධික දෙදරීමක් එනවා. ඒ කියන්නෙ අසමතුලිතා තාවයක් ඇතිවෙලා තියනවා අලුත්වැඩියාවෙදි.

අපි කියන්නෙ මේකයි. රටේ විදුලිය අර්බුදයක. එහෙම අවස්ථාවක දී පද්ධතියට එක් කරගන්න සූදානම් කියලා ලෑස්ති කරලා තියෙන මේ බලාගාරය බරපතල අර්බුදයක තියෙන්නෙ. ඇත්ත ඉතාම අප්‍රසන්නයි.

ඒ හින්දා සංගමයක් ලෙස අප අවධාරණයෙන්  කියන්නෙ මේ  අවස්ථාවේ පද්ධතියට එක්කිරීමට සූදානම් යැයි පවසන කැලණිතිස්ස සංයුක්ත බලාගාරයෙන් අපේක්ෂිත ජනනය කොතෙක් දුරට සුරක්ෂිත දැයි පසුවිපරමක් කළ යුතු බවයි.

මොකද මෙම බලාගාරය පද්ධතියට එකතු කළ වහාම නැවත බිඳවැටීමක්  සිදුවී පද්ධතියෙන් යළි ඉවත් කිරීමේ  විශාල අවදානමක්  තියනවා.

අලුත්වැඩියා කළ කොටස්…

සපුගස්කන්ද  තෙල් පිරිපහදුවේ  නිෂ්පාදනය වන නැප්තා ඉන්ධනයක් ලෙස භාවිතා කළ හැකි එකම විදුලි බලාගාරය මෙයයි. මේක භාවිතා නොකළහොත් ඉතාම අඩු මුදලට එම නැප්තා  විකිණීමට සිදුවෙනවා.

පසුගිය නඩත්තු කාලය තුළද සිදු වූයේ එයයි.    මහජන උපයෝගිතා කොමිසම  ඇතුළු වගකිවයුතු පාර්ශවයන්ගෙන් මෙම බලාගාරයේ ජනන හැකියාව පිළිබඳ නිවැරදි තක්සේරුවක් ස්වාධීන කණ්ඩායමක් මගින් ලබාගන්නා ලෙස අප සංගමයක් ලෙස ඉල්ලා  සිටිනවා.“

ලංකා විදුලිබල මන්ඩලීය තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ සභාපති ඒ .ජී .යූ .නිශාන්ත වැඩිදුරටත් කීවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කැබිනට් මණ්ඩලය පත්කිරීම යළිත් කචල්… රාජපක්ෂ බලපෑම විධායක ජනපති රනිල් අසරණ කරයි!

Next Post

කාෂ්මීරයටත් විදුලි දුම්රිය

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.