බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හදිසියේ කොවිඩ් පොසිටිව් වග දැනගත්තොත් මෙහෙම වැඩ කරන්න….

ප්‍රාථමික සෞඛ්‍ය පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ විශේෂඥ  වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර  සමග කළ විශේෂ සාකච්ඡාවකි....

by editor
පෙබරවාරි 7, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සාකච්ඡාව –  නතාෂා නෙත්මිණි –

සමාජය තුළ කොවිඩ් වෛරසය පැතිරී යන වේගය එහි රිද්මය පුපුරුවා යන තරම් තියුණු වී ඇත. කඩපලට යන පුද්ගලයෙක් අහඹුලෙස කරන ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවක දී කොවිඩ් ආසාදිතබව තහවුරු වෙමින් ඇත. කොවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් ලෙස නිරෝධායනය කළ අය සඳහා කරන පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා ප්‍රමාද වෙමිනි.  පී.සී.ආර්. වාර්තා ප්‍රමාදවීමත් සමග තමන් ආසාදිත ද නැද්ද යන්න පිළිබඳව හෝ නිසි අවබෝධයක් නැතිව දින ගණන් නිවෙස්වල නිරෝධායනය වන පුද්ගලයෝ අපට හමුවෙති. ආසාදිත පුද්ගලයෙක් ප්‍රතිකාර මධ්‍යස්ථානයක  දින 14ක ප්‍රතිකාර කාල සීමාව දින 10කට ලඝු කර දින 04ක් නිවෙස්හි නිරෝධායනය කිරීමේ පිළිවෙත ක්‍රියාත්මක බව කියැවේ. ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩකඩ අල්ප වීමත් සමග කොවිඩ් ආසාදිත පුද්ගලයන් නිවෙස්වල දින ගණන් ගත කරන අවස්ථා අත් දුටුවෙමු.

කොයි මොහොතේ කවරෙක් කොවිඩ් ආසාදිත වේ දැයි දන්නේ නැත. මේ අභියෝගයට මුහුණ දෙන්නේ කෙසේ ද?  මේ ඒ පිළිබඳව ප්‍රාථමික සෞඛ්‍ය පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ විශේෂඥ  වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර  සමග පැවැත් වූ සාකච්ඡාවකි.

ප්‍රාථමික සෞඛ්‍ය පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ විශේෂඥ  වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර

ප්‍රශ්නය –  කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේද? නැද්ද? යන්න සොයා බැලීම සඳහා යම් පුද්ගලයෙකුගෙන් ගනු ලබන නියදිය පරික්ෂාවට ලක් කර වාර්තාව ලැබෙන තෙක් එම පුද්ගලයා හැසිරිය යුත්තේ කෙසේද?

පිළිතුර –  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීයෙකුගේ හෝ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාගේ උපදෙස් මත පීසීආර් පරික්ෂණයකට යම් පුද්ගලයෙක් භාජනය වන්නේ නම් ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම කොරෝනා ආසාදිත පුද්ගලයෙකුගේ  ආශ්‍රිතයෙක්.  මෙවැනි පුද්ගලයෙකු පීසීආර් පරීක්ෂාවට ලක් කළ මොහොතේ සිටම තමා කොරෝනා වෛරසය ආසාදිතයෙකු විය හැකි බව සිතා කටයුතු කිරීම ඉතාමත් වැදගත්

ප්‍රශ්නය – ඔහු අසාදිතයෙකු බව නිශ්චිත වශයෙන් තහවුරු නොවී සිටියදී   ආසාදිතයෙකු ලෙස හැසිරෙන්නේ‌ කෙසේද?

පිළිතුර –  මේ අවස්ථාවේදී අපි කවුරුත් වගකීම් සහිතව කටයුතු කළයුතු අවස්ථාවක්. ඔහු තම නිවස තුළ අන් අයගෙන්  හැකි පමණ දුරස් වී කටයුතු කටයුතු කිරීම ඉතාමත් වැදගත්‍.  නිවසේ තමන්ට වෙන් වූ කාමරයක් තිබෙන්නේ නම් එහි තනිවම සිටීම  වඩාත් හොඳයි. නිවස තුළ වුවද මුවආවරණ පැළඳසිටිය හැකිනම් එය අන් අයගේ සෞඛ්‍ය ආරක්ෂාවටද හේතුවක් වෙනවා.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

විශේෂයෙන්ම එවැනි පුද්ගලයෙකු වැසිකිළි භාවිතයෙන් පසුව හොඳින් විෂබීජනාශක යොදා පිරිසිදු කිරීම අනිවාර්යෙන්ම කළ යුතුයි. ඒ වගේම එම පුද්ගලයා සොටුදියර පරිසරයට මුදා හරින්නේ නම් හා මුඛය නාසය ස්පර්ශකර වෙනත් ස්ථානයන් අතපතගායි නම් එවැනි ස්ථානයන් විෂබීජනාශක දියර යොදා පිරිසිදු කිරීම අනිවාර්ය වෙනවා.

ඒ වගේමයි ඔහු පරිහරණය කළ භාජන අන් අය ඇල්ලීමෙන් වැලකී සිටීමද ඉතාමත් වැදගත්

ප්‍රශ්නය – පුද්ගලයෙකුගේ පීසීආර් පරික්ෂණ වාර්තාව ලැබීමට පෙර එම පුද්ගයා තමන්ගේ පෞද්ගලික රාජකාරී සඳහා, රැකියාවන් සඳහා හෝ පාසල් ළමයෙක් නම් පාසල කරා ගමන් කිරිමක් සිදුවෙනවා. මෙය කොතරම් දුරට නිවැරදිද?

පිළිතුර – මෙය සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක්. පීසීආර් පරික්ෂණ වාර්තාව ලැබෙන තෙක් හැකි පමණ සමාජයේ අන් පුද්ගලයින්ගෙන් ඉවත්ව හුදකලාව කටයුතු කිරීම තමයි හොඳම දේ. යම් හේතුවකින් ඔබ කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරුවන විට ඔබ සමාජයේ  ගැවසී සිටියෙක් නම් ඔබ රෝග වාහකයෙකු ලෙස විශාල සංඛ්‍යාවක් ආසාදනයට ලක් කර තිබෙන්න පුළුවන්.

ප්‍රශ්නය – යම් පුද්ගලයෙකු අහඹු ලෙස කළ ක්ෂණික ප්‍රතිහේද පරීක්ෂණයක දී කොවිඩ් ආසාදිත බව තහවුරු වෙනවා. ඔහු සිටින්නේ රාජකාරි කරන ස්ථානයේ කියා හිතමු.  දැන් ඔහු හැසිරිය යුත්තේ කෙසේද?

පිළිතුර –    ඔහු ආසාදිතයෙකු බව දැනුම් දුන් විට ඔහු වහාම අන් අයගෙන් ඈත් විය යුතුයි‍. තමා ආසාදිතයෙකු බව තමා පදිංචි  ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට දැනුම් දිය යුතුයි.

ඉන් අනතුරුව ඔවුන් නිවසට පැමිණ ඔබව කොරෝනා ප්‍රතිකාර රෝහලක්‌ වෙත හෝ අතරමැදි කොරෝනා මධ්‍යස්ථානයක් වෙත රැගෙන යන තෙක් ඔබ නිවස තුළ හුදකලාව ගත කිරිම ඉතාමත් වැදගත්‍.

මෙවැනි දැනුම් දීමක් ලැබෙන්නෙ අතරමගක දි නම් කරන්න ඕන මොනව ද?

ඔබ බස්රථයක තමන්ගේ පෞද්ගලික කටයුත්තක් හෝ රාජකාරීය සඳහා හෝ වාර්තා කරන අතර  දුරකථන ඇමතුමක් දී ඔබ ආසාදිතයෙකු බව තහවුරු කළහොත් එතනදී කළ යුත්තේ තමන්ගේ සියලුම සැලසුම් නවත්වා ඉහත ක්‍රමයට කටයුතු කිරීම. වහාම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අමතන්න. ඔහු කළ යුත්ත සම්බන්ධව හොඳම ප්‍රායෝගික ක්‍රමවේදය කියා දෙයි..

ප්‍රශ්නය – පීසීආර් පරික්ෂණ වාර්තාව ලැබීමට දින ගණනාවක් ගත වෙනවා. ඒත් රැකියා ස්ථානයේ ඒ සදහා නිවාඩු ලබා දීමක් සිදුවන්නෙ නැහැ නේද?

පිළිතුර – රජයේ සේවකයෙක් පීසීආර් පරික්ෂාවට ලක්කළ මොහොතේ ආයතන ප්‍රධානියාට දැනුම් දීම මගින් අදාල නිවාඩු අනුමත කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මකයි. මොකද පීසීආර් පරික්ෂාව කරන්නේ සෞඛ්‍ය බලධාරීන්ගේ උවමනා මත හා ඒ උවමනාව ගොඩනැගෙන්නේ  ඔබ පළමු පෙළ හෝ දෙවන පෙළ ආශ්‍රිතයෙකු බව හඳුනා ගැනීමෙන් පසුවයි. ඒ නිසා ඔබ රජයේ රැකියාවක් කරන්නේ නම් නිවාඩු අනිවාර්යෙයන්ම ලැබෙනවා‍ . ඒත් පෞද්ගලික අංශයේ යම් යම් ගැටලු මතුවෙනවා. ඒ කෙසේ වුවත් ඔවුනුත් තම සේවකයින්ට නිවාඩු ලබා දිය යුතුයි. මොකද මේක සමාජ වගකීමක්.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නිදහස් දිනය දා අධිකරණ නියෝග කඩ කළ විරෝධතාකරුවන්ට සිතාසි

Next Post

රනිල් මෛත්‍රී ඇතුළු යහපාලනයේ ලොක්කන්ට අපරාධ චෝදනා!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.