බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හතුරුසිංහ බඳවාගත් ගිවිසුමටත් කෝටි තුනක් වැය වෙලා…

කෝප් කමිටුවේ දී ක්‍රිකට් මගඩි රැසක් එළියට...

by editor
අප්‍රේල් 8, 2021
in පුවත්
Sri Lanka's newly-appointed head cricket coach Chandika Hathurusingha carries equipment during a practice session at the R. Premadasa Stadium in Colombo on December 28, 2017.
Sri Lanka are scheduled to take part in a tri-nation, one-day international series in January against Zimbabwe and Bangladesh in Dhaka. / AFP PHOTO / ISHARA S. KODIKARA        (Photo credit should read ISHARA S. KODIKARA/AFP/Getty Images)

Sri Lanka's newly-appointed head cricket coach Chandika Hathurusingha carries equipment during a practice session at the R. Premadasa Stadium in Colombo on December 28, 2017. Sri Lanka are scheduled to take part in a tri-nation, one-day international series in January against Zimbabwe and Bangladesh in Dhaka. / AFP PHOTO / ISHARA S. KODIKARA (Photo credit should read ISHARA S. KODIKARA/AFP/Getty Images)

Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ   බඳවා ගැනීමට අදාළ ගිවිසුම දෝෂ සහිත වීම හේතුවෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා මේවන විට වියදම් කර ඇති මුදල රුපියල් මිලියන 30 ක් බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම් පිළිබඳව විමසා බැලුණු පොදු ව්‍යාපාර ගිණුම් පිළිබඳ පාර්ලිමෙන්තු කාරක සභාවේදී (කෝප් කමිටුවේදී)  හෙළි විය.

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අඟහරුවාදා (06) කෝප් කමිටුව හමුවට කැඳවන ලද අතර එහිදී තවත් මූල්‍ය කළමනාකරණයේ දෝෂ සහිත තැන් ගණනාවක්දම එම කමිටුවේ විමර්ශනයට ලක් විය.

කෝප් කමිටු සභාපති මන්ත්‍රි අචාර්ය චරිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් රැස්වු මෙම කමිටුවේදී හෙළි වූ පරිදි 2019 වසරේ මූල්‍ය ප්‍රකාශනවලට පැවැති උපචිත වියදම් රුපියල්  එක් කෝටි අසූ අට ලක්ෂ පනස් හත් දහස් දාසයක්  (1,88,57,016) ක් හා ගෙවිය යුතු ශේෂවල ඇතුළත් ක්‍රීඩාංගන ණය හිමියෝ  දෙකෝටි හැට හය ලක්ෂ (2,66,64,834) ක් හා වෙනත් ගෙවිය යුතු ශේෂ රුපියල් තුන්කෝටි අසූ එක් ලක්ෂ පනස්  දෙදහස් හයසි හයක් (3,81,52,606) ක් සහ වෙනත් ණය ගැතියෝ රුපියල් නව ලක්ෂ තිස් හත් දහස් හයසිය හතලිස් පහක් (9,37,645) ක් මූලාශ්‍ර ලියවිලි නොමැති වීම හේතුවෙන් 2020 වසරේදී ගිණුම් වලින් කපා හැර තිබීම සම්බන්ධයෙන් කෝප් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දෝෂාරෝපණය කළේය.

මීට වගකිව යුතු නිලධාරීන් ඇතුළු අදාළ පාර්ශ්ව වෙනුවෙන් කඩිනමින් නෛතික ක්‍රියාමාර්ග ගත යුතු බවටද  කාරක සභාව නිර්දේශ කළේය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පොළොන්නරුව හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයක් සහ බහු ක්‍රීඩා සංකීර්ණයක් ඉදි කිරීම වෙනුවෙන් මේ වන විට රුපියල් මිලියන 132 ක් වියදම් කර තිබුණද ඊට අදාළ ඉඩම සඳහා මෙතෙක් හිමිකම් ඔප්පුවක් ලබා නොගැනීම සම්බන්ධව කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය.

කඩිනමින් එම ගැටලුව විසඳා ගැනීමට පියවර ගන්නා ලෙස කාරක සභාව ක්‍රීඩා අමාත්‍යාංශයට දැන්වීය. මෙවැනි කාරණා මඟින් පෙනී යන්නේ   ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධිමත් වැඩපිළිවෙළ බව ද කාරක සභාවේ සභාපතිවරයා කීවේය.

ක්‍රිඩා අමාත්‍යාංශය විසින් පත් කරන ලද අතුරු කමිටුවේ කාල සීමාව තුළ අදාළ බලධාරීන්ගේ අනුමැතිය නොලැබුණු රුපියල් මිලියන 26 ක් අගය වූ ව්‍යාපෘති 04 ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතහැර දමා තිබෙන බවද කාරක සභාවේදී අනාවරණය විය.

2015 වසරේ සිට 2019 වසර දක්වා වූ කාල පරිච්ඡේදයකට අදාළ රු. 10,292,337 ක් වූ තරඟ අත්තිකාරම් සහ 2007,2008,2016 හා 2017 යන වසරවල ක්‍රිකට් සංගම්වලට දෙන ලද රු.7,764,050 ක ඉදිකිරීම් අත්තිකාරම් නිරවුල් කිරීමකින් තොරව දිගින් දිගටම පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් ද කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය.

එමෙන්ම 2014,2015,2016 සහ 2017 වසර වලට අදාළ එකතුව රු. 18,785,305 ක් වූ ගෙවිය යුතු ණය හිමි ගිණුම් 69 ක් 2020 වසරේදී මූල්‍ය ප්‍රකාශන වලින් කපා හැර තිබීම සම්බන්ධයෙන් ද කාරක සභාවේදී අනාවරණය විය. මේ පිළිබඳව වහාම සොයා බලන ලෙස ද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දුන්නේය.

දේශීය ක්‍රීඩා පිටි සහ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන ඉදි කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා 2010 වසරේ සිට පැවැත එන රු.මිලියන 16 ක් වූ අත්තිකාරම් ගෙවීම් ගිණුම් ශේෂ 01 ක් 2020 වසරේ වසරේ ගිණුම්වලින් කපාහැර තිබීම සම්බන්ධයෙන් ද කාරක සභාව සිය නොසතුට පළ කළේය.

ප්‍රසම්පාදන මාර්ගෝපදේශ නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙවැනි ගැටලු රැසක් මතුව ඇති බවත්, පිළිගත් රාමුවක් තුළ ආයතනය ක්‍රියාත්මක විය යුතු බවත් කාරක සභාවේ මතය විය.

මෙම කාරක සභා රැස්වීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීහු මෙන්ම  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරිහු ද  සහභාගි වූහ.

මෙම රැස්වීමට සහභාගී වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ හිටපු නිලධාරීන් කිහිප දෙනෙක් ද පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණ සිටියද ඔවුන්ගේ ධූර කාලය සඳුදා (05) අවසන් වීම හේතුවෙන් එම නිලධාරීන් රැස්වීමට සහභාගී කර නොගැනිණි.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

එරික් පෙරේරා වෙන්නප්පුවේ පස්දෙනකුගෙන් කළ වැඩේට පොලිසියේ 125ක් යොදවයි

Next Post

යාපනය නගරසභාවට කොටි පොලිසියේ “මොඩ්ල් එකක්“ හදන්න හැදූ නගරාධිපති පොලිසියට….

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.