සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හතර අතේ නැගෙන මඩ අවලාද මැද හමුදාපතිට ලැබුන අවුරුද්දක සේවා දිගුවේ කතාව…

by editor
ජූලි 30, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රුද්‍රගු හට වසරක සේවා දිගුවක් ජනපතිවරයා විසින් ලබා දී තිබේ. හමුදාපතිවරයාගේ එම සේවා දීර්ඝය මේ හෝරාවේ ජනපතිවරයා විසින් ගත් අතිශයින් වැදගත් තීරණයකි.දේශපාලන ජාවාරම්කාර හෙංචයින් විසින් උඩු යටිකරු කර තිබූ යුද හමුදාව නැවත ඉහළට ඔසවා තැබීමේ වගකීම ජාජබ ආණ්ඩුව විසින් ලුතිනන් ජනරාල් ලසන්ත රුද්‍රිගු වෙත පැවරිණි. ඒ රාජකාරිය ඔහු විසින් ඉතා විශිෂ්ට ආකාරයෙන් ඉටු කරමින් සිටි බව නම් ඇස් පනා පිට දකින්නට තිබුණි.

යුද හමුදාපති ධූරය ලත් කතෝලිකයා

යුද හමුදාපතිවරයාට එරෙහිව එක්තරා වාචාල යූටියුබයකු චෝදනා කරන ලද්දේ ඔහු කතෝලිකයකු බව සඳහන් කරමිනි.

ආගමික උන්මාදයෙන් මේ යූ ටියුබයා සිදු කරන ලද චෝදනා පදනම් විරහිත චෝදනාවක් බව තහවුරු කර ගත හැක්කේ යුද හමුදා ඉතිහාසය හැදැරීමෙනි. කතෝලික ආගමිකයන් ලෙස මෙරට හමුදාපති ධුරයන් දැරූ බොහෝ දෙනෙකි. ඒ සියල්ලන් අතුරෙන් යුද හමුදාවට ඉතා විශිෂ්ට සේවාවක් ඉටු කරන ලද්දේ මෙරට ළාබාලම ලුතිනන් ජනරාල්වරයා වූ ඩෙනිස් පෙරේරාය.

ලුතිනන් ජනරාල් ඩෙනිස් පෙරේරා 1977 වර්ෂයේ හමුදාපති වරයා ලෙස පත් වන විට මෙරට ආර්ථිකය දැඩි අර්බුදයකට පත් වී තිබුණි. ඒ ආර්ථික අර්බුදය නිසා යුද හමුදාවද සිටියේ හෙම්බත් වීය. යුද හමුදාපති ඩෙනිස් පෙරේරා යුද හමුදාව ප්‍රතිසංස්කරණය ඇරඹුවේ සෙබළුන්ගේ මූලික අවශ්‍යතා සපුරාලමිනි.

RelatedPosts

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

එහිදී ඔහු යුද කඳවුරු නීරික්ෂණය කරමින් කළ සංචාරවලදී සෙබලුන් ආහාර සලාක භට නිවාසවල අඩු පාඩු ගැන පවා අවධානය යොමු කරන්නට විය.මෙහිදී බොහෝ නිළධාරීන් යුද හමුදාපතිවරයාට වග උත්තර බැන්දේ ඒ අඩුපාඩු “ඉබේ” නැති වූ බවටය. ඉන් අනතුරුව යුද හමුදාපති වරයා කඳවුරක යම් අඩුපාඩුවක් ප්‍රශ්ණ කිරීමට පෙරම නිළධාරීන්ගෙන් විමසුවේ මෙතැන අඩුපාඩුව සිද්ධ වෙන්න ඇත්තේ “ඉබෙි” දැයි කියාය. මේ නිසාම යුද හමුදාපතිවරයා හමුදා නිළධාරීන් හැඳින්වූ අනවර්ථ නාමය වූයේ “ඉබේ බොස්”යන්නය.

හමුදාපති වරයා යුද කඳවුරු නිරීක්ෂණය නොඉවසූ ඇතැම් ජාවාරම්කාර හමුදා නිළධාරීන් පිරිසක් ඔහුට එරෙහිව දියතලාව කඳවුරක පෝස්ටර් අලවා තිබුණේ මරුවා සමග වාසේ යන්න සඳහන් කරමිනි. හමුදාපති ඩෙනිස් පෙරේරා ඒ කෙනෙහිළිකම් තඹ දොයිතුවකට සැළකුවේද නැත. ඔහු හමුදාපති ධුරයට පැවරී තිබුණ වගකීම් සම්භාරය ඉතා මැනවින් ඉටු කෙරුවේය.

ශ්‍රී ලංකා යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුව හා කාන්තා බළකාය නිර්මාණය කෙරුවේද හමුදාපති ඩෙනිස් පෙරේරාය. එපමණක්ද නොවේ.  පනාගොඩ යුද හමුදා ජනපදයේ විහාරස්ථානයක් ඉදිකිරීමටද මුල් ගල තැබුවේ මේ හමුදාපතිවරයාය. කමාන්ඩෝ රෙජිමෙන්තුව ස්ථාපිත වගකීම ඔහු විසින් පැවරුවේ තරුණ නිළධාරියකු වූ කපිතාන් සුනිල් දයාලන් පීරිස් වෙතය. වර්තමානයේදී ඔහු කමාන්ඩෝවරුන්ගේ ගෞරව බහුමානයට ලක් වී සිටින්නේ ෆාදර් ඔෆ්ද කමාන්ඩෝ විදියටය.

ආගම ගැන කට කැඩිච්ච අවලාද නගන වුන්ට අපට පෙන්වා දීමට ඇත්තේ එවකට හමුදාපති වූ ඩෙනිස් පෙරේරා පමණක් නොව මේ කපිතාන් සුනිල් පීරිස්ද කතෝලිකයෙක් බවය. සුනිල් පීරිස් මෙරට යුද හමුදාපති පදවියට සියලු වෘත්තීය සුදුසුකම් සපුරා සිටි හමුදා නිළධාරියෙකි. එහෙත් රාජ්‍ය බලධරයකු විසින් දේශපාලනික හේතු මත තරුණයන් 26 දෙනෙකු ඝාතනය කිරීමට ඔහුට කළ නියෝගය ඉවත දමා ඔහු සිය වෘත්තීය අනාගතය එම තරුණයන්ගේ ජීවිත වෙනුවෙන් කැප කර හමුදාවෙන් ඉල්ලා අස් වී ගෙදර ගියේය.

අප මේ සඳහන කෙරුවේ වර්තමාන යුද හමුදාපති ලසන්ත රොද්‍රිගුට එරෙහිව නැගුන කතෝලික ආගමික පදනම නිසාය.

ජාතිකත්වය තහවුරු වන්නේ ආගම තුළින් යැයි විශ්වාස කරන තකතිරුවන් බොහෝය. එහෙත් ජාතිකත්වය තහවුරු කෙරෙන්නේ භාෂාවෙන් මිස වෙන ලබුවකින් නොවේ. යුද හමුදාවේ මේ වන විට සේවයේ නිරත එකම කතෝලිකයා වර්තමාන යුද හමුදාපතිවරයාම පමණක් නොවේ. බොහෝ කතෝලිකයන් මෙරට හමුදා යාන්ත්‍රණයේ සක්‍රීය සේවයේ නිරතව සිටිති. පසුගිය යුද සමයේ භෞමික අඛන්ඩතාව වෙනුවෙන් සිය ජීවිතය පිදූ අන්‍යාගමික රණ විරුවිරුන්ද විශාල පිරිසකි.

ආන්දෝලනයට පත් පරිපාලන තීන්දු

වර්තමාන යුද හමුදාපතිවරයා හමුදාපති ධුරයට පත් කිරීමෙන් පසුව ක්‍රියාත්මක කරන ලද පරිපාලනමය තීන්දු අතර හමුදා විශ්‍රාමිකයන් සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය ඉතා වැදගත්ය. මෙතෙක් කාලයක් හමුදා විශ්‍රාමිකයකු හෝ ආබාධිත  විශ්‍රාමිකයකු සිය සේවා ප්‍රශ්නයක් විසඳා ගැනීමට තමන් සේවය කළ රෙජිමෙන්තු මූලය වෙත වාර්තා කළ යුතු විය. එහිදී ඇතැම් රෙජිමෙන්තු මූලයන් මුලතිව් මන්නාරම වැනි ප්‍රදේශ වලද පිහිටා තිබේ.

ඒ රෙජිමෙන්තුවක විශ්‍රාමික හෝ ආබාධිත සෙබළෙකු ගාල්ලේ ජීවත්වන අයෙකු නම් ඔහුද සිය සේවා ප්‍රශ්නය විසඳා ගැනීමට ඉහත රෙජිමෙන්තු මූලයන් වෙත යා යුතු විය. වර්තමාන හමුදාපතිවරයා විසින් විශ්‍රාමිකයන් මුහුණ දුන් ඒ දුෂ්කරතාව අවසන් කරමින් තමන් ජීවත්වන ප්‍රදේශයේ ආසන්නතම කඳවුරෙන් එම ප්‍රශ්න විසඳීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කර තිබේ.

පසුගිය කාලයේ යුද හමුදාව තුළ සිටි ජාවාරම්කාරයන් සම්බන්ධයෙන්ද වර්තමාන යුද හමුදාපති වරයා සෘජු තීන්දු ගනිමින් සිටී. එහිදී ඇතැම් හමුදා ඡ්‍යෙෂ්ඨයන් දේශපාලන බල පුළුවන්කාරකම් වලට වසන් වෙමින් සිදු කරන ලද දූෂණ වංචා සම්බන්ධයෙන්ද වර්තමාන යුද හමුදාපතිවරයා ගේ අවධානය යොමු වී තිබේ. මේ ජාවාරම්කාරයන් දැන් සිටින්නේ බූමිතෙල් ගෑවුන ගැරඬියන් මෙනි.

යුද හමුදාපති ලසන්ත රොද්‍රිගෝ  ආගමික විශ්වාසය ඉස්මතු කරමින් පසුගිය දිනවල අසත්‍ය ප්‍රචාර කරන ලද්දේ ඒ ජාවාරම්කාරයන් හා උන්ගේ සට්ටැඹි අතවැසියන්ය.

දේශපාලනික ගජබාකරණයකට ලක්වී වල්මත් වී තිබුණ ශ්‍රී ලංකා යුද හමුදාව වර්තමාන යුද හමුදාපති ලසන්ත රුද්‍රිගු නියම පීල්ලට ගෙන ඇති බව පසුගිය දිනවල හමුදාව තුළ සිඳු වූ පරිවර්තනීය වෙනස තුළ පැහැදිලිය. ඒ සඳහා වූ සාක්ෂිද බොහෝය.  සමාජ මාධ්‍ය අතර විකල් වූ බොහෝ සහෘදයින්ට කියන්නට ඇත්තේ යුද හමුදාව තුළ සිදුවෙමින් ඇති දේ  උපේක්ෂාවෙන් බලා සිටින ලෙසය. (Lokuliyana Loku ෆේස් බුක් පිටුවෙනි)

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මනම්පිටියේ වැලි තොටුපලවලින් වැලි ප්‍රවාහනයේ දී  ලොරි රථයකට  අනුමත ධාරිතාව ඉක්මවා වැලි ප්‍රවාහනය සපුරා තහනම් කරයි…

Next Post

ලලිත් – කූගන් අතුරුදහන් කිරීමේ නඩුවට සාක්ෂි දෙන්න සූදානම්… ගෝඨාභය අධිකරණයට දන්වයි!

Related Posts

පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
පුවත්

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  
  • මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….
  • පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.