හඟුරන්කෙත කළාප අධ්‍යාපන කාර්යාලයේ රුපියල් මිලියන ගණනක මූල්‍ය අක්‍රමිකතාව සිදුකළ සංවර්ධන නිලධාරිවරයා වලපනේ ප්‍රාදේශීය සභාවේද මුදල් වංචාවක් සිදුකර තිබෙන බවට තොරතුරු අනාවරණය වීමෙන් පසු ඔහුගේ සේවය අත්හිටුවීමට ඊයේ (31) පියවර ගත් බව මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් පවසයි.
අදාළ පුද්ගලයා වලපනේ ප්‍රාදේශීය සභාවට අනුයුක්තව 2016 සිට සේවය කර තිබේ. එහි වැටුප් ගෙවීම් වලදී මොහු රුපියල් 150000.00 ක මුදලක් වංචාකර තිබෙන බව මේවන විට පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
එම ප්‍රාදේශීය සභාවේ ගිණුම් අංශයේ පරිගණක වලට සීල් තබා ඉදිරි විමර්ශන සිදු කරන බවත් අදාළ මුදල් වංචාව ඉදිරියේදී තවත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවත් මේනක හේරත් මහතා කීය.
හඟුරන්කෙක කළාප අධ්‍යාපන කාර්යාලයේ මූල්‍ය වංචාව මේවන විට රුපියල් කෝටියක් දක්වා ඉහළ ගොස් ඇත.
වලපනේ ප්‍රාදේශීය සභාවේ සේවය කරන අතරතුර මෙම පුද්ගලයා හඟුරන්කෙත කළාප අධ්‍යාපන කාර්යාලයේදී සතියකට දින දෙකක් වැඩ ආවරණය කර තිබේ.
මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් කරන ලෙස වලපනේ ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාට දැනුම් දී තිබෙන බවද පළාත් පාලන කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.