රෝගීන්ගේ අයිතිවාසිකම් සහ වගකීම් ශක්තිමත් කිරීම සඳහා යෝජනාවක් සකස් කිරීම සඳහා සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව යෝජනා කලහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායකගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වී රෝගීන්ගේ අයිතිවාසිකම් සහ වගකීම් ශක්තිමත් කිරීමේ යෝජනාවක් සකස් කිරීම පිළිබඳව සාකච්ඡා කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, නීති ආධාර කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වැනි රාජ්‍ය ආයතන සහ රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් පෙනී සිටින ආයතන රැසක නියෝජිතයන් මෙම කමිටු සාකච්ඡාවට එක්ව සිටියහ. .
පවතින රෙගුලාසි තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු වූ අතර එම යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමේ අවශ්‍යතාව කමිටුව පෙන්වා දුන්නේය.
වෛද්‍ය වෘත්තියට සම්බන්ධ ප්‍රවීණයන් සහ රෝගීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින අනෙකුත් සංවිධාන කාරක සභා රැස්වීමේදී මේ සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කළහ.