චීනය සමඟ ආරක්ෂක හවුල්කාරිත්වයක් ඇති කර ගැනීමට සොලමන් දූපත් රජය ගත් තීරණයෙන් පසුව පැසිෆික් කලාපය මිලිටරිකරණය විය හැකි බවට නවසීලන්තය දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටින බව එරට අගමැති ජසින්ඩා ආර්ඩර්න් පවසයි.
ඔස්ට්‍රේලියාවෙන් ඔබ්බට එහි ආරක්‍ෂක සබඳතා පුළුල් කරන බව සොලමන් දූපත් රජය විසින් සිකුරාදා තහවුරු කළ අතර ජසින්ඩා ආර්ඩර්න් සොලමන් දූපතේ චීන හමුදා ස්ථානගත කිරීම බරපතල ආරක්ෂක ඇඟවුමක් බව සදහන් කර තිබේ.
මේ අතර සොලමන් දූපතේ ආරක්ෂක ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා කිරීමට චීනය උත්සහ කරන බව පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවට අනතුරු ඇඟවූ නමුත් ඕස්ට්‍රේලියාව එය නොසලකා හැරි බව සොලමන් දූපත් හි විපක්ෂ නායක මැතිව් වේල් පවසා තිබේ.
ඕස්ට්‍රේලියාවට කිලෝමීටර් 2,000ක් ඊසාන දෙසින් පිහිටි මිලියනයකට වඩා අඩු ජනගහනයකින් යුත් සොලමන් පැසිෆික් දූපත් ජාතිය සමඟ චීනය ඇති කර ගැනීමට නියමිත ආරක්ෂක ගිවිසුම හරහා චීන යාත්‍රා පැසිපික් කලාපයේ ස්ථාපිත කිරීමට අවසර ලබා දෙන අතර එය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සහ එක්සත් ජනපදය තුළ ආරක්ෂාව පිළිබද අනතුරැ ඇගවීමක් ඇති කර තිබේ.
මේ සම්බන්ධයෙන් කණස්සල්ල පළ කළ වොෂින්ටනය සොලමන් දූපත්හි අගනුවර වන හොනියාරා හි එක්සත් ජනපද තානාපති කාර්යාලයක් නැවත විවෘත කිරීමට ද පියවර ගෙන තිබේ.
Discussion about this post