සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සොරි කියා බේරෙන්න බැරි පුටින් ගේ මාරක අත් වැරැද්ද… රුසියාව සිවිල් ගුවන් යානයක් බිම හෙලූ දෙවැනි අවස්ථාව මෙයයි!

by editor
දෙසැම්බර් 29, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පුද්ගලයන් 38 දෙනෙකුට මරු කැඳවමින් අසර්බයිජානියානු ගුවන් යානා අනතුරට මුල රුසියානු ප්‍රහාරයක් බව අනාවරණය වීමෙන් අනතුරුව රුසියානු ජනාධිපති වැඩිමීර් පූටින් එය “ඛේදනීය සිදුවීමක්” ලෙස ප්‍රකාශ කර අසර්බයිජානයෙන් සමාව අයැද සිටියේය.

අසර්බයිජාන් ගුවන් සේවයේ J2-8243 දරන ගුවන් යානය අසර්බයිජානයේ අගනුවර වන බකු සිට දකුණු දිග චෙච්නියාවේ ග්‍රොස්නි දක්වා පියාසර කරමින් තිබී ඇත. ගොඩබෑම සිදුකිරීමට උත්සාහ කරන අවස්ථාවේ අවට පරිසරය දැඩි මීදුමකින් වැසී ඇති බැවින් නියමුවා අවස්ථා කීපයක දී ගොඩබෑම සාර්ථක කරගැනීමට උත්සාහ කර තිබේ.

මීදුම සහිත අවස්ථාවේ මෙම ගොඩබෑමට කරන කර උත්සාහ යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයක් ලෙස වරදවා වටහාගෙන රුසියානු ගුවන් ආරක්ෂක පද්ධතිවල වෙඩි තැබීමට ලක්ව ඇති බව මේ වනවිට තහවුරු වන සාධක ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

අනතුරෙන් දිවි ගලවා ගත් මගීන් සහ කාර්ය මණ්ඩලය අසර්බයිජානියානු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ ගුවන් යානය ග්‍රෝස්නිට ඉහළින් ගොඩබැස්සවීම සඳහා උත්සාහ කරමින් සිටිය දී විශාල ශබ්ද ඇසුණු බවය.

RelatedPosts

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

රුසියාව කියූ කතාව

රුසියාවේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රධානී දිමිත්‍රි යාද්‍රෝව් සිකුරාදා පවසා ඇත්තේ අසර්බයිජාන් ගුවන් යානය දැඩි මීදුමක ග්‍රොස්නි වෙත ගොඩබෑමට සූදානම් වන විට යුක්රේන ඩ්‍රෝන යානා නගරය ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර ඇත්දැකීම ඇති බලධාරීන් ප්‍රදේශය ගුවන් ගමනාගමනය සඳහා වසා දැමීමට පොළඹවන ලද බවය.

දිමිත්‍රි යාද්‍රෝව් පැවසුවේ කපිතාන්වරයා ගොඩබෑමට අසාර්ථක උත්සාහයන් දෙකක් ගත් පසු තත්ත්වය හඳුනාගෙන ඔහුට හදිසි ගොඩබෑමක් සඳහා වෙනත් ගුවන් තොටුපළවල් ලබා දුන් නමුත් කසකස්ථානයේ ඇක්ටෝ වෙත පියාසර කිරීමට තීරණය කර තිබුණේ යානයේ කපිතාන්වරයාම බව ඔහු වැඩිදුරටත් කීවේය.

සෙනසුරාදා නිකුත් කරන ලද නිල ක්‍රෙම්ලිනයේ ප්‍රකාශයක් කියා සිටියේ බදාදා දිනයේ දී මෙම ගුවන් යානය “නැවත නැවතත්” ගොඩබෑමට උත්සාහ කිරීමත් සමඟ ගුවන් ආරක්ෂක පද්ධති ග්‍රොස්නි ගුවන් තොටුපළ අසල එම යානයට වෙඩි තැබූ බවය.

නිල වශයෙන් බාරගෙන නෑ…

“රුසියානු ගුවන් සීමාවේ සිදු වූ ඛේදනීය සිදුවීම සම්බන්ධයෙන්” පුටින් අසර්බයිජානියානු ජනාධිපති ඉල්හාම් අලියෙව්ගෙන් සමාව අයැද සිටින්නේ ඉන් පසුවය. කෙසේ වෙතත් සිද්ධියේ වගකීම රුසියාව විසින් නිල වශයෙන් භාරගෙන නැත.

සිද්ධිය සම්බන්ධයෙන් රුසියාව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර අසර්බයිජානියානු රාජ්‍ය අභිචෝදකයින් ඒ වෙනුවෙන් සහභාගී වීමට ග්‍රොස්නි වෙත පැමිණ ඇති බව කියැවේ.

රුසියාව, අසර්බයිජානය සහ කසකස්තානය යන රටවල “ කසකස්තානයේ අක්ටාවු නගරය ආසන්නයේ කඩාවැටුණු ගුවන් යානය සහ එය කඩා වැටුන ස්ථානය පිළිබඳව ඒකාබද්ධව විමර්ශනය කරන බවද ක්‍රෙම්ලිනය ප්‍රකාශ කළේය.

ඔප්පු වුනොත්

රුසියානු වෙඩි තැබීමකින් ගුවන් යානය කඩා වැටී ඇති බව ඔප්පු වුවහොත්, එය යුක්රේනයේ සටන් හා සම්බන්ධ දෙවන මාරාන්තික සිවිල් ගුවන් අනතුර වනු ඇත.

2014 දී මොස්කව් පිටුබලය ලබන බෙදුම්වාදීන් විසින් පාලනය කරන ලද නැගෙනහිර යුක්රේනයේ ප්‍රදේශයට ඉහළින් පියාසර කරමින් සිටියදී මැලේසියානු ගුවන් යානයක් රුසියානු මිසයිලයකින් බිම හෙළන ලද අතර එහි සිටි පුද්ගලයින් 298 දෙනාම මිය ගියහ. රුසියාව වගකීම ප්‍රතික්ෂේප කළේය.

වෙනත් ගුවන් සමාගම්වල තින්දු

බදාදා අසර්බයිජානයේ බකු සිට ග්‍රොස්නි සහ ඒ අසල මකච්කාලා වෙත ගුවන් ගමන් අත්හිටුවීම නිවේදනය කළ අසර්බයිජාන් එයාර්ලයින්ස් සමාගම සිකුරාදා නිවේදනය කළේ තවත් රුසියානු නගර අටකට තමන් පවත්වාගෙන යන සේවා ද නරත රකන බවය.

අනතුරෙන් පසු තවත් ගුවන් සමාගම් කිහිපයක්ම එවැනිම නිවේදන නිකුත් කළේය. කසකස්තානයේ කසාක් එයාර් ගුවන් සේවය සිකුරාදා කියා සිටියේ අස්ටානා සිට යූරල් කඳුකරයේ රුසියානු නගරය වන යෙකටරින්බර්ග් වෙත පියාසර කිරීම මාසයකට නතර කරන බවයි.

මධ්‍යම ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය වන ටර්ක්මෙනිස්තාන් ගුවන් සේවය සෙනසුරාදා අවම වශයෙන් මාසයකට මොස්කව් වෙත ගුවන් ගමන් නවතා දැමුවේ ආරක්‍ෂාව හේතුවෙනි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කොරියාවේ ගුවන් අනතුරින් ජිවිතය බේරා ගත්තේ පුද්ගලයින් 02ක් පමණ ද?… 179ක් මිය ගොස් ඇතැයි බිය පළ වේ… ( වීඩියෝ සහිතයි) 

Next Post

විදේශ රැකියා පෙන්නා මිලියන ගණන් මුදල් වංචා කළ මනුෂගේ මල්ලි 06 දා තෙක් රිමාන්ඩ්…

Related Posts

පුවත්

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ජූලි 18, 2026
පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ජූලි 18, 2026

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!
  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.