සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෙවනපිටිය දුම්රිය හරස් මාර්ගයේ දී 15 දෙනෙක් ඝාතනය කිරීමේ වරදට මරණීය දණ්ඩනය නියමව සිටියදී සැඟව සිටි මනිමරු රියදුරු අත් අඩංගුවට…

by editor
පෙබරවාරි 14, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

මීට අවුරුදු 14කට පෙර වැලිකන්ද පොලිස් වසමේ පොළොන්නරු මඩකලපුව ප්‍රධාන මාර්ගයේ  පිහිටි සෙවනපිටිය දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂිත ගේට්ටුව කඩාගෙන ගොස්   15 දෙනෙක් ඝාතනය කර 40 දෙනෙකුට තුවාල සිදුකළ වරදට    මරණීය දණ්ඩනය නියම වී සිටිය දී සැඟව උන් මිනීමරු බස් රථ රියදුරා අද (14) අලුයම  වැලිකන්ද පොලිස් මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලීසිය කියයි.

කිසිම මාර්ග නීතියක් නොසලකා ධාවනය කර බස් රථය දුම්රිය හරස් මාර්ගයට ඇතුළු කරමින්  මේ අශිෂ්ට මිනිසා අනතුරට ලක් කරන්නේ  පෙරපාසල් දරු පිරිසකි. එම නොදරුවන් සහ ඔවුන්ගේ දෙමව්පියන් විනෝද චාරිකාවක් සඳහා මේ බස් රථයේ ගමන් කරමින් සිටියහ. අසරණ දරු පැටවු 07 දෙනෙක් එම ස්ථානයේ දීම මිය ගියහ.

රටම කම්පා කළ එම බිහිසුණු  සිදුවන්නේ වර්ෂ 2009 මැයි 16 වෙනිදා ය. අනතුරින් 15 දෙනෙක් මිය ගියහ. 14 දෙනෙක් අතිශය බරපතල තුවාල ලදහ. 26 දෙනෙක් තුවාල ලබා වසර ගණනක් එක් තැන් වී සිටියහ.

පුරා වසර 14ක් තිස්සේ නඩු ඇසීමෙන් අනතුරුව 2023.09.22 දා පොලොන්නරුව මහාධිකරණය සිය තීන්දුව ප්‍රකාශ කරමින් මෙම මිනීමරු රියදුරාට මරණීය දණ්ඩනය නිමය කළේය.

එම තීන්දුව ලබා දෙන්නේ මහාධිකරණ විනිසුරු එස්.ඒ.අයි.එස් සුරවීර විසිනි. මරණීය දන්ඩනය නියම කරන තීන්දුව ප්‍රකාශ කරන්නට වසරක පමණ සිට මෙම පුද්ගලයා අධිකරණය මගහැර සිටියේය. ඔහු අවසන් වරට අධිකරණය ඉදිරියේ පෙනී සිට තිබුණේ 2022.08.05 වැනි දා ය. එතැන් සිට සැඟවි සිටි මිනීමරු රියදුරුට එරෙහිව අධිකරණය වරෙන්තු පනවා තිබිණි.  සැඟවි සිටින මෙම අපරාධකරු  අත් අඩංගුවට ගැනීමට පොලිසිය දැඩි ඉවසිමකින් යුතුව රහසිගත මෙහෙයුමක් දියත් කර තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අද (14 )   අලුයම 4.00 ට පමණ   වැලිකන්ද පොලිස් මාර්ග බාධකයේ දී අත්අඩංගුවට මෙම පුද්ගලයා අත් අඩංගුවට පත් වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක අප කළ විමසුමක දී පැවසුවේය.

පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා  ගේ උපදෙස් මත වැලිකන්ද සහකාර පොලිස්  අධිකා‍රි ප්‍රගති ලක්මිණි  ගේ මෙහෙයවීමෙන්, වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක, අපරාධ අංශ‍යේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එච්.එම්.සියාම්, 51099 ආර්.එම්.එම්.රත්නායක   ඇතුළු අපරාධ අංශයේ පොලිස් නිලධාරින් පිරිසක් මෙම මෙහෙයුමේ නිරත වූහ.

අත්අඩංගුවට ගත් සැකකරු හෙට 15   පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පළවෙන් කෑල්ල හොඳටම කළා… ජයග්‍රහණයට ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු  267ක ඉලක්කයක්!

Next Post

දෙයියම්පා සුපිරියි…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.