ඉරිදා, ජූනි 28, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෙල්ලකතරගම දී ඌරු තෙල් වලස් තෙල්, මොණරතෙල් අලි කෙඳි ඇත් දළ මුදු විකුණමින් සිටි දඹානේ ආදිවාසියාට ලක්ෂ 4ක දඩයක්!

by editor
ජූලි 23, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සෙල්ල කතරගම පූජා භූමි පරිශ්‍රයේ කස්තුරි, වලස් තෙල්, ඌරු තෙල්,  මොණර තෙල් සමඟ කිඹුල් දත්, මුව හම් හා ඇත් දළ උපයෝගි කර ගනිමින් සකස් කළ මාල, වළලු, පෙන්ඩන් ආදිය විකුණනමින් සිටිය දී ඌව පළාත් වනජීවී නිලධාරීන් විසින් පසුගිය 17 වැනිදා අත් අඩංගුවට ගත් දඹානේ ආදිවාසී පුද්ගලයෙක් සහ ඔහුගේ සහචරයා කතරගම සංචාරක උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් දෙදෙනාට රුපියල් හයලක්ෂ පන්දහසක (605000.00) දඩ මුදලක් නියම කර තිබේ.

වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ වගන්ති උල්ලංඝනය කිරීම යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස දඩ මුදල් ගෙවීමට නියම වූ දඹානේ ආදිවාසියෙක් වූ ඌරුවරිගේ උදය කුමාරට සහ ඔහුගේ සහචරයා ලෙස සිටි තඹුත්තේගම පදිංචි බාලක්‍රිෂ්ණන් රාජු යන දෙදෙනාටය.

දඹානේ ආදිවාසි ඌරුවරිගේ උදය කුමාර නැමැති අයට රුපියල් 405000.00 දඩයක් නියම විය. බාලක්‍රිෂ්ණන් රාජු නැමැති අයට රුපියල් 200000.00 ක දඩයක් ද නියම වූයේය.

සැකකරුවන් සතුව තිබී ඇත් දළ වලින් සකස් කරන ලද මුදු 12 ක්, මුවෙකු ගේ අස්ථි කොටස් වලින් සකස් කරන ලද මාල,අලි හක්කේ කොටස් වලින් සකස් කරන ලද පෙන්ඩන්, අලි කෙඳි 84 ක්, කිඹුල් දත් 13 ක්, කළුවර ලීයෙන් නිමවන ලද දේව පිළිම ඇතුළු භාණ්ඩ තොගයක් වනජීවි නිලධාරීන් ගේ භාරයට ගෙන තිබේ.

ඌව පළාත් වනජීවි කාර්යාලයේ වනජීවි සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ.ඒ.ඩී.යූ ඉන්ද්‍රජිත් මගේ උපදෙස් මත මෙම වැටලිම සිදුකර ඇත.

RelatedPosts

ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් ඉහළට!

රාජ්‍ය වාහන  සංචිතයේ අඩකට වඩා අවුරුදු 15කට වඩා පැරණියි… නැතිනම් ධාවන තත්ත්වයේ නෑ…

Tags: නවතම
Share69Tweet43
Previous Post

සුමන්තිරන්ලා සහ ගජේන්ද්‍ර කුමාර්ලා හැර අනෙක් සියලු දෙමළ පක්ෂ දෙමළ පොදු අපේක්ෂකයෙක් වෙනුවෙන් සන්ධානගත වෙති!

Next Post

ශ්‍රී ලංකා සංචිතය නම් කරයි… චමිඳු වික්‍රමසිංහට ශ්‍රී ලංකා වරම්…

Related Posts

ඇමරිකානු යුද මධ්‍යස්ථාන වෙත ඉරානය ප්‍රහාර එල්ල කළ ආකාරය...
පුවත්

ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

ජූනි 28, 2026
පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් ඉහළට!

ජූනි 28, 2026
පුවත්

රාජ්‍ය වාහන  සංචිතයේ අඩකට වඩා අවුරුදු 15කට වඩා පැරණියි… නැතිනම් ධාවන තත්ත්වයේ නෑ…

ජූනි 28, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
ඇමරිකානු යුද මධ්‍යස්ථාන වෙත ඉරානය ප්‍රහාර එල්ල කළ ආකාරය...

ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

ජූනි 28, 2026

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් ඉහළට!

ජූනි 28, 2026

රාජ්‍ය වාහන  සංචිතයේ අඩකට වඩා අවුරුදු 15කට වඩා පැරණියි… නැතිනම් ධාවන තත්ත්වයේ නෑ…

ජූනි 28, 2026
ADVERTISEMENT
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…
  • ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් ඉහළට!
  • රාජ්‍ය වාහන  සංචිතයේ අඩකට වඩා අවුරුදු 15කට වඩා පැරණියි… නැතිනම් ධාවන තත්ත්වයේ නෑ…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.