සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44ක් ලෙසත්, රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46ක් ලෙසත් උපරිම මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වත්මන් කාර්ය සාධනය පිළිබඳ විමර්ශනය සදහා ඊයේ (19) රැස් වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී බිත්තර මිල පාලනය පිළිබඳ කරුණු ගණනාවක් සාකච්ඡා වී තිබිණි.
ඒ අනුව වෙළෙඳ සහ කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනා අදාල නිලධාරීන් සම්බන්ධීකරණය කරගනිමින් දින පහක් තුළ බිතත් මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් සැකසිම සහ ඒ අනුව බිත්තරයක් සඳහා පිරිවැය ගණනය කරන කිරීමට කෝප් කමිටුවෙන් උපදෙස් ලැබි තිබිණි.







