සුදුලූනු වංචාව හෙළි කළ පාරිභෝගික සේවා අධ්‍යක්ෂකගේ නිවසට සුදු වෑන් ඇවිත්…. පොලිස් පැමිණිල්ලක්….

Thushan-

සුදු වෑන් රථයකින් පැමිණි සැක කටයුතු පිරිසක් තම නිවස අසල   හැසිරීමෙන් තමන් බියපත්ව සිටින බවත් තම ජීවිතයට ඉන් තර්ජනයක් එල්ල වී ඇති බවත් කියමින් සතොස සුදුලූනු වංචාව හෙළි කළ පාරාභෝගික සේවා අධිකාරියේ හිටපු විධාය අධ්‍යක්ෂ  තුෂාන් ගුණවර්ධන කිරුළපන පොලිසියේ පැමිණිල්ලක් සටහන් කර ඇත.

පසුගිය බ්‍රහස්පතින්දා  සිය නිවසට පසුපසින් වැටී ඇති මාර්ගයේ   පැමිණි මෙම සුදු වෑන් රථයෙන් බැස ගත් පුද්ගලයෙක් ගේට්ටුවේ යොදා ඇති අංකය පරීක්ෂා කර මේක තමයි ගේ යැයි පවසා ගිය බව දුටු අසල් වැසියෙක්  තමන්ට දැනුම් දුන්නේ යැයි ද ඔහු කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාදීප පුවත්පතට තොරතුරු ලබා දෙමින් තුෂාන් ගුණවර්ධන කියා ඇත්තේ තමන්ට ජීවිත තර්ජන ඇතැයි මීට මසකට පමණ පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළත් ඒ සම්බන්ධව මේ දක්වා තමන්ගෙන් ප‍්‍රකාශයක්වත් ලබාගෙන නැති බවය.


 

Exit mobile version