අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමති සුදර්ශිනීගේ ඉල්ලීමට ගම්පහ, මීගමුව රෝහල්වලට වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

by Lanka Sara Editor
මැයි 20, 2021
in පුවත්
sudarshani fernandopulle
Share on FacebookShare on Twitter

රටේ රෝහල් පද්ධතිය සදහා හදිසි අවශ්‍යතා පිළිබදව සොයා බලා කොවිඩ් රෝග පාලනයට අවශ්‍ය උපකරණ පරිත්‍යාග කරන්නැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් පසුගියදා මෙරට දානපතියන්ගෙන් කල ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාර දක්වමින් ගම්පහ සහ මීගමුව රෝහල් වෙත වෛද්‍ය උපකරණ ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක් පරිත්‍යාග කිරීම ඊයේ (19) දින එම රෝහල්වලදී සිදුකරන ලදි.

කොවිඩ් රෝගීන් සදහා හදිසි ප්‍රතිකාර ඒකකයට (ICU) අවශ්‍ය වන නවතම වෙන්ටිලේටර් යන්ත්‍රයක් සිරස ටීවී ආයතනයේ ගම්මැද්ද වැඩසටහනේ මැදිහත්වීමෙන් ගම්පහ ‍රෝහලට පරිත්‍යාග කළේය.

සිංගර් ආයතනයේ මැදිහත්වීමෙන් High Dependency Unit සදහා 24000BTU AC යන්ත්‍ර 05ක් පරිත්‍යාග ද කිරීම සිදුවිය.

ගම්පහ ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ගුණවර්ධන මහතා රෝහලට අවශ්‍ය සවුන්ඩ් සිස්ටම් පද්ධතියක් ලබාදීමට කටයුතු කරන ලදි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එමෙන්ම රාජ්‍ය අමාත්‍යවරියගේ මැදිහත්වීමෙන් තවත් වෙන්ටිලේටර් යන්ත්‍ර 02ක්, සියලු උපාංග සහිත මල්ටි පැරා මොනිටර්ස් 02ක්, සියලු උපාංග සහිත ඉන්ෆියුෂන් පම්ප් 03ක්, සියලු උපාංග සහිත සිරින්ජ පම්ප් 05ක්, සියලු උපාංග සහිත හයි ෆ්ලෝ ඔක්සිජන් සිස්ටම් 02ක් සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සම්බන්ධීකරණය කරමින් ගම්පහ රෝහල වෙත ලබාදීමට කටයුතු කරන ලදි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය සදහන් කර සිටියේ කොවිඩ් රෝගීන් වෙනුවෙන් අවශ්‍ය වන හදිසි ප්‍රතිකාර ඒකකය සහ හයි ඩිපෙන්ඩන්සි ඒකකය කඩිනමින් ආරම්භ කිරීමට හැකියාව ලැබුණේ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල දායකත්වය මත බවයි.

මෙම අවස්ථාවට කැපිටල් මහරාජා ආයතනයේ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියල්, සිංගර් ආයතනයේ අලෙවි අධ්‍යක්ෂ ශනිල් පෙරේරා, අධ්‍යක්ෂ මානව සම්පත් රොෂාන් කුලසූරිය, ගම්පහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරු,ම, වෛද්‍ය නීලන්ගී යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් සහභාගී විය.

මීගමුව රෝහල සදහා ඩයලොග් ආයතනය සමග දෙරණ ආයතනයේ මනුසත් දෙරණ වැඩසටහනේ මැදිහත්වීමෙන් රුපියල් ලක්ෂ 04ක් වටිනා භාණ්ඩ රෝහල් කාර්ය මණ්ඩලයට සහ රෝගීන් සදහා පරිත්‍යාග කරන ලදි.

මෙම අවස්ථාවට මනුසත් දෙරණ ව්‍යාපෘති අධ්‍යක්ෂ මහේෂ් ජයවර්ධන, මීගමුව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය නිර්මලා ලෝගනාදන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චින්තක යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්විය.

ඉන් අනතුරුව අමාත්‍යවරිය මීගමුව රෝහලේ පාලනාධිකාරිය සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා පවතින තත්වය සහ කඩිනම් අවශ්‍යතා පිළිබදව විමසා බලන ලදි.

කොවිඩ් රෝගීන් වෙනුවෙන් මීගමුව රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට වෙන්ටිලේටර් යන්ත්‍ර, හයිෆ්ලෝ ඔක්සිජන් යන්ත්‍ර, මල්ටි පාරා මීටර්ස් මෙන්ම CT ස්කෑන් යන්ත්‍රයක අවශ්‍යතාව පවතින බවත් ජංගම එක්ස්රේ යන්ත්‍රයක අවශ්‍යතාව පවතින බවත් මෙහිදී සදහන් විය.

ඒ සදහා අමාත්‍යතුමියගේ අවධානය යොමුවූ අතර ඒවා කඩිනමින් ලබාදීමට අවශ්‍ය කටයුතු සලසන බව අමාත්‍යවරිය මෙහිදී සදහන් කරන ලදි.

covid 1 covid 3

covid 2

Tags: නවතම
Share69Tweet43
Previous Post

වවුනියාවේ කසල කන සුනඛයන් මිය යන්න පටන් අරන්…

Next Post

දෙමළ ජාතික ජනතා පෙරමුණේ තරුණ සංවිධාන නායකයා TID අත්අඩංගුවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.