ලලිත් චාමින්ද-
සිනි ආනයනය කිරිම සඳහා පැවති වෙළද භාණ්ඩ බදු මුදල ශත 25 දක්වා අඩුකොට තිබියදි වැඩිමිලට සිනි මිලදි ගැනිම හා පාලන මිල පැනවිම නිසා සිනි අලෙවි කිරීමෙන් ලංකා සතොස ආයතනයට රුපියල් දස කෝටි විසි එක් ලක්ෂ දහ තුන් දහස් නවසිය හැත්තෑ හතරක(10,21,13,974) පාඩුවක් වි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
සීනි සඳහා බදු අඩුකරණ අවස්ථාව වනවිට සතොස සතුව සීනි මෙට්‍රික්ටොන් 919.4ක තොගයක් තිබි ඇත. එම සීනි තොගය කිලෝග්රැම් 01ක් සඳහා රුපියල් 125.41 මිලක් ගෙවා මිලදිගෙන තිබුණි. එම සිනි තොගය රුපියල් 85 බැගින් අලෙවි කිරිම නිසා සතොසට රුපියල්. 37,159,974ක අලාභයක් වි තිබුණි.
එමෙන්ම සීනි සදහා පැවති බද්ද ශත 25 දක්වා අඩුකිරිමෙන් පසුවද ලංකා සතොස ආයතනය විසින් සිනි මොට්‍රික්ටොන් 2050ක් රුපියල් 121.50 මිල යටතේ මිලදි ගෙන තිබුණි. එසේ වැඩි මිලට මිලදී ගත් සීනි තොගය රුපියල් 85 බැගින් කිලෝවක් අලෙවි කිරීම තුළින් රුපියල් රු.4,70,00,000ක අලාභයක් සිදුවි තිබුණි.
සීනි කිලෝග්රැම් 01ක් සඳහා රුපියල් 80ක උපරිම තොගමිල නියම කිරිමෙන් පසුවද සීනි කිලෝග්‍රෑම් 23,78,000ක් එම මිලට වඩා වැඩිමිලට මිලදි ගැනිම හේතුවෙන් 1,75,94,000 ක පාඩුවක් සතොස ආයතනයට සිදුවි තිබු බව විගණන වාර්තාවේ සදහන් වේ.
එමෙන්ම රාජ්‍ය ආයතනයක් වු ලංකා සතොස රජය විසින් නියම කරණු ලැබු පාලන තොග මිලට සිනි මිලදි ගැනීමට කටයුතුකර නොමැති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
ජනතාවට සහන සැලසිමේ අරමුණින් සුදු හා දුඹුරු සිනි සඳහා පනවා තිබු බදු අඩුකිරිමෙන් රජය විසින් රුපියල් මිලියන 16,763ක බදු ආදායමක් අහිමිකරගෙන තිබුණි. ඒ 2020 ඔක්තෝබර් 14 සිට 2021 පෙබරවාරි මස 28 දක්වා කාලසිමා තුළදිය. එහෙත් එම බදු සහනය පාරිභෝගිකයාට හිමිවි නොමැති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.