බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිවිල් ඉංජිනේරු අභිරහස් ලෙස අතුරුදහන් !

by editor
දෙසැම්බර් 30, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සුමිත් පොතුපිටිය –

ජල විදුලි බලාගාරයක හිමිකරුවකු මෙන්ම සිවිල් ඉංජිනේරුවරයකු අභිරහස් ලෙස  අතුරුදන්ව ඇතැයි   බොරලැස්ගමුව පොලිසිය සඳහන් කරයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ, බොරලැස්ගමුව  අභයරත්න මාවත පදිංචිව සිටි දූල්වල දේවගේ විජේසිංහ (66) නැමැති ඉංජිනේරුවෙක්  බව පොලිසිය කීය.

ඔහු පදවාගෙන යමින් සිටි කැබ් රථය හොරණ මතුගම මාර්ගයේ නාර්තුපාන පාලමට ආසන්නව උඩුවර මංසන්ධිය අසල නවතා තිබියදී  අලුයම එකයි තිහට පමණ  රාත්‍රී ජංගම මුර සංචාරයේ  නිරත අඟුරුවාතොට  පොලිසියේ  නිලධාරීන්ට ඊයේ (29) අලුයම හමුවී ඇත.

එම කැබ් රථයේ  ඉදිරිපස දොරවල් දෙකම විවෘතව තිබී ඇති අතර පොලිස් නිලධාරින් විදුලි පන්දම දල්වා ඒ තුළ නිරීක්ෂණය කිරීමේදී  කැබ් රථය තුළ ලැප්ටොප් පරිගණකයක්, ඇඳුම් පැළඳුම් අඩංගු ගමන් බෑගයක් , සෙරෙප්පු යුගලක්, කැප් තොප්පියක්  හා රියදුරු අසුනට යාබද අසුන මත මුදල් පසුම්බියක් තිබී ඇතැයි පොලිසිය කියයි‍.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මුදල් පසුම්බියේ තිබූ දුරකථන අංකයකට පොලිස් නිලධාරීන් ඇමතුමක් ලබා දීමෙන් අනතුරුව  බොරලැස්ගමුව අබේරත්න මාවතේ  ඉංජිනේරුවරයාගේ බිරිඳ   ඊට ප්‍රතිචාර දක්වා ඇති අතර සිය සැමියාට රාත්‍රී 8.30ට පමණ  දුරකථන ඇමතුමක් ලබා දීමේදී  ඔහු කැස්බෑව ප්‍රදේශය පසුකරගෙන   පැමිණෙන බවට බිරිඳට කියා ඇතැයි ඇය  කරන ලද ප්‍රකාශයක සඳහන් වේ

අනතුරුව සිවිල් ඉංජිනේරුවරයාගේ බිරිඳ ඇතුළු පවුලේ උදවිය ඊයේ (29) අලුයම නාර්තුපාන පාලම අසලට පැමිණ  කැබ් රථය හඳුනාගෙන තිබිණි

අතුරුදන්ව සිටින සිවිල් ඉංජිනේරුවරයා බලන්ගොඩ පිහිටි ඔහුට අයත්  කුඩා පරිමාණ ජල විදුලි බලාගාරයේ වැඩ කටයුතු සොයා බැලීම සඳහා  ඉකුත් 25 වෙන දින බොරලැස්ගමුව අබේරත්න මාවත නිවසින් පිටත්ව ගිය බවට    බොරලැස්ගමුව පොලිසිය වෙත  (29) අලුයම ම පැමිණිල්ලක් කර තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

හොරණ පොලිස් නිල සුනඛ බෲනෝ   ඉංජිනේරුවරයා පරිහරණය කරන ලද   කැප් තොප්පිය සහ සෙරෙප්පු යුගලය ඉව කිරීමෙන් අනතුරුව   මීටර් 20 ක් පමණ ගොස් ආපසු හැරී පැමිණි බව  පොලිසිය කියයි

සිවිල් ඉංජිනේරුවරයා  යම්කිසි කණ්ඩායමක් විසින් පැහැර ගත්තාද ? ඔහු නාර්තුපාන පාලමෙන් කළු ගඟට පැන  සිය දිවි නසා ගත් බවට හැඟවීමට  ඔහුගේ කැබ් රථය ඒ ආසන්නයට ගෙනත් දැම්මාද? වැනි  පැති කීපයක් ඔස්සේ විමර්ශන පවත්වන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

අඟුරුවාතොට පොලිසිය සහ බොරලැස්ගමුව පොලිසියේ ඒකාබද්ධව පර්යේෂණ පවත්වති

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැට් බද්දේ වාසිය ගන්න ආනයනකරුවන් ක්‍රියාත්මක වී ඇති අයුරු   මුදල් රාජ්‍ය අමාත්‍යවරයා හෙළි කරයි!

Next Post

කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාරයක් තුළ රෝගී කාන්තාවකට  ඔක්සිජන් වෙනුවට කාබන් ඩයොක්සයිඩ් දීලා… ඇය ශල්‍යාගාරයේ ඇඳ මතම මිය යය

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.