සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිරි දළදා වන්දනාවට එක්වීම සඳහා පැමිණෙන පිරිස් රැගත් බස් රථ නැවත දැනුම් දෙනතුරු නුවරට ඇතුළුවීම වළක්වයි!

by editor
අප්‍රේල් 24, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

 

  • සිරි දළදා වන්දනාවට බැතිමතුන් රැගත් සියලුම වාහන මහනුවරට ඇතුළුවීම වළක්වයි… ලක්ෂ හතර හමාරක් දැනුත් නගරය තුළ…

  • ඉදිරි දින 04ටම දළදා වඳින්න ප්‍රමාණවත් පිරිසක් දැන් නුවර… සැදැහැවතුන් පෝලිම් කිරීම සදහා සකස්කළ අත් වැටවල්වල සිට කිලෝ මීටර් 10ක ජනතා පෝලිමක්…

  • ආහාර වතුර කෙසේ හෝ දුන්නත් සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත් ලෙස ලබා දෙන්න බෑ… ජනතාව පාලනය කරගන්න බැරි අර්බුදය මතුවෙද්දී ඇත්ත කියා ජනතාව නුවර ඒම වළක්වන්න සංවිධායකවරු තීරණය කරති…

සිරි දළදා වන්දනාවට එක්වීම සඳහා පැමිණෙන පිරිස් රැගත් බස් රථ නැවත දැනුම් දෙනතුරු මහනුවරට ඇතුළුවීම වළක්වා තිබේ. ඊයේ රාත්‍රියේ සිට මෙම පියවර ක්‍රියාත්මක කර ඇති අතර     ගන්නෝරුව ප්‍රදේශයේ ඊයේ (23) රාත්‍රියේ බස් රථ 32ක් නතර කළ බව පොලිසිය පවනයි. 

මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක ප්‍රකාශ කරන්නේ සිරි දළදා වන්දනාව සඳහා ලක්ෂ 4 1/2 ක පමණ සැදැහැවතුන් පිරිසක් මේ වනවිටත් මහනුවර නගරයට පැමිණ තිබෙන සිටින බවත් මේ රැස්වී ඉන්නේ ඉදිරි දින 04 තුළ දළදා වැඳීමට තරම් ප්‍රමාණවත් පිරිසක් බවත්ය. තත්ත්වය කළමනාකරණය කරගත හැකි වුවහොත් නව කණ්ඩායම්වෙත දළදා වන්දනාවට ඉඩ හසර සලසන බැවින් නැවත දැනුම් දෙනතුරු වන්දනාකරුවන් රැගත් වාහන නගරයට ඇතුළු කර නොගන්නා බව නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේය.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (24) පැවැති මාධ්‍ය හමුවක දී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙසේද පැවසුවේය. “වන්දනාකරුවන් රැගෙන  කුරුණෑගල දෙසින් එන බස් රථ මාවතගම පොලිස් වසමේ මැටිබොක්ක ප්‍රදේශයේදීත්, දඹුල්ල දෙසින් එන වාහන අළුවිහාරේදීත් මහියංගණ දිගන මාර්ගයේ එන වාහන හසලක ප්‍රදේශයේ දීත් හඟුරන්කෙත දෙසින් එන වාහන මයිලපිටියේදීත් ගම්පොළ දෙසින් එන වාහන වැලිගල්ලේදීත්, කෑගල්ල දෙසින් එන වාහන මාවනැල්ලේදීත් නතර කිරීමට පොලීසියට දැනුම් දී තිබෙනවා.

එම බස් රථ වල පැමිණෙන ජනතාවට අවශ්‍යය මූලික පහසුකම් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පළාත් පාලන ආයතන මගින් ලබා දීමට සැළසුම් කර තිබෙනවා. ඉතිරි දින වල දී දළදා වහන්සේ වන්දනා කිරීමට ප්‍රමාණවත් ජන පිරිසක් මේ වනවිටත් මහනුවරට පැමිණ තිබෙන බැවින් අලුතින් එන අයට එම අවස්ථාව ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.

RelatedPosts

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

තත්ත්වය කළමනාකරණය කර ගැනීමට හැකි වුවහොත් දළදා වහන්සේ වැඳපුදා ගැනීමෙන් පසුවන සැදැහැවතුන්ට මහනුවරට පැමිණෙන ලෙස නැවත දැනුම් දීමක් කරනවා.

මැතිවරණ කාලසීමාවක් වුවත් පොලිස් නිලධාරීන් 10000 ක් හා යුද හමුදාවේ 6500 ක් ආරක්ෂාව සඳහා යොදවා තිබෙනවා. සැදැහැවතුන් පෝලිම් කිරිම සඳහා සකස් කර තිබෙන බට වැටේ සීමාව ඉක්මවා කිලෝ මීටර් 10 ක් පමණ දුරට පෝලිම්වල ජනතාව රැඳී සිටිනවා. අද වනවිට පෝලිම්වල ලක්ෂ 4 1/2 ක් පමණ ඇතැයි ඇස්තමේන්තු කරනවා.

ඊයේ දිනයේ දීත් වන්දනා කරුවන්ගේ පැමිණීම සීමා කරන්න සිදු වුණා. නගරයට තව දුරටත් ජනතාව පැමිණීම වැලැක්විය යුතු බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා. විශාල ප්‍රදේශයක මහ ජනතාව එක්රැස් වීම මගින් විවිධ වූ සමාජ හා සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවධානමක් පවතිනවා. ඉදිරි දින දෙකේදී දළදා වහන්සේ වන්දනා කිරීමේ අරමුණින් මහුනුවරට පැමිණීමෙන් වලකින ලෙස දැනුම් දෙන්නේ ඒ නිසයි.

දළදා දැක්ම වෙනුවෙන් සංවිධාන කටයුතු සිදු කරන කණ්ඩායම දෛනිකව රැස්වී ඉදිරියේ දී ගත යුතු තීරණ සාකච්ඡා කරන බවත් මේ වනවිට පවතින තත්ත්වය අනුව නගරයට තවත් ජනතාව ඇතුළුවීමෙන් අවධානම් තත්ත්වයක් නිර්මාණය වන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී අභයකොන් පැවසුවේය.

“ආහාර හා පානීය ජල අවශ්‍යතා සපුරාලිය හැකි වුවත් සනීපාරක්ෂක පහසුකම් සැලසීම සම්බන්ධයෙන් බරපතළ ගැටලු මතුවිය හැකියි. මේ නිසා පවතින සැබෑ තත්ත්වය ජනතාවට දැනුම් දිය යුතු බවට කමිටුව තීරණය කළා. තව දුරටත් ජනතාව මහනුවරට ඇතුළු වුවහොත් විශාල තෙරපීමක් ඇතිවිය හැකියි. යුද හමුදාවෙ 500 ක පමණ පිරිසක් අලුතින් මහනුවර කැඳවීමට ආරක්ෂක ලේකම් හා සාකච්ඡා කළා. ආණ්ඩුකාරවරයා පැවසුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පැය 24 පුරා කුණු අදින්න ඉන්නේ කම්කරුවන් 142යි… ඔවුන් බෙහෙවින්ම විඩාපත් වෙලා… මහනුවර මහ නගරසභාව කියයි!

Next Post

වැලිගම W15 අපරාධයේ අධිකරණය මගහැර සිටි සැකකරු CCDයේ හිටපු සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා අධිකරණයට භාර වෙයි

Related Posts

පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!
  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.