fbpx
ඉරිදා, පෙබරවාරි 5, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

  කොවිඩ් 19 හමුවේ  බිඳ වැටුණු ආගම්වල හාස්කම්

by editor
මැයි 14, 2020
in පුවත්, සමාජ
433 5
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

මේ දක්වාම වෛද්‍ය පර්යේෂකයන්ට කොවිඩ් 19 වෛරසයෙන් වැළඳෙන කොරෝනා වෛරස් රෝගය සුව කල හැකි ඖෂධයක් සොයා ගැනීමට ලැබී නැත. ලෝකයේ විවිධ විද්වත් පර්ශද මේ රෝගයට ඔසුවක් සොයා ගැනීමට පර්යේෂණ කරමින් සිටිති.

මේ අතරවාරයේ විවිධ ආගමික නායකයෝ  හා ලබ්ධිකයෝ  සිය ආගමේ අනුහසින්  කොරෝනා රෝගය සුවපත් කිරීමට උත්සාහ දරති.

යාපනයේ අරියාලේ ප්‍රදේශයේ පිහිටි ස්විස් දේවස්ථානයේ දී සිදු වූයේ ද මෙවැනි සිදුවීමකි. එහි අවසානය වූයේ මුලු යාපනයම මාසයක පමණ කාලයකට වැසී ගියේය.‍

RelatedPosts

ෂේඩ්ස් ව්‍යාපාරය අධිපති කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කළ සැකකාර තරුණ යුවල අත්අඩංගුවට…

හලාවත මෝය කට අසල දිය නෑමට ගිය එකම පවුලේ තිදෙනෙක් දියේ ගිලී මිය යයි!

පයාගල මුහුදේ දිය නාමින් සිටි තරුණයෙක් අතුරුදහන්…

මෙවැනි සිදුවීම්  සර්ව ආගමිකයන්ගෙන්ම වාර්තා විය. සිරිපාදය කරුණා කරන අය කොරෝනාවට බය නෑ කීවේ ශ්‍රී පාදස්ථාන භාර හාමුදුරුවන්ය. කොරෝනා රෝගය පහව යන අවස්ථාවක ශ්‍රී පාදය වන්දනා කිරීමට යෑමේ  උත්සාහයක නිරත වූ ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකු ඇතුලු පිරිසක් පොලිස් අත් අඩංගුවට පත් වුණේය. මුස්ලිම් පල්ලිවල රහසින් යාඥා මෙහෙය පැවැත්වීමට කටයුතු යෙදූ ආකාරය වාර්තාව විය. යාපනයේ කෝවිල් වල රහසින් කිරි උතුරුවන අවස්ථාවන්ට විරෝධතා මතුවිනි.

ස්විස්ටර්ලන්තයේ සිට පැමිණි  පෝල් සත්කුණරාජා

යාපනයේ අරියාලේ ස්විස් දේවස්ථානයේන්ද ප්‍රකට වූයේ රටේ මේ පොදු හැසිරීමය.  එහි ප්‍රධාන දේව මෙහෙයක් සඳහා ස්විස්ටර්ලන්තයේ සිට පැමිණි  පෝල් සත්කුණරාජා නැමති යාපනයේ ඉපදුණු දෙමළ ජාතික පාස්ටර්වරයා ප්‍රකාශ කළේ මේ සියලු මිනිසුන් දෙවියන් වහන්සේට බාර කළ නිසා ඔවුන්ට කොරෝනා රෝගය නොවැළදෙන බවයි.

මේ දේශනාවෙන් නොනැවතුණු පාස්ටර්වරයා බැතිමතුන්ව විශේෂ ජල ටැංකියක ගිල්වමින් විෂබීජ හරණ පූජාවක්ද සිදු කළේය.

නමුත් අවාසනාවක මහත වූයේ මේ පූජාව සිදුකළ ප්‍රධාන පාස්ටර්වරයාටම කොරෝනා රෝගය වැළදීමය. ඔහු  සිය ආශිර්වාද පූජාව පවත්වා  ස්විස්ටර්ලන්තයට ආපසු යන විටම ඔහු රෝගියෙකු බවට පත්ව සිටියේය.

මෙහි ප්‍රතිපලයක් වශයෙන් ස්විස් දේවස්ථානයේ පූජාවට සහභාගී වූ හාරසීයක් පන්සීයක් පමණ වූ බැතිමත්හු පිරිසක් විශාල ජීවිත අවදානමකට මුහුණ පෑහ.

කොරෝනා වෛරස් රෝගය පිළිබඳව  හා එහි භයානකකම පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් කළ විශ්ලේෂණයන් හා ප්‍රකාශයන් පිළිගැනීමට මේ පූජාවට සහභාගී වූ පිරිස කැමැත්තක් නොදැක්වීය. පූජාවට සහභාගී වූ පිරිස දෙවියන් වහන්සේට බාර කොට තිබීම නිසා ඔවුන්ගේ හදවත් තුළ ජනිත වූ දේව විශ්වාසය හා ආගම් විශ්වාසය වෛද්‍ය මතයන්  පරාජය  කිරීමට සමත් විය. මේ නිසාම සෞඛ්‍ය අංශවල නිලධාරීන් හා ආරක්ෂක අංශ වල නිලධාරීන් පූජාවට සහභාගී වූ බැතිමතුන්ව සොයා එන විට ඔවුන් කළේ නිවාස අතහැර ගොස් වෙනත් ස්ථාන වල හැංගී සිටීමය.

උතුරු පළාත් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ  කේතීස්වරන් මහතා සඳහන් කරණ ආකාරයට  උතුරේ වැසියන්ට කොරෝනා පිළිබදව බියක් පැමිණියේ යාපනයෙනි. ඒ මේ දේව පූජාවත් සමගිනි.

”  මේ කොරෝනා රෝගය ලෝකය පුරා ව්‍යාප්ත වන බවට තොරතුරු ලැබුණා. උතුරු පළාතේ විශාල පිරිසක් විදේශ රටවල සිටින නිසාත් ඔවුන් නිරන්තරයෙන්ම එහා මෙහා යන එන නිසාත් අපි මේ ගැන සැලකිලිමත් වුණා. නමුත් යාපනයට කොරෝනා බිය ඇතුළත් වුණේ කිසිවෙකුත් අපේක්ෂා නොකළ අන්දමටයි.

යාපනයේ අරියාලේ  පාරේ ස්විස් දේවස්ථානයට පැමිණ දේව පූජාවක් කළ පියතුමාට  කොරෝනා රෝගය වැළදීමත් සමගම යාපනයේ තත්ත්වය වෙනස් වුණා. ඒ තත්ත්වය තවමත් මුලු උතුරු පළාතටම ප්‍රශ්නයක් වී තිබෙනවා.

මේ පූජාවට බැතිමතුන් 500 කට වඩා සහභාගී වී සිටින බව ඒ දේවස්ථානයේ සීසීටීවී කැමරා දිහා බලපුවහම පේනවා. කුඩාම ළමයින්  විශාල පිරිසක් ආශිර්වාද කරවා ගැනීම සඳහා මේ පූජාවට සහභාගි වෙලා තියනවා. මාස හයක අත දරුවන් පවා මේ පූජාවට මව් පියන් විසින් රැගෙන විත් තිබෙනවා.

නමුත් මේ වෙනකොට  ඒ පූජාවට සම්බන්ධ වූ අයගෙන්  දෙසීයක්වත්  සෞඛ්‍ය නිලධාරීන් හම්බ වෙලා තමන් ඒ පූජාවට සහභාගි වුණා කියලා කියලා නැහැ. ඒක තමයි බරපතලම ප්‍රශ්නය වෙලා තියෙන්නේ.’’

කොරෝනා වාහකයින් වූයේ දෙවියන් කෙරෙහි විශ්වාස තබා සැඟවුණු පුද්ගලයන්ය. ආරක්ෂක අංශ  යාපනයට ඇඳිරි නීතිය පනවා ඔවුන් සියලු දෙනාම අත් අඩංගුවට ගෙන නිරෝධායන මධ්‍යස්ථාන වලට යවා මුලු යාපනය අර්ධ ද්වීපයම විශබීජ හරණයට ලක් නොකළේ නම් අද වන විට යාපනයේ කතාව වෙනස්  වීමට ඉඩ තිබුණි.

සාස්තෘවරුන් විසින් ඒ ඒ දහම දේශනා කොට ඇත්තේ  මිනිසුන්ගේ මෙලොව දියුණුවට වඩා පරලොව හිත සුව පිණිසය. බොහෝ දේශනාවන් ඉවහල් වූයේ මිනිසා පාපයෙන් මුදවා ගැනීම සඳහාත් මිනිසාගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා වී ඔවුන්ට ජන සමාජය තුළ බියකින් හා සැකයකින් තොරව ජීවත් වීමට පරිසරයක් සකස් කොට දීමටත්ය.

එහෙත් හැමදේම අල්ලාගෙන ඇත්තෙ වැරදි කොනෙනි. රටේ හැම දිසාවකින්ම දැන් රතන සූත්‍රය අසේ. මේ සූත්‍ර සඣ්ඣායනාවේ අරමුණ මිනිසාගේ මානසික සුවය වර්ධනය කරවීමය. මානසික ශක්තිය   වඩාත් තහවුරු කිරීමය.  එහෙත් බොහෝ තැන්වල පිරිත් දමා ඇත්තේ  කොරෝනා රෝගය තුරන් කරවීමේ අද්භූද බලයක් පිළිබඳ අදහසිනි.

මේ නිසාම බුද්ධිමත් ජනතාව කොරෝනා වෛරස් රෝගය තම තමන්ගේ ආගමික දර්ශනයේ හැඩයට අනුව හැසිරීමට ඉඩ නොතබා සෞඛ්‍ය බලධාරීන් විසින් පෙන්වා දෙන උපදෙස් හා ක්‍රියාමාර්ග කෙරෙහි යොමු වීමට උත්සහ කළ යුතුය.

 

 

 

 

 

Share69Tweet43
Previous Post

වට්ටක්කා තම්බාගෙන දෙවේල වළඳා හාමත් නොවී ඉන්නත් දුෂ්කර ක්‍රියා කරන අරන්තලාවේ හිමිවරු

Next Post

කොවිඩ් එක්ක  නිරෝධායනය වෙන වැලිකඩ හිරගෙදර

Related Posts

පුවත්

ෂේඩ්ස් ව්‍යාපාරය අධිපති කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කළ සැකකාර තරුණ යුවල අත්අඩංගුවට…

පෙබරවාරි 5, 2023
පුවත්

හලාවත මෝය කට අසල දිය නෑමට ගිය එකම පවුලේ තිදෙනෙක් දියේ ගිලී මිය යයි!

පෙබරවාරි 5, 2023
පුවත්

පයාගල මුහුදේ දිය නාමින් සිටි තරුණයෙක් අතුරුදහන්…

පෙබරවාරි 5, 2023
Next Post
Welikada

කොවිඩ් එක්ක  නිරෝධායනය වෙන වැලිකඩ හිරගෙදර

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නවතම ලිපි

  • ෂේඩ්ස් ව්‍යාපාරය අධිපති කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කළ සැකකාර තරුණ යුවල අත්අඩංගුවට…
  • හලාවත මෝය කට අසල දිය නෑමට ගිය එකම පවුලේ තිදෙනෙක් දියේ ගිලී මිය යයි!
  • පයාගල මුහුදේ දිය නාමින් සිටි තරුණයෙක් අතුරුදහන්…
  • ගොයමේ පැතිරෙන පත්‍ර කහ වීමේ රෝගයට හේතුව ගොයමට නිසි පෝෂණය නොලැබීමයි – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව….
  • දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියෙක් ගෙල වැල දමාගෙන මිය යයි!

Advertisements

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ෂේඩ්ස් ව්‍යාපාරය අධිපති කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කළ සැකකාර තරුණ යුවල අත්අඩංගුවට…
  • හලාවත මෝය කට අසල දිය නෑමට ගිය එකම පවුලේ තිදෙනෙක් දියේ ගිලී මිය යයි!
  • පයාගල මුහුදේ දිය නාමින් සිටි තරුණයෙක් අතුරුදහන්…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist