නතාෂා නෙත්මිණි –
ආයුර්වේද වෛද්‍යවරුන් සියලුම දෙනාට කොවිඩ් මර්දන එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.
ඒ අනුව සියලුම ආයුර්වේද වෛද්‍යවරුන්ගේ තොරතුරු එකරැස් කර දෙන මෙන් ආයුර්වේද දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස් සඳහන් කරයි.
ආයුර්වේද දෙපාර්තමේන්තුව තුළ සිටින වෛද්‍යවරුන්ට මේ වන විටත් එන්නත ලබා දීමට කටයුතු කර ඇති බව ද හෙතෙම පැවසීය.
ආයුර්වේද වෛද්‍යවරුන්ට එන්නත ලබා දීමෙන්අනතුරුව ආයුර්වේද රෝහල්වල සේවයේ නියුතු අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ට ද ලබා දීමට කටයුතු කරන බව හෙතෙම සඳහන් කලේය.