බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සියලුම ආනයනවලට අවශ්‍ය මුදල් බැංකුවලින් පමණයි – මහ බැංකු අධිපති කියයි

by editor
අප්‍රේල් 29, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සියලුම ද්‍රව්‍ය ආනයනයේදී මෙරටින් යවන මුදල් බැංකු පද්ධතිය තුළින්ම පමණක් යැවීම අනිවාර්ය කිරීමේ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට මුදල් අමාත්‍යංශය පියවර ගනු ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ   පවසයි.

ආනයන සහ අපනයන පාලක දෙපාර්තමේන්තුව  හරහා මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමට අවශ්‍ය  පියවර ගෙන ඇති බවත් ඒ අනුව මෙතෙක් ආනයන සඳහා බැංකු පද්ධතියට පිටින්  මුදල් යැවීමට තිබූ හැකියාව නැති වන අතර මෙම පියවර ගැනීමේ අරමුණ නීති විරෝධී මාර්ගවලින් ඩොලර් ගනුදෙනු සිදුවීම අධෛර්ය  කිරීම බවත් මහ බැංකු අධිපතිවරයා අද (29)පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

දැනට විවිධ ආනයන සඳහා බැංකු පද්ධතියට පිටින් මුදල් ගෙවීමට ඇති විවෘත ගිණුම් ක්‍රමය (Open Account)  භාවිතා කරමින් බාහිර වෙළෙඳපොන් ලබා ගන්නා ඩොලර්  හරහා විවිධ ආනයන සිදු කෙරෙන නමුත් නව ගැසට් නිවේදනය අනුව ඕනෑම භාණ්ඩයක් ආනයනය කිරීමේදී එය රේගුවෙන් නිදහස් කර ගැනීමට මෙම බැංකු පද්ධතිය හරහා ඩොලර් යැවූ බවටවන සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බව ද මහ බැංකු අධිපති ආචාර්ය වීරසිංහ  සඳහන් කළේය.

“දැනට භාණ්ඩ ආනයනයේදී එම භාණ්ඩ අපනයනය කරන පුද්ගලයාට මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් තිබෙනවා . විවෘත ගිණුම් ක්‍රමය එකක්. මේ වනවිට රටේ බැංකු පද්ධතිය තුළ පවතින ඩොලර් හිඟය නිසා බොහෝ ආනයනකරුවන්ට බැංකු පද්ධතියෙන් මුදල් ලබා ගැනීම අසීරු වී තිබෙනවා. ඒ නිසා ඔවුන් තම ව්‍යාපාරය ගෙන යාම සඳහා උණ්ඩියල් හවාලා වැනි ක්‍රම හරහා හෝ පිටත වෙළෙඳපොලේ වැඩි මිලක් ගෙවා ලබා ගන්නා ඩොලර් වැය කරනවා.  මෙය තුළ අවිධිමත් වෙළෙඳ ක්‍රමයක් කළුකඩ ක්‍රමයක් ගොඩ නැගී තිබෙනවා.“

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

“මේ විදිහට බැංකු පද්ධතිය හරහා නොයන මුදල් අපට බැංකු පද්ධතිය තුළට ඇතුළු කර ගැනීමට අවශ්‍යයි. මේ නිසා ණයවර ලිපි, ඩීඒ සහ ඩී.පී (D.A & D.P) ක්‍රම හරහා බංකු පද්ධතිය තුළින් අදාළ ආනයන මුදල් යැවීම අනිවාර්ය කිරීමට කටයුතු කළා. “

“කොහොම වුණත් දැනට ඇණවුම් කරන ලද ආනයන සඳහා යම් සහන කාල සීමාවක් ලබා දේවි. එයින් පසුව සෑම ආනයන භාණ්ඩයක්ම රේගුවෙන් නිදහස් කර ගැනීමේදී අදාළ මුදල ගෙවීමේ ආකාරය රේගුවට සනාථ කළ යුතු වනවා.“

“දැනට බැංකු පද්ධතිය තුළ ඩොලරයට ඉතා හොඳ වෙළෙඳපොළ අගයක් හිමිව ඇති බවත් මේ තත්ත්වය තුළ අනවශ්‍ය ලෙස නීති විරෝධී ක්‍රම හරහා මුදල් එවීමේ අවශ්‍යතාවක් නැති බවත් පවසන මහ බැංකු අධිපතිවරයා මෙම රෙගුලාසි පැනවීමේ අරමුණද   බාහිර වෙළෙඳපොළ තුළ ඩොලර් සඳහා පවතින ඉල්ලුම අඩාල කිරීම බව එහිදි ප්‍රකාශ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අධිකරණය රෝහල්ගතව සිටින රඹුක්කන ඝාතනයේ පොලිස් සැකකරුවන්ගේ වෛද්‍ය වාර්තා ඉල්ලයි!

Next Post

ජීවිතය ගැන බලාපොරොත්තුවක්… අත්‍යාවශ්‍ය ඖෂධ රැගත් නෞකාවක් ඉන්දියාවෙන් පැමිණේ…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.