සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

.සියල්ල අහිමි ජාතියක අධිශ්ඨානයේ ආදර්ශය පෙන්නූ ඇෆ්ගන් තරුණයින්ගේ කතාව…

ඇෆ්ගනිස්ථාන දෙවැනි පෙළ කණ්ඩායම ආසියානු ශූරතාවය දිනා ගනී!

by editor
ඔක්තෝබර් 27, 2024 - Updated on ඔක්තෝබර් 28, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

නැගී එන ආසියානු විස්සයි 20 ශූරයෝ ඇෆ්ගනිස්ථානය ය. ශ්‍රී ලංකාව අවසන් මහා තරගයෙන් බිහිසුණු ලෙස පරාදය.  බොහෝ දේ අහිමි වූ මිනිස්සු අප්‍රතිහත ධෛර්යයෙන් ජයග්‍රහණය සොයා ගන්න ආකාරය දකින්නට මදක් නැවතී ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩකයන් දෙස බැලිය යුතු බවට යෝජනා කරමු.

සෑම අතින්ම තමන් ශූරයින් බව ඇෆ්ගන් කණ්ඩායම ලෝකයට කියා දුන්නේය. ඉන්දියාවට ගසා අවසන් මහා තරගයට පැමිණි ඇෆ්ගනිස්ථාන ඒ කණ්ඩායම අද අවසන් මහා තරගයේ දී   වඩාගෙන ගැහුවේය.

කාසියේ වාසිය දිනුවේ ශ්‍රී ලංකා A කණ්ඩායමය. පිතිකරණය මොනතරම් අපූරුද කියනවා නම් මුල් පෙළ පිතිකරුවන් 4 දෙනාම ලබා ගන්නේ ලකුණු 14ක පමණි.

පවන් රත්නායක ලකුණු 20ක්, නිමේෂ් විමුක්ති ලකුණු 23ක් ලැබුවේය. ශ්‍රී ලංකා ඉනිම තනි අතින් ගොඩ දැම්මේ සහන් ආරච්චිගේ ය. සහන් පන්දු 47ක දී හතරේ පහර 6ක් සමග නොදැවී ලකුණු 64ක් ලැබුවේය.

RelatedPosts

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ශ්‍රී ලංකා කණඩායමත් නියෝජනය කර පුරුද්ද සහිත රමේෂ් මෙන්ඩිස් පළමු පන්දුවේදීම දැවී යන්නේය. පන්දු 6කට මුහුණ දී දුෂාන් හේමන්ත ලබා ගන්නේත් ලකුණු 06ක් පමණි.

මේ වනවිට ශ්‍රි ලංකා A කණ්ඩායමේ වැඩිම තරග ප්‍රමාණයක් නායකත්වය දරා වාර්තාව තබා ඇත්තේ නුවනිඳු ප්‍රනාන්දුය. ඔහු ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායම එක් වරක් නියෝජනය කර තිබේ. සහන් ආරච්චිගේ, රමේෂ් මෙන්ඩිස්, දුෂාන් හේමන්ත, ලහිරු උදාර ශ්‍රි ලංකා විස්සයි20 කණඩායම වෙනුවෙන් එක් වරක් හෝ ක්‍රීඩා කළ ක්‍රීඩකයින්ය. එහෙත් කඩුළු 07ක් දැවී ඔවුහු ලකුණු 133කට සීමා වූහ.

ලකුණු 133ක් යනු මොන මට්ටමක හෝ විස්සයි විස්ස අවසන් මහා තරගයකට ප්‍රමාණවත් වන ලකුණු සංඛ්‍යවක් නොවේ. එය සටන්කාමී ඇෆ්ගන් ක්‍රීඩකයෝ පෙන්වා දුන්හ. තමන්ගේ රටටවත් ක්‍රීඩා පිටියක් නැතිව ක්‍රිකට් ගසා ආසියානු ශූරයින් වූ දෙවැනි පෙළ ඇෆ්ගන් කණ්ඩායම   තමන්ගේ ඊලඟ පරම්පරාවේ තරම සහතික කර පෙන්වූහ.

බිලාල් සමී පන්දු ඕවර 4ම යවා ලකුණු 22කට කඩුළු 3ක්, ඒ.එම්. ගසන්ෆා පන්දු ඕවර 4ම යවා ලකුණු 14කට කඩුළු 02ක් ලැබුවේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ කණ්ඩායමේ දුවද්දී දැවී යෑම් දෙකකි. පන්දු ඕවර 20 තුළ දි කඩුළු 7කට ලකුණු 133කි.

ලකුණු 134ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පැමිණි ඇෆ්ගන් කණ්ඩායමේ ආරම්භක පිතිකරු සුබයිඩ් අක්බාරි සහන් ආරච්චිගේ යැවූ ඉනිමේ ආරම්භක පන්දු ඕවරයේ පළමු පන්දුවටම දැවී ගිය ද අංක 2 පිතිකරු සෙඩික්උල්ලා අටල් වගකීම සිය අතට ගත්තේය.

ඔහු  පන්දු 55ක දී නොදැවී ලකුණු 55ක් ලැබුවේය. ඒ හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමගිනි. නායක දර්විෂ් රසූලි පන්දු 20ක දී ලකුණු 24ක්, කරීම් ජැනට් පන්දු 27ක දී හයේ පහර 3ක් සමග ලකුණු 33ක්, මොහොමඩ් ඉෂාක් පන්දු 6ක දී නොදැවි ලකුණු 16ක් ලබා ගත්තේය.

අවසානයේ දී පන්දු 11ක් ඉතිරිව තිබෙද්දී කඩුළු 07ක විශිෂ්ට ජයග්‍රහණයක් ඇෆ්ගන් තරුණයෝ ලැබූහ.

සහන් ආරච්චිගේ ලකුණු 8කට කඩුල්ලක්, දුෂාන් හේමන්ත ලකුණු 26කට කඩුල්ලක්, ඉෂාන් මාලින්ග ලකුණු 20කට කඩුල්ලක් ලැබුවේය.

දැන් දෙවැනි පෙළ ආසියානු ශූරයින් ඇෆ්ගනිස්ථානය ය. ජීවිතයේ අන්ත කටුක අත්දැකීම් සහිතව, විටෙක අවතැන් කඳවුරු වල හැදෙමින් ජීවිතය සීතල කටුක යවුල් බඳුව ඇනෙමින් රිදුම් දෙද්දී අත් නොහැර සටන් වදිමින් ලෝකයේ ආලෝකය සොයා යන්නට උත්සාහ කරන ඇෆ්ගන් තරුණයින් ගෞරවයට පාත්‍ර විය යුතු බව සිතමු.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති අණින් සහල් තොගවල දත්ත ගන්න පාරිභෝගික සේවා නිලධාරීහු අද ඩඩ්ලි සොයා යති!

Next Post

දිලුම්ගේ රැජිණ හෝටලයේ ටී පාටිය මැතිවරණ කොමිසම නවත්වයි!

Related Posts

පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.