පාකිස්තානයේ සියල්කොට් හිදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර දියවඩන ගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරිණි.
ප්‍රියන්තට අවසන් ගෞරව දැක්වීම සඳහා රාජ තාන්ත්‍රික වශයෙන් මෙන්ම හිත මිත්‍රාදීන් විශාල පිරිසක් ඔහුගේ නිවෙසට එක් රොක්ව සිටිනු දක්නට ලැබිණි.
ජනාධිපති,අගමැති,මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් ඇතුළු විවිධ පාර්ශව ඔහුගේ හදිසි වියෝව සම්බන්ධයෙන් ශෝක ප්‍රකාශ ද යොමු යොමු කෙරිණි.
ගනේමුල්ල කැන්දලියද්ද පාලුව පොකුණ හන්දියේ පිහිටි නිවසේ තැන්පත් කර තිබූ දේහය සුවහසක් ඥාති හිතවුන්ගේ දුක් අඳෝනා මැද ගනේමුල්ල පොල්හේන සුසාන භූමියට රැගෙන ආවේය.
එහි දී චාරිත්‍රානුකූලව අවසන් කටයුතු සිදුකෙරනි.