බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිතුල්පව්ව නා හිමිගේ ආදාහන පූජෝත්සවය අනිද්දා…

by editor
දෙසැම්බර් 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ –  

අපවත් වී වදාල ඓතිහාසික සිතුල්පව්ව රාජ මහා විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය මැටරඹ හේමරතන නාහිමියන්ගේ අදාහන පූජෝත්සවය අනිද්දා (05) ගාල්ල, යටගල රාජ මහා විහාරස්ථ ආදාහන මළුවේදී සිදුකරන බව සිතුල්පව්ව රාජමහා විහාරස්ථ දායක සභාව නිවේදනය කරයි.

නාහිමියන්ගේ ශ්‍රී දේහය අද (03) උදෑසන සිට හෙට (04) පෙ.ව 9.00 වන තෙක් සිතුල්පව්ව රාජමහා විහාරස්ථ ධර්ම මන්දිරයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තබන අතර දේහය හෙට  (04) පෙ.ව 9.30 ට විශේෂ රථ පෙරහැරකින් ගාල්ල, යටගල රාජමහා විහාරස්ථානය දක්වා රැගෙන ඒමට නියමිතය. 

දේහය හෙට (04) දහවල් සිට අනිද්දා (05) සවස 2.00 දක්වා යටගල රාජ මහා විහාරස්ථ ධර්ම මන්දිරයේ තැන්පත් කර තබන බව ආහාහන කමිටුව කියයි.

කොළඔ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (01) දහවල් අපවත් වූ නාහිමියන්ගේ ශ්‍රී දේහය ඊයේ (02) දහවල් ගාල්ල, යටගල රාජමහා විහාරස්ථානයට රැගෙන විත් ඊයේ (02) රාත්‍රියේම සිතුල්පව්ව රාජමහා විහාරස්ථානය වෙත රැගෙන යෑමට කටයුතු කර තිබුණි. 

ඵෙතිහාසික සිතුල්පව්ව රජමහා විහාරය ඇතුළු අෂ්ට මහා විහාරාධිපති සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත අතිපූජ්‍ය මැටරඹ හේමරතන නාහිමිපාණෝ අපවත් වන විට 83 වැනි වියේ පසුවූහ.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

උණවටුන, මැටරඹ පදිංචිව සිටි අහංගම නානායක්කාර ගමගේ ජේමිස් නානායක්කාර හා අක්මීමන පල්ලිය ගුරුගේ ඇලිස් නෝනා හෙවත් යටගම හාමිනේ දෙදෙනාට දාව දරුවන් හය දෙනකුගෙන් යුතු පවුලේ පස් වැන්නා ලෙස 1942 දී උන් වහන්සේ උපත ලැබූහ. 

නාහිමියන්ගේ ගිහිකල නාමය වූයේ නානායක්කාර ගමගේ නෙල්සන් නානායක්කාරය. 1956.04.05 වැනි දින ගාල්ල, යටගල රජමහා විහාරාධිපතිව වැඩ විසූ ඉලුප්පිටියේ ජිනරතන, වත්තේහේනේ රතනසාර හා වත්තහේනේ පියරතන යන නාහිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් මැටරඹ හේමරතන නමින් පැවිදි දිවියට එක් වූහ.

ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරය, ගාල්ල යටගල රජමහා විහාරය, ඓතිහාසික මගුල් මහා විහාරය ඇතුළු විහාරස්ථාන අටක විහාරාධිපතිත්වය උන් වහන්සේ හෙබවූහ. 

උන්වහන්සේ වන්දනා ගාථා, හින්දු ආර්ය සංස්කෘතිය, ඓතිහාසික මඟුල් මහා විහාරය, උසස් පෙළ බෞද්ධ ධර්ම සංග්‍රහය, ලේඛන රේඛා ඇතුළු ධර්ම ග්‍රන්ථ හා සාහිත්‍ය ග්‍රන්ථ රැසක් ද රචනා කර තිබේ. 

Tags: නවතම
Share69Tweet43
Previous Post

“හුස්ම” සංවිධානයෙන් අලි ඇතුන් ඝාතනයෙන් හෙළිවන  අපේ ම්ලෙච්ඡකම අපට කියා දෙන ප්‍රදර්ශනයක්…

Next Post

ගාල්ල දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ 2024 සඳහා අධුනිකයින් බඳවා ගැනීම ඇරඹෙයි!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.