බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිගරට් බද්ද අනිවාර්යයෙන් වැඩි කළ යුතුයි… අන්තර්කාලීන අයවැයෙන් බදු වැඩි කිරීමේ යෝජනා ගේනවා…

by editor
ජූනි 27, 2022
in පුවත්, සෞඛ්‍යය
Share on FacebookShare on Twitter

ඉතිහාසයේ සිගරැට් බදු වැඩිවීම සම්බන්ධව ප්‍රායෝගිකම ප්‍රවේශයට පිවිසියේ    2015 වසරේ දීය.  සිගරට් බද්දට වංගු ගැසූ දූෂිත නිලධාරීන්ගේ  ජඩ ස්වරූපය හෙළි කරමින් සිගරට් බද්ද සියයට 90 දක්වා වැඩි කිරීමට කටයුතු කළ කණ්ඩායමේ  ප්‍රධානම තීරකයෙක් වූයේ එවකට එම රජයේ කැබිනට් ඇමති ධුරයක් දැරූ චම්පික රණවකය. එදා ඔවුන් ගත් ඒ ප්‍රවේශයට පසු  මේ මොහොත වනතුරු ජාතියක් වනසන මේ විෂ දුම සම්බන්ධව  මේ රටේ කිසිම රජයක් ජාතික වැදගත් කමක් සහිත බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළේ නැත.   යළි අන්තර්කාලීන අයවැයක් සම්බන්ධව ආණ්ඩුව කතා කරයි. සීනි ඇටයේ සිට ලුණු පුපුර දක්වා අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල අධි උද්ධමනයම  බද්දක් වී ජනතාව පෙළා දමමින් ඇති මොහොතක  මිල නොවෙනස්වන  දුම්වැටියට   සාධනීය බද්දක් පනවා   පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා විකල්ප සොයා ගත හැකි නොවේ ද?. අපි  පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක  විමසුවෙමු.   

 ප්‍රශ්නය –  ඉදිරියේදී අන්තර්වාර කෙටිකාලීන අයවැයක් ගෙන ඒමට රජය සූදානම්. එතනදි සිගරට් සඳහා වන බද්ද ඉහළ දැමීමට යෝජනා තිබෙනව ද?

පිළිතුර –  ඔව් අනිවාර්යෙන්ම යෝජනා තිබෙනවා.  මේ වන තුරු හාල් ඇටයක් පරිප්පු ඇටයක් පවා දැරිය නොහැකි මුදලක් යොදවලා යි මිලදී ගන්නට සිද්ධ වෙලා තියෙන්නේ. සාමාන්‍ය ජනතාව එදිනෙදා පරිභෝජනය කරන පාන් ගෙඩියෙ සීනි ඇටයෙ ඉඳන් සියලු භාණ්ඩ  වල  මිළ දරාගත නොහැකි තරම් ඉහල ගොස් තිබෙනවා. එවන් පසුබිම ක දුම්වැටි යෙ මිලත් ඉහළ යා යුතුයි.

ප්‍රශ්නය –  පසුගිය මාස දෙක තුන ඇතුළත සියලුම භාණ්ඩ වල මිල ඉහළ ගියත් දුම්වැටි මිල ඉහළ නොගියේ ඇයි….?

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

පිළිතුර –  ceylon tobbaco කියන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ තනි සමාගමක අයිතිය පවත්වාගෙන යන ප්‍රබල ආයතනයක්. ඔවුන්ට මේ දේශපාලන බල අධිකාරිය සමඟ ඉතා කිට්ටු සම්බන්ධතා තිබෙනවා. මේ මොහොතේ ඔවුන් ඒකාකරී  මිලක් වෙළෙඳපොළ තුළ  රඳවා ගන්නට උත්සාහ ගන්නවා. එය ඔවුන්ගේ වෙළඳපල පවත්වාගෙන යන්නට ගන්න උත්සාහයක්.

ප්‍රශ්නය  –  ඔබ සමගත් ඔවුන්ගේ සෘජු සම්බන්ධතා තිබෙනවා නේද..?

පිළිතුර –  මම මේ වන තුරු කිසිදු අවස්ථාවක දුම්වැටි නිෂ්පාදන ආයතනයේ හෝ මත්පැන් නිෂ්පාදකයින්ගේ අතකොලුව ක් බවට පත්වෙලා නැහැ. ඒ බව මට ඕනෑ තැනක ඕන කෙනෙක් ඉදිරියේ කියන්න පුළුවන්.

නමුත් මේ වන විට මේ සියලු ආයතන දේශපාලන බලවතුන් සමඟ සෘජු හා වක්‍ර සම්බන්ධතා පවත්වාගෙන යනවා. ඉන් නොනැවතී දේශපාලනඥයො බොහෝ දෙනෙක් මේ වන විට මත්පැන් නිෂ්පාදනාගාර අයිතිකරු බවටත් පත්වෙලා තිබෙනවා. මත්පැන් වෙළඳසැල හිමිකරුවෝ බවටත් පත් වෙලා. එවැනි    තත්ත්වයක් මත දුම්වැටි වල මිල පාලනයක් හෝ බදු ඉහළ දැමීමක් සිදු කිරීම අපහසුයි.

ප්‍රශ්නය  –  පසුගිය දිනෙක මත්පැන්  බලපත්‍රලාභීන් ගෙ සංගමය කියා සිටියා මත්පැන් නිෂ්පාදනාගාර වලින් දිනකට රජයට අයවිය යුතු රුපියල් මිලියන 400 ක මුදලක් අයථා ක්‍රම මගින් ව්‍යාපාරිකයින් ට දේශපාලනඥයින්ට බෙදී යනවා කියා. එය සත්‍යක්ද?

පිළිතුර –  එහි සත්‍යතාවයක් තියෙන්න පුළුවන්.  අද සිටින බහුතරයක් දේශපාලනඥයින්ට   නිෂ්පාදනාගාර පමණක් නෙවෙයි එතනෝල් බලපත්‍ර පවා තිබෙනවා.  එවන් තත්ත්වයක් යටතේ සාමාන්‍ය ජනතාව අසරණ යි.

ප්‍රශ්නය – ලංකාවේ බදු ක්‍රමය යටතේ මත්පැන් දුම්වැටි සඳහා වන බදු මුදල ඉහළ දැමූ විට පරිභෝජනය අඩු වෙන බවක් දක්නට පුළුවන්. ඔබ මේ තත්ත්වය අත් විඳ තිබෙනවා නේද?.

පිළිතුර –  දෙදහස් පහළොවේ යහපාලන ආණ්ඩුව යටතේ දී අපි දුම්කොළ බද්ද 90% කින් ඉහළ දැම්මා. නමුත් කවුරුත් කතා කළේ නෑ.

ඒ වන විටත් උවමනා වෙලා තිබුණේ දුම්වැටි භාවිතය අවම කිරීම. ඒ අරමුණ ජය ගන්න එවකට අපට හැකි වුණා. බොහෝ විට බදු වැඩි කළත් දුම්වැටි මිලදී ගන්නා පුද්ගලයින්  ඔහුගේ උවමනාව මත වැඩි මිලටත් දුම්වැටි මිලදී ගන්නා අවස්ථා තිබෙනවා.

ප්‍රශ්නය –    බදු මුදල් රජයට ලබාදීම සඳහා දුම්වැටි මිල ඉහළ දැමීමට ඔබ එකඟද..?

දුම්වැටි මිල ඉහළ දැමීමට කොහෙත්ම විරුද්ධ නැහැ .  නමුත් මෙහි අංශ කිහිපයක් පිළිබඳ අප ඉතා සාවධානයෙන් අවධානය යොමු කළ යුතු වෙනවා.  රට දියුණුව කරා ගෙන යන්නේ නම්ශ්‍රම බලකායක් අවශ්‍යයයි. කාර්යය ශක්තිය නිරෝගීව පවත්වාගෙන යාමට නම් රටේ ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා. දුම්වැටි සිගරට් මත්පැන් වැනි දෑ සඳහා යොමුවී තමන්ගෙ සෞඛ්‍ය විනාශ කර ගන්නවා නම් එය රටේ පසුගාමී බවට හේතුවක් වෙනවා. ජනතාවගේ සෞඛ්‍ය ගැන අපි මුලින්ම හිතන්න ඕන .

මේ වන විට දුම්වැටි භාවිතය නිසා රටේ ජනතාවගෙන් බහුතර පිරිසකට පිළිකාමය රෝගී තත්ත්වයන්ට මුහුණ දීමට සිදුව තිබෙනවා.

මේ රටට බරපතළ තත්ත්වයක්. රටේ රජයේ රෝහල්වල ඖෂධ හිඟ නොවුනු කාලවලදීත් දුම්පානයෙන් රෝගී වන ජනතාව නඩත්තු කිරීම  අර්බුදකාරී වාතාවරණය ක් ගෙන තිබුණා.

මේ වන විට කට බංකොලොත්භාවයට පත්ව හමාරයි. රජයේ රෝහල් බහුතරයක ම දැඩි ඖෂධ හිඟයක් පවතින ඒ විතරක් නෙවෙයි ඇතැම් සල්ලි ආගාර වල ශල්‍යකර්ම  සිදුකිරීමට නොහැකි තත්ත්වයකට ඇද දැමීමට තරම් ඖෂධ හිඟය බලපාලා තිබෙනවා. එවැනි තත්ත්වයක් යටතේ දුම්පානයෙන් තවදුරටත් රෝගීන් සංඛ්‍යාව වර්ධනය වුවහොත් වුන් සඳහා ගත හැකි ක්‍රියා මාර්ග නොමැති වී යනවා. මෙය දැඩි අර්බුදයක්.

ප්‍රශ්නය –  ඉදිරි අයවැයෙන් සිගරට් මිල වැඩිවෙයිද..? එය පිළිබඳ සහතික විය හැකි ද?

එය නැවත වරක් පවතින්නේ ආණ්ඩුවේ අවංකකම මත. ඒ වෙනුවෙන් බලපැම් කන්ඩායමක් ලෙස මා හැකි උපරිම බලපෑම කරන බවට පොරොන්දු වෙනවා. එය මේ රට වෙනුවෙන් මා සතු යුතු කමක් ලෙස සලකනවා. රටක්  නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජනතාවක් අපේක්ෂා කරනවා නම් කළ යුතු එක් දෙයක් තමයි දුම්වැටිවල මිල  ඉහළ  දැමීම.  එය බොහොම පැහැදිලි ඇත්තක්.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තෙල් එපා… යාපනයේ අස්ස කෝච්චිය යළි ඇරඹෙයි… .

Next Post

මිනුවන්ගොඩ පිරවුම්හලක ටෝකන් ආරවුලක්…

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.